IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ අමතකවීම

අගක් මුලක් නැති කතා

 

පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා 1891 ජූනි 29 වැනිද‌ා මහනුවර දළද‌ා මාලිගාවේ පත්තිරිප්පුවේ පිහිටුවා තිබූ ප්‍රාචීන පුස්තකාලයට ගොඩවැදී ඇත්තේ පොත්පත් කියවා තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි. එහි තිබූ ඉංග්‍රීසියෙන් ලියැවුණු පොතක් කියවා පොතේ තිබූ කරුණු කිහිපයක් පෑනක් ගෙන ​කොළ කිහිපයක සටහන් කර ඇත්තේ විශේෂ අවශ්‍යතාවක් වෙනුවෙනි. තොරතුරු කොළවල සටහන් කර ගැනීමෙන් පසුව ඔහු පුස්තකාලයෙන් පිටව ගොස් ඇත.  


පුස්තකාලයෙන් පිටවී යාමෙන් පසු අවස්ථාවක තමා සටහන් තැබූ කොළ කොහිදැයි යන්න පිළිබඳව ඔහු සොයා බලන්නට ඇත. එහෙත් ඒ සටහන් තැබූ කොළ ඔහුට කිසිද‌ා සොයා ගන්නට හැකියාවක් ලැබී නැත. එම සටහන් තැබූ කොළවලට සිදුවූ දේ වසර 127ක් යනතුරු රහසක් වශයෙන් පැවතී ඇත.  


මහනුවර දළද‌ා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ වර්තමාන පුස්තකාලයාධිපති ලෙස ක්‍රියා කරන්නේ එස්. එම්. අජන්ත කුමාර සමරකෝන් මහතාය. බෙල් මහතා ලියූ සටහන්වලට සිදුවූ දේ පිළිබඳව ඔහු පවසන්නේ මෙවන් කතාවක්.  


මේ පුස්තකාලයේ පුස්කොළ හා මුද්‍රිත පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. පොත්පත් කෘමි සතුන්ගෙන් බේරාගන්ට විටින් විට පොත්පත්වලට බෙහෙත් යොදනවා. ඒ සඳහා පොත්පත් අල්මාරිවලින් එළියට ගන්නවා. එක් දවසක් බෙහෙත් යෙදීම සඳහා පැරණි ඉංග්‍රීසි පොතක් ගෙන එහි පිටු පෙරළුවා. ඒ පොතේ පිටු අතරේ සටහන් තිබූ කොළ වගයක් තිබුණා. ඉංග්‍රීසි අත්අකුරින් ලියා තිබූ ඒ සටහන් මම හෙමින් හෙමින් කියෙව්වා.  


මේ ඉංග්‍රීසි පොතෙන් උපුටාගෙන සටහන් කළ දේවල් තමයි එහි තිබුණේ. සටහනේ අග ලියූ කෙනා අත්සන යොද‌ා දිනයක් යොද‌ා තිබුණා. පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් (H.C.P. Bell) මහතාගේ අත්සනයි එහි තිබෙන්නේ. 1891 ජුනි 29 දිනය වශයෙන් යොද‌ා තිබෙනවා. බෙල් මහතා ඉංග්‍රීසි පොත කියෙව්වට පස්සේ අවුරුදු 127ක් යනතුරු කවුරුත් ඒක පෙරළලා නෑ. මම තමයි අවුරුදු 127 කට පස්සේ ඒ පොතේ පිටු පෙරළැව්වේ. බෙල් මහතාට අමතක වී දමා ගිය සටහන් තමයි එහි තිබුණේ.  

 

සටහන් ලියූ කොළ තිබුණේ මේ පිටු දෙක අතරය  

 

අජන්ත සමරකෝන්  

 

 

 

 


සටහන හා ඡායාරූප  
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ   



අදහස් (0)

ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ අමතකවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site