IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නව වසර සරු​ෙවන්නට අවුරුදු නැකතට බුදුගුණ මුසුකර ගන්න

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාද‌ා පෙ.ව 08.13 ට මෙවර බක් මාසයේ සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.  

 

බුදුගුණ සිහිකිරීම  


සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වෙනුවෙන් පෙළ ගස්වා ඇති නැකත් වේලාවන් උද‌ාවන විට තෙරුවනට පහනක් දල්වා බුදුගුණ සිහිකර එම චාරිත්‍ර ඉටු කිරීමෙන් උද‌ාවන නව වසර සරුවන්නට එය රුකුලක් වේ.  


සූර්ය දිව්‍ය රාජයාට මල් පැලක්  


සූර්යයා මීන රාශියෙන් මේස රාශියට සම්ප්‍රාප්ත වන්නේ 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාද‌ා උදේ 08.13 ටය.  


එසේ හෙයින්, 14 වන සෙනසුරාද‌ා උ​ෙද් 08.00 ට පෙර අලුත් ගොක් අත්තකින් මල් පැලක් සාද‌ා උතුරු දිශාව බලා නැගෙනහිර දිශාවේ සිටවා ගන්න.  


එම මල් අතු පැලේ උස අඩි 4 1/2 ක් විය යුතුය. කොළ පාට ගොක් අතුවලින් මල් පැල සාදන්න එපා.  


පුණ්‍ය කාලය  


අප්‍රේල් මස 14 වැනි සෙනසුරාද‌ා පූර්වභාග 01.49 සිට අප්‍රේල් මස 14 වැනි සෙනසුරාද‌ා අපරභාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාද‌ා පූර්වභාග 1.49 ට පළමුව (13 වන සිකුරාද‌ා ගෙවී 14 වන සෙනසුරාදාට එළිවන පාන්දර 1.49 සිට පසුදා එනම් 14 වන සෙනසුරාද‌ා අපරභාග 2.37 දක්වා) ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාල​ෙය් අපර කොටස තුළ එනම් 14 වැනි සෙනසුරාද‌ා දින පූර්ව භාග 8.13 සිට අපර භාග 2.37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ අල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.  


ආහාර පිසීම  


අප්‍රේල් මස 14 වැනි සෙනසුරාද‌ා පූර්වභාග 10.40 නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා උතුරු දිශාව බලා ලිප්බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම ඉතා ශුභයි.  


ගාථාව:-   


නමෝතස්ස  


භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ බුද්ධානුභාවේන සද‌ා සොත්ථි භවන්තුමේ  
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ ධම්මානුභාවේන සද‌ා සොත්ථි භවන්තුමේ  
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ සංඝානුභාවෙන සද‌ා සොත්ථි භවන්තුමේ  


​(මේ ගාථාව තුන් වරක් කියමින් ශුභ මොහොතේ ළිප ගිනි මොළවා නව වසරේ උදෑසන කිරිබත පිසින්න)  


බුද්ධ පූජාව  


නව වසරේ කිරිබත පිස ගැනීමෙන් පසුව තෙරුවන් කෙරෙහි මහත් බැතියෙන් යුක්තව බුද්ධ පූජාවක් තබා ‘කරණීය මෙත්ත සූත්‍රය’ කියා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදම් කරවන්න.  


සූර්ය නමස්කාරය  


ඉන්පසු රවුම් පිත්තල තැටියකට රවුමට කැපූ කෙසෙල් කොළයක් එළන්න, ඉන්පසු, රතු නෙළුම් මල් හෝ රතු මල්, කෙසෙල් ගෙඩි, පලතුරු, උක් සකුරු සහිත කිරිබත්, රතු රෙදි කැබෙල්ලක්, පිත්තල තැටියේ තබා පිත්තල තැටිය මල් පැලේ තබන්න.  


ඉන්පසු එලඟි තෙල් පහනක් දල්වන්න. ඉන්පසු රත් සඳුන් මිශ්‍ර සුවඳ දුම් අල්ලන්න.  


ඉන්පසු  


පහත සඳහන් සූර්ය දැහැන කියන්න.  


සූර්ය දැහැන  
සූර්ය දේවතාවා නමඃ  
සූර්ය දේවතාවා නමඃ  
සූර්ය දේවතාවා නමඃ  


(3 න් වරක් 07 වරක් හෝ 21 වරක් කීම ශුභයි)  


ඉන්පසු  


සූර්ය තන්ත්‍ර මන්ත්‍රය කියන්න  


ඕම් හ්රාම්, හරීම්, හ්රවුම් සාහ් සූර්යයං නමඃ  

(21 වරක් කියන්න)  


ආහාර අනුභවය  


අප්‍රේල් මස 14 වැනි සෙනසුරාද‌ා පූර්වභාග 11.53 ට නිල් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය ඉතා ශුභය.  


ගාථාව -   


නමෝතස්ස  
යං කිංචි විත්තං ඉධවාහුරංවා  
සග්ගේසු වායං රතනං පණීතං  
නනෝ සමං අත්ථි තථාගතේන  
ඉදම්පි බුද්දේ රතනං පණීතං  
ඒතේන සච්චේන සුවත්ථි හෝතු  
(03 වරක් කියන්න)  


හිසතෙල් ගෑම  


අප්‍රේල් මස 16 වැනි සඳුදා දින පූර්වභාග 10.16 ට උතුරු දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා උතුර බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් ගා දිවුල් පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම ඉතා ශුභය.  


ගාථාව -  


නමෝතස්ස  

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ  
අහෝසි මාරස්ස පරාජයෝහි  
උග්ඝෝසයුං දේව ගණා පසන්නා  
ඒතේන සච්චේන ජයස්සු මයිහං  
(03 න් වරක් කියන්න)  


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම  


අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්ද‌ා කහ හෝ රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා තෙරුවනට පහනක් දල්වා නැගෙනහිර දිශාව බලා හකුරු මිහ්‍ර කිරිබත් හා කැවිලි අනුබව කර උ​ෙද් 06.03 ට නැගෙනහිර දිශාව බලා පහත සඳහන් ගාථාව කියා දකුණු පය පෙරට තබා රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම ඉතා ශුභය.   


ගාථාව -   


නමෝතස්ස  
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ බුද්ධානුභාවේන සද‌ා සොත්ථි භවන්තුමේ  
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ ධම්මානුභාවේන සද‌ා සොත්ථි භවන්තුමේ  
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ සංඝානුභාවේන සද‌ා සොත්ථි භවන්තුමේ  
(03 වරක් කියන්න)  

 

 

 

සුභ නව වසරක් වේවා ! 

 

 

 

 


​ෙජ්‍යාතීර්වේදී 
වසන්ත කුරුප්පු 
රම්මුතුගල,  කඩවත  
011-2969626  

 
 



අදහස් (0)

නව වසර සරු​ෙවන්නට අවුරුදු නැකතට බුදුගුණ මුසුකර ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site