IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


​පොරොන්දම් ගැළපීමට පෙර මේ ගැනත් සිතන්න

අතීතයේ සිටම විවාහ වීමට පෙර ජන්ම පත්‍ර ගැළපීම හෙවත් පො​ෙරාන්දම් ගැළපීම සිරිත වේ. සමාජයේ වෙසෙන අල්ප පිරිසක් මෙය නොසලකා හරිති. පොරොන්දම් ගැළපුණත් ඉතා කෙටි කලකින් හෝ එම විවාහ ජීවිත අසාර්ථක වීම් හා බාධා ගෙනදීම් ද නැතුවා නොවේ. එසේ වීමට හේතු වී ඇත්තේ පොරොන්දම් ගැළපීම නිසි පරිදි නොවීමයි. විවාහ වීමට පෙර පොරොන්දම් ගැළපීම පමණක් ප්‍රමාණවත් නැත. පොරොන්දම් ගැළපීමට අතිරේකව ජන්ම පත්‍රවල රාශි දොළහ තුළ ඇති ග්‍රහ පිහිටීම් තුළින් ඇති කරවන බාධා හඳුනා ගැනීම ද ඉතා වැදගත් වේ.   


ඒ අනුව, ජන්ම පත්‍රවල ග්‍රහ හැසිරීම් තුළින් පොරොන්දම් සීහුම් කිරීමට පෙර විවාහය අපේක්ෂිත පුද්ගලයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් ජන්මියාගේ සිතේ ස්වභාවය, කායික මානසික ගැළපීම මෙන්ම ආයු බලය කවරේද එනම් දීර්ඝායුෂ ගෙන දෙන්නේ ද මධ්‍ය ආයුෂ ඇති කෙනෙක් ද යන්න පරීක්ෂා කර බැලිය යුතු වේ. එසේම විවාහ අපේක්ෂිතයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද පිරික්සා බැලිය යුතු වේ. මෙහිදී කල් පවතින රෝගාබාධ ඇති වේද යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ඇති බව මෙන්ම කාම බෙලහීනතා ඇති කරවන ග්‍රහ පිහිටීම් පවතී ද යන්න සුපරීක්ෂාකාරීව විමසා බැලිය යුතුවේ.   


තවද, යහපත් විවාහ ජීවිතයක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් හිමි ජන්මියෙක්ද, ව්‍යාපාරික කටයුතුවලින්, රැකියාවෙන්, වෘත්තියෙන් ධනය උපයා ගැනීමට ශක්‍යතාවක් තිබේද, ජන්ම පත්‍රයේ හිඟමනට මග සලසන ග්‍රහ පිහිටීම් පවතී ද යන්නත් විවාහයෙන් පසු ආර්ථික තත්ත්වය කෙබඳු වේද යන්නත් ගේදොර වතුපිටි යානවාහන ලැබීමට ප්‍රමාණවත් ග්‍රහ පිහිටීම තිබේද යන්නත් ජන්ම පත්‍රයෙන් විමසා බැලිය යුතු වේ. පොරොන්දම් පරීක්ෂා කිරීමට පෙර විවාහ අපේක්ෂිත ජන්මීන්ගේ අනාගත සෞභාග්‍යය, මානසික පිවිතුරු බව මෙන්ම අ​ෙන්‍යාන්‍ය සහයෝගීතාව, ආදරය හා යහපැවැත්ම කෙබඳුද යන්නත් ජන්ම පත්‍රයෙන් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. විවාහ අපේක්ෂිතයන්ගේ දරු ඵල යහපත් ද වාසනාවන්ත දරු ඵල සහිත ද යන්නත් ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් අනාවරණය කර ගත යුතුය. වර්තමාන ශීඝ්‍ර ප්‍රවණතාව වන්නේ දික්කසාද වීමයි. ඒ අනුව, ජන්ම පත්‍ර පරීක්ෂාවේදී විවාහයට බාධාගෙන දෙන ග්‍රහ පිහිටීම් පවතී ද බහු විවාහ​ යෝග පවතී ද විවාහයට අනුචිත නෂ්ට යෝග පවතී ද එසේම ඔහු හෝ අැය අනියම් සබඳතා ඇති කරන බහු පුරුෂ හෝ බහු ස්ත්‍රී සේවනයට යොමු කරවන යෝග මෙන්ම අතිධාවන කාම යෝග පවතී ද යන්නත් ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් ඉතා සියුම්ව පරීක්ෂා කර බැලිය යුතු වේ.   


ජ්‍යෝතිෂයට අනුව පොරොන්දම් බැලීමේදී විසි පොරොන්දම් විග්‍රහ, දස පොරොන්දම් විග්‍රහ, අෂ්ටකූට විග්‍රහ හා සුදර්ශන චක්‍රය වැනි සීහුම් ක්‍රම යොදා ගැනීමට ප්‍රථම ජන්ම පත්‍රවල රාශි දොළහ සම්බන්ධව සියුම් විශ්ලේෂණයක් කර ගැනීම තුළින් ඉතාමත් සාර්ථක ලෙස ජන්ම පත්‍ර ගළපාගෙන විවාහ වීම තුළින් යහපත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය. 

 

 
ජ්‍යොතීර්වේදී පී.සී. අබයතුංග, 
මලිදුව, අකුරැස්ස. 



අදහස් (0)

​පොරොන්දම් ගැළපීමට පෙර මේ ගැනත් සිතන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site