සිහිවටනයක පසුබිම් කතාව
“කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ...”
කොළඹ කියූ සැණින් අපේ මතකයට එන්නේ කොඩි ගහය. කලින් ගීතයෙන්ම පෙනී යන්නේ කොළඹ නගරයේ සංඛේතය වූ කලී කොඩි ගහ බවය. කොඩි ගහ කියූ සැණින් පෘතුගීසි පාලන යුගය තෙක් අපේ මතකය අවදි කරන්නේ නිතැතිනි.
බොහෝ දෙනා නිතැතින් කොඩි ගහ යට ඉපදුණා කියන්නේ කොළඹ ඉපදුණා කියන එකයි.
අමුතුවෙන් කිව යුතු නොවේ.
එ් කොඩි ගහ දැන් කෝ යැයි කියන්නට පෙර ඉතිහාසගත කතා කිහිපයක් පිළිබඳව කරුණු කාරණා විසඳාගත යුතුව තිබේ. 16 වැනි සියවසේ මුල් භාගයේ ලංකාවට පැමිණි පෘතුගීසිහු වෙළඳාමට මුල් වෙමින් මේ රටේ දේශපාලන අර්බුදකාරී තත්ත්වයෙන් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජන ගන්නට වූහ. ඔවුන් මෙරට රැඳී සිටි කාලය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 1505 - ක්‍රි.ව. 1653 දක්වා වකවානුවයි. මේ කාලවකවානුව ඉතිහාසයේ කොතරම් අපේ හදවතට කාවදින්නේ දැයි කිවහොත් අදත් කොළඹ යයි කියූ සැණින් අපේ මතකයට එන්නේ කොඩි ගහය.
මේ කොඩි ගහ ගැන කියන්නට යන විට අපට පෙනී යන්නේ ක්‍රි.ව. 1557 වූ කලී ලංකාවට ඉතා වැදගත් අවුරුද්දක් බවය. කොඩි ගහ පෙනි පෙනී නැවත නොපෙනී යමින් අපේ ඉතිහාසයේ ස්මරණය කෙරෙන මෙරට ජන ජීවිත තුළ සාදාකාලික වෙනසක් කළ වසරක් ලෙස එය සිතිය හැකිය.
කෝට්ටේ බුවනෙකභාහු රජුගේ දියණිය වූයේ සමුද්‍රා දේවියයි. ඇගේ කුසෙන් වීදිය බණ්ඩාරගේ පීතෘත්වයට දාව උපන් කුමාරයාට ධර්මපාල යන නම තබන ලදී. කුමාරයා රෝමානු කතෝලිකයකු ලෙස බෞතිස්ම ලැබූ බව ඉතිහාසය දත් අපට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කොඩි ගහ යට මම උපන්නේ යන ගීතයට පසුව මේ යුගය ගැන ජනප්‍රිය වූ ගීතය වන්නේ ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බසිනා යන ජිප්සීස් නායක සුනිල් පෙරේරා ගයන ගීතය විය යුතුය. මේ කියන ලොරොන්සෝ ද අල්මේදා ගැන අද කුඩා දරුවකුගෙන් ඇසුව ද ඔහුගේ නම අසා ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කොඩි ගහ පිහිටවපු පෘතුගීසීන් ලංකාවට ආ යුගය ගැන මත දෙකක් තිබේ. පෘතුගීසීන් මෙරටට ක්‍රි.ව. 1505 දී ආ බව එක් මතයකි. තවත් මතයක කියැවෙන්නේ පෘතුගීසීන් මෙරටට ආවේ 1506 දී බවය.
මේ පෘතුගීසි ආගමනය ගැන දීර්ඝ ලෙස පර්යේෂණ කළ අයකු නම් දිවංගත මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ය.
ලොරෙන්සෝ ද අල්මේදා පැමිණි අවුරුද්ද කවදාදැයි යන ප්‍රශ්නය පසෙකින් තබමු. මෙරට ජනතාවගේ හදවත්වල සිදුකළ රැඳි ‘කොඩි ගහ’ යන නාමයෙන්ම තවත් බොහෝ දේ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි හැත්ත මෙරට සමාජයට දායාද කළහ. ඒ විවිධ දුරාචාර බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.
සුරාව, සූදුව, මිත්‍යාව පමණක් නොව හරක් මස් හෙවත් බීෆ් කරේ දාගෙන කෑමට මෙරට සමාජයට පුරුදු කරන ලද්දේ මේ පෘතුගීසිකාරයන් විසින් බවට අප මතක් කළ යුතු නැත. කොඩි ගහ ගැන හිතන හැමවිටකම මේ දුරාචාර ගැන අප මතකයෙන් බැහැර කළ යුතු නොවේ. කොඩි ගස දකින හැමවිටකම අපේ මතකයට එන්නේ පෘතුගීසි ආක්‍රමණිකයා ගැනය. ආක්‍රමණිකයා ලෙස ඔහු මෙරට සමාජ භූමිකාව තුළ ලඝු කොට තැකිය යුතු චරිතයක් නොවේ. ලන්දේසි ආක්‍රමණිකයාට මෙහි ඒමට මඟ පාදන ලද්දේ පෘතුගීසි ආක්‍රමණිකයන් බව අප අමතක නොකළ යුතුය. ඉංග්‍රීසින්ට ද මෙරට ආක්‍රමණයට මඟ පාදන ලද්දේ මේ ද්විතිය ආක්‍රමණිකයන් විනා අන් කිසිවකු නොවේ.
කොඩි ගහ පිහිට වූ පෘතුගීසින් මෙරටට ඒමට පෙර සිංහලයා එළවළු ආහාරයට ගෙන හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වූ සදාචාරාත්මක ජාතියක් වූ බව ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව දැකගත හැකි කරුණකි. කොඩි ගහ දකින හැමවිටම අප මතකයට ගත යුතු කරුණු දෙකක් තිබේ. උනුන් පරයා මරා ගන්නා වෙළෙඳ ප්‍රවාහයටත් මුදල් කෙරෙහි නොසිඳෙන තණ්හාවටත් සිංහලයා දක්කාගෙන යන ලද්දේ පෘතුගීසිකාරයාගේ කෙවිට විසිනි.
කොඩි ගහ ගැන හොයන්නට ඉපැරණි ලේඛන අවුස්සන විට 60 දශකය තෙක් පාසල්වල ඉගැන්වූ ඉතිහාස පොත් පවා පරිශීලනයට ගන්නට සිදු විය. එක් පොතක් හඳුන්වා තිබුණේ ලංකාව හා ලෝක ඉතිහාසය යනුවෙනි. කොඩි ගහ ගැන හොයන්නට ගොස් අවසානයේ කියවන්නට වූයේ පෘතුගීසි පාලන යුගය ගැනය. මෙහිදී පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ මේ කොඩි ගහ පිහිට වූ පෘතුගීසීන් ගැන ලේඛනගත කළ ඉතිහාසඥයන් දෙදෙනකු වන රොබෙයිරෝ (Robeiro) සහ ක්වේරෝස් (Kweros) පැහැදිලිව හඳුනාගත හැකි බවය. කොඩි ගහ ගැන ඉතිහාසය කෙසේ වෙනත් ඔවුන් පෘතුගීසින් ගැන ග්‍රන්ථාරූඨ කළ ඉතිහාසය තුළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කරන ලද්දේ වුවමනාවෙන් ද නැත්නම් නොදැනුවත්කමින්දයි පසුකාලීනව ප්‍රකාශයට පත් කරන ලද ඉතිහාස ග්‍රන්ථවල ප්‍රශ්න කෙරී තිබුණි.
කොඩි ගහ තරම්ම පෘතුගීසින් ගැන අපේ ඉතිහාසයේ අදත් සිහි කරන කරුණු දෙකක් ඇත. ඉන් එකක් නම් පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි යන කියමනයි. කොළඹ සිට කෝට්ටේ දක්වා ඉතා දිගු වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ දින කිහිපයක් ගමන් කිරීමත් පරංගියා මුළා කරන්නට තැත් කළ සිංහලයාට අන්තිමේදී සිදු වූයේ තමන්ම මුළා වීමය. පරංගියාගේ කොඩි ගහ අද ද දැකගත හැකි වුව ද පරංගියා කෝට්ටේ ගිය ඇළට මොකද වුණේ යැයි අද ද ප්‍රශ්නයකි. නුගේගොඩ පරණ කාසිවැව පාරේ ගමන් කර දෙල්කඳ හන්දියට ළඟා වනවිට මේ ඇළේ කොටසක් අපට දැකිය හැකිය.
දෙල්කඳ හතරමං හන්දිය පසුකර රත්තනපිටිය දෙසට ගමන් කරන විට අලුතින් පිහිට වූ දෙල්කඳ පොළ හමුවේ පරංගියා කෝට්ටේ ගිය ඇළ දෙල්කඳ ටිකක් පසු කර යනතුරු අදත් දැකගත හැකිය. නමුත් ඉන් පසු මේ පරංගියා කෝට්ටේ ගිය ඇළ අතුරුදන් වන්නට පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා වූ යුගයේය. දැන් මේ ඇළ මත දැවැන්ත කොන්ක්‍රීට් ස්ලැබ් දමා වසා ඇත්තේ භූගත ඇළ මාර්ගයක් ලෙසය. පෘතුගීසින් මෙරටට පැමිණියේ ක්‍රි.ව. 1505 දී වුව ද ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ කොඩි ගහ ස්ථාපනය කොට ඇත්තේ ක්‍රි.ව. 1521 දී බවය. පාතුගීසින් පරාක්‍රමබාහු රජුගෙන් අවසර ඉල්ලුවේ කොළඹ ප්‍රදේශයේ ගබඩාවක් ඉදිකර ගැනීමටය. ඔවුන් රජුගෙන් ඉල්ලූ වපසරිය ගෙරිසමක ප්‍රමාණයකි. ගෙරිසම සිහින් තීරුවලට කැපූ පෘතුගීසින් එය ගැට ගසා ගත් ප්‍රමාණය අනුව කොටුව ඉදිකර ගැනීමෙන් අවසානයේ සිදු වූයේ අපේ රාජොත්තමයාණන් වහන්සේව පෘතුගීසින් විසින් රැවටීම නොවේ ද? අප කියන මේ කොඩි ගහ පිහිටවූයේ ඈතින් එන නැව්වලට මේ බලකොටුව පැහැදිලිව දර්ශනය වීමටය.
අසත්‍යයක් වුවත් නිතර නිතර කියැවෙන විට එය සත්‍යයක් ලෙස පිළිගැනෙන බවට ඇත්තේ ප්‍රකට මතයකි. එහෙත් ඔබ එය ප්‍රශ්නයක් කරගත යුතු නැත්තේ එය ලොරෙන්සෝ ද අල්මේදාගේ කියමනක් නොවන නිසාය. එම කියමන හිට්ලර්ගේ අණ දෙන නිලධාරියා වූ ගොබෙල් කියූ සුප්‍රකට කියමනකි. ලංකාවේ පෘතුගීසි පාලනය ගැන ලියැවී ඇති එකකට එකක් වෙනස් ලියවිලි අධ්‍යයනය කරන විට හිට්ලර් යුගයේ මේ කියමන ඉබේම මතකයට ඒම සිදුවන්නේ නිරායාසයෙනි.
කොඩි ගහටත් වඩා පෘතුගීසින් ගැන කියන කියමන නම් සුදු ගල් කා ලේ බිව් බවය. බුදු දහමින් පෝෂණය වූ රටක රාජාවලී කතුවරයාට වැරදුණේ කොතැන දැයි විමසා බැලිය යුතුමය. කාලාම සූත්‍රයේම ඇත්තේ ‘සැකකරව විමසා බලව’ යන උධෘතයයි.
ෙමහිදී ප්‍රශ්නය වන්නේ එදා සිංහලයා අපරදිග විදේශිකයකු ගන්නා ආහාරයක් හඳුනා ගැනීමට නොහැකි බුද්ධි හීන තත්ත්වයක සිටි බවට පැවැසීම සිංහල ජාතියට නිගාවක් බවය. මේ ගැන ප්‍රකට ඉතිහාසඥයකු වූ ටිකිරි අබේසිංහ මහතා තම ශාස්ත්‍රීය ග්‍රන්ථයක ද විචාරයකට ලක් කොට ඇත්තේ මෙසේය. ඔහු පවසන්නේ රතු පැහැති වයින් ලේ ලෙස හඳුනා ගැනීමට තරම් සිංහලයන් මෝඩයන් නොවන බවය. එදා සිංහලයන්ගේ කෑම අතර තිරිවාන ගල් මෙන් තදින් සපා කෑ යුතු ආහාර තිබී ඇත. එදා සිරිපාදේ වන්දනා කරන්නන් රැගෙන ගිය ගම් මිරිස් මිශ්‍ර අග්ගලා තිරිවාන ගල් මෙන් ශක්තිමත් නිසා තදින් සපා කෑ යුතුය. මේ අග්ගලා කල් තබා ගැනීමට හැකි නිසා සිංහලයා අතර ජනප්‍රියව පැවතුණි.
පෘතුගීසින් වයින්වලට කටගැස්ම වූයේ විස්කිරිඤ්්ඤා ය. දීර්ඝ මුහුදු ගමන් ගිය පෘතුගීසින්ට අපේ ගම්මිරිස් මිශ්‍ර අග්ගලා මෙන්ම විස්කිරිඤ්ඤා කල් තබාගත හැකි තදින් හැපිය යුතු කෑමකි. පෘතුගීසි යුගයේ අපට දායාද කළ අච්චාරු වැනි සැර ආහාර කපිරිඤ්ඤා බයිලා කලාව මෙන්ම පේස්ට්‍රි (Pastry) අදටත් ජනප්‍රිය ආහාරයි.
ෙම් පෘතුගීසි ආහාර අතර දෙල්වලට හිමි වන්නේ ද සුවිශේෂී තැනකි. පරංගින් සිංහලයන්ගේ කාය ශක්තිය දුර්වල කරන්නට දෙල් කන්නට පුරුදු කළා යැයි ද ඇත්තේ ප්‍රකට මතයකි. නමුත් පරංගි මෙරටට ගෙනාවේ දෙල් නොව අරලිය මල් බව ඉතිහාසය අධ්‍යයනයේදී පෙනී යයි. අද අපට කොඩි ගහ මතකයට ආ විට පෘතුගීසින් මතක් වන ලෙස පෘතුගීසින් මෙරටට අරලිය මල් ගෙනැවිත් ඇත්තේ මිය ගිය තම සෙබළුන් සිහිකිරීමටය. මිය ගිය සෙබළුන්ගේ සොහොන් මත සිහිවටන ලෙස සිටුවීමටය. අරලියවලට විෂ බීජ උරා ගැනීමේ සුවිශේෂී ශක්තියත් ඇත. අදත් මළගෙවල්වලට අරලිය මල් නැතුවම බැරිය.
කොඩි ගහ ගැන ඉතිහාසය සොයා යාමේදී පෙනී යන්නේ කොඩි ගහ තිබූ මේ පෘතුගීසි බලකොටුව ගොඩ නගා තිබුණේ කබොක් ගලින් හා මැටියෙන් බවටය. පෘතුගීසි සේනාංකයන් මේ බලකොටුවට පූර්ණ ආරක්ෂාව සපයා ඇත. බලකොටුවේ වට ප්‍රමාණය සැතපුම් 3 කි. මේ බලකොටුවට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන පිරිස වූයේ සිංහලයන්ට වඩා අරාබි වෙළෙඳුන්ෙග් දේශීය නියෝජිතයන් වූ මුස්ලිම් වෙළෙඳුන්ය. ඒ තමන් අත පැවැති කුළුබඩු ඒකාධිකරණය පෘතුගීසින් මංකොල්ල කෑ නිසාය. පසුව මේ බලකොටුව කාලතුවක්කු පවා සවි කොට ඇත.
ෙකාටු බැම්මේ දකුණු පසින් කැපූ දියඅගල පසු කලෙක බේරේ වැව නම් විය. අද මේන් ස්ට්‍රීට් නොහොත් කෙළින් වීදිය එදා හඳුන්වා ඇත්තේ ‘රියෝ ඩිරෙක්ටෝ’ වීදිය ලෙසය.
එදා කොළඹ කොටුවේ සිට කෝට්ටේ යාමට ගත වූ කාලය දින 3ක් ලෙස සඳහන්ව ඇති කරුණු විවාදාත්මකය.
කොඩි ගහේ උපතත් කොළඹ නගරයේ උපතත් දෙකක් නොව එකක් ලෙස ඉතිහාසය අධ්‍යයනයේදී පැහැදිලිව පෙනී යන කරුණකි. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ඉන්දියාවට පැමිණ ටික කලකින්ම මාලබාර් වෙරෙළෙහි වෙළෙඳාම් කළ මුස්ලිම් වෙළෙන්දන් පන්නා දැමුවේය.
ෙමයින් සිදු වූයේ මුස්ලිම් වෙළෙඳුන් මලක්කාවෙන් කුළුබඩු ලබාගෙන මාලදිවයින හරහා ඒඩන් වරායට හෝ පර්සියන් වරායට ගෙන යාමය.
කොඩි ගහක් ගැන කියන්නට ගොස් ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ගැන කියන්නට ගත්තේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් පැන නැගිය හැකිය. ඔහුගේ පුත්‍රයා වූයේ ලොරෙන්සෝ ද අල්මේදාය. ලොරෙන්සෝගේ පියා බලසම්පන්න නැව් කණ්ඩායමක් සමඟ පිටත් කළේ ඉන්දියාවේ දකුණ දෙසටය. ඒ මුස්ලිම්වරුන්ගේ නැව් කොල්ලකෑමටය. ලොරෙන්සෝගේ නැව් කණ්ඩායම බිහිසුණු කුණාටුවකට අසු වුණේ නැත්නම් ලංකාවේ පෘතුගීසි යුගයක්වත් කොඩි ගහක්වත් අපට දකින්නට ලැබෙන්නේ නැත.
කොළඹ නැව් තොට එදා හඳුන්වා ඇත්තේ කුමන නමින් වුව ද රජතුමාගේ මාළිගය පිහිටා ඇත්තේ ඊට හැතැප්ම හයකින් එහා කෝට්ටේය. ඒ කෝට්ටේ රාජධානි යුගයයි. එහෙත් මේ නැව් තොට ආශ්‍රිතව රජතුමාගේ බඩු ගබඩාවක් තිබූ බවට සාක්ෂි ඇත. ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බැස්ස සැණින් කොළඹ නගරය හිටිඅඩියේ පහළ වුණේවත් කොඩි ගහක් පිහිටුවුණේවත් නැත.
මෙරටට ආවා කියා ඔහුට පෘතුගීසි කොඩි කණුව පිහිටුවන්නට රජුගෙන් අවසරය ලැබුණේ නැත. ඔහුට ඊටත් වඩා ප්‍රශ්නය වූයේ මේ කොළොම්තොට අරක්ගෙන සිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. මුස්ලම් ප්‍රධානීන්ට කොහොමත් පෘතුගීසින්ගේ පැමිණීම එතරම් රිස්සුවේ නැති බව පෙනී යන කරුණකි.
ලොරෙන්සෝ ද අල්මේදා මුලින්ම කර ඇත්තේ කොට්ටේ රජු සමඟ වෙළෙඳ ගනුදෙනු ගැන කතා බස් කිරීමය. ආපසු ඒමට පෙර ඔහු තම පෘතුගීසි ලාංඡනය කොටා යන්නට ද අමතක කොට නැත. ඒ කොළඹ කොටුවේ ගෝඩන් උයනේ හෙවත් රජමල්වත්තේ සුවිසල් කළු ගලකය.
ක්‍රි.ව. 1521 තෙක් ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ලංකාවට ආ ගමන් වාර ගණන හතරක් බව කියැවේ. එහෙත් ඒ හැම වතාවේම කොළඹ නගරයේ බලකොටුවක් තනන්නට ගත් උත්සාහ ව්‍යවර්ථ විය. ඊට හේතු වුණේ එදා සිංහලයන් ඒ ගැන රජුට කරුණු කීම නිසාය. එදා කුළුබඩු එ්කාධිකාරයේ රජුන් වූ මුස්ලිම් ජාතිකයන් ඊට කිසිසේත් ඉඩ දුන්නේ නැත. නමුත් ගෙරිසමක් එළීමට ප්‍රමාණවත් බිම්කඩේ කතාව එන්නේ ඉන් පසුවය. කීතු කීතු තීරුවලට කැපූ ගෙරිසම එකින් එක ගැට ගසා සැතපුම් තුනක වපසරියෙන් යුතු බලකොටුවක් ගොඩනගන ලදී. ඉතිහාස ලේඛනවල සඳහන් වන්නේ පෘතුගීසින් ක්‍රි.ව. 1521 දී ප්‍රථම ස්ථිර බලකොටුව ගොඩ නැගීමත් සමඟ කොඩි ගහ සිටවූ බවය. නමුත් එය පිහිටුවන ලද්දේ කොටුවේ හරි මැද යැයි පැවැසීම විවාදාත්මක කරුණක් වී තිබේ. ෙකාඩි ගහ පිහිටුවා ඇත්තේ ඈතින් එන නැව්වලට පැහැදිලිව පෘතුගීසි කොඩිය දැක ගැනීමටය. කොඩි ගහ කොටුව මැද පිහිටුවා තිබුණේ නම් පැහැදිලිව පෙනී යන කරුණක් නම් කොඩි ගහ ළඟ සිට වරාය දෙසට විශාල භූමි භාගයක් හිස් බිම් තීරුවක් ලෙස තිබූ බව නොවේ ද?
මේ කොඩි ගහ තිබූ නියම තැන අද නැත. එය අසූව දශකය වනතුරුත් අතුරු අන්තරාවකින් තොරව තිබී ඇත්තේ පැරණි ‘ටයිම්ස්’ ගොඩනැගිල්ල ඉදිරිපිටය.
ඒත් ඒ ලී කොඩි කණුවක් නොවේ. පෘතුගීසින් මේ කොඩි කණුවට යොදාගෙන ඇති ලෝහ වර්ගය යකඩ නොවිය යුත්තේ මෙතරම් වසර 500කට අධික කාලයක් මෙය නොදිරා පැවැතීම නිසාය.
කොටුවේ Times of Ceylon නමින් වූ ගොඩනැගිල්ලට මුහුදු සුළඟ එන්නේ එය කොළඹ වරායට ඉතා සමීප නිසාය. කොඩි ගහ අසූව දශකය තෙක් පාතුගීසින් පිහිටවූ මුල් තැනම තිබී ඇත. ඒ කලින් කී එදා ටයිම්ස් ගොඩනැගිල්ල ඉදිරිපිටය. පෘතුගීසින්ගෙන් පසු ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් ද භාවිත කොට ඇත්තේ මේ කොඩි ගහමය.
අැත්තටම දැන් මේ කොළඹ කොටුවේ තිබූ කොඩි ගහ කෝ? එය අදත් සුරක්ෂිතව ඇත. අසූව දශකයේ කොටුවේ මංමාවත් පුළුල් කිරීමේදී එවකට අග්‍රමත්‍ය ආර්. ප්‍රේමදාස මහතා කොඩි ගහ තම වැයික්කියට රැගෙන ගියේ ඓතිහාසිකව එය පිහිටවූ තැනින් වෙනත් තැනකට ගෙනයෑම එහි ඓතිහාසික වැදගත්කමට හානියක් වන බව නොසිතා විය යුතුය. වෙන රටවල නම් මෙවැනි ඓතිහාසික සිහිවටන නගර සැලසුම් කිරීමේදී ඉවත් කිරීමක් සිදුනොවන්නේ එය ඉතිහාසය විකෘති කිරීමක් නිසා විය යුතුය.
අවසානයේ කොඩි ගහට සිදු වූයේ කුමක් ද? ප්‍රේමදාස මහතා තම කෙසෙල්වත්ත බලකොටුවට එය රැගෙන යාමයි. එහෙත් ප්‍රේමදාස මහතා තම මරණයෙන් පසු තම ප්‍රතිමාවේ තනියට මේ කොඩි ගහ සිටිනු ඇතැයි කිසිදා නොසිතන්නට ඇත. ප්‍රේමදාස මහතා මේ කොඩි ගහ කොළඹ කොටුවෙන් ගෙන ගොස් පිහිටවූ සාන්ත බස්තියම යයි ඇතැමුන් හඳුන්වන තැන පසු කලෙක හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව ගොඩනැගීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේ ද?
වජිර ලියනගේ
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පෘතුගීසීන් සිටවූ කොළඹ කොඩි ගහ