IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


නිවසේ පහන් පැල ඔබට හිතෙන තැනක හදන්න එපා

 

වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් තමන් පදිංචි නිවස ඉදිකිරීමට කුඩා පහන් පැලක් හෝ දේව මන්දිර ඉදිකර ආගමික වතාවත් පවත්වයි. ඒ සඳහා තමා කැමති ස්ථානයක් තෝරා ගනිති. එහෙත් තම හිතුමතයට පහන් පැල තනා ගැනීමෙන් අයහපත් ප්‍රතිඵල අත්විය හැක. විශේෂයෙන් පහන් පැලක් තනා ගැනීමේ දී ප්‍රථමයෙන් ඒ සඳහා සුදුසු වන්නා වු ශුභ දිශාවන් තොරා ගත යුතුය. 

 
මේ සඳහා ඉතාම සුදුසු ඊසාන දිශාවය.   


ඊසාන දිශාවට අමතරව උතුරු දිශාව හා නැගෙනහිර දිශාව ද මේ සඳහා සුදුසු වේ. ඊශාන දිශාව මරු නැති දිශාව වශයෙන් සැලකෙන අතර බුදුවරු බුදුවීමේදී  වැඩ සිටින්නේ නැගෙනහිර දිශාව බලාගෙන නිසා නැගෙනහිර දිශාව ඕනෑම කටයුත්තක් සඳහා ශුභ දිශාවක් වශයෙන් සැලකේ. මේ අනුව තම නිවස ඉදිරිපිට තම පහන් පැල තබා ගැනීමට උතුර ඊශාන නැගෙනහිර යන දිශාවන් ඉතාම සුදුසු වේ.   


ගෙමිදුලේ පහන් පැල ඉදිකරන තැන ඉතා පිරිසිදු ස්ථානයක් විය යුතුය. එසේම සමන්පිච්ච ආදි සුවඳ දෙන මල් වර්ගයක් සිටුවිය යුතුය. කටු සහිත පදුරු, උණ ගස් ආදිය ගැන ආදිය භූභ නැත. නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පහන් පැල තිබීම ඉතා අභූභ වන අතර එහි ආලෝකය ප්‍රධාන දොරටුව වෙත එල්ල වීම ද අශුභය.   
එමෙන්ම පහන්පැල අලංකාරවත් අයුරින් සාදා ගත යුතුය. පිරිසිදු විය යුතුය. පහන් පැල තබන මළුව සුදු වැලි අතුරා සීමා කර ගත යුතුය. තම ගෙවත්තේ හෝ ගෙමිදුලේ පිහිටුවා ගන්නා මෙම පහන්පැල තම නිවසේ දොර, ජනෙල් , බිත්ති මුළු වහලේ මුදුන් යටලී පොකුණු ඇල් ගේට්ටුවලට කෙලින්ම එල්ල වන සේ තැබීම නොකළ යුතුය. එසේ වීමෙන් අශුභ විපාකයන් ඇති කරන්න වූ දෝෂයන් බවට පත්වේ.   


තම නිවස ඉදිරිපිට පහන් පැලක් තැනීමට පෙර භූමි පරීක්ෂාවක් පළමුවෙන් කළ යුතුය. මෙවැනි පහන් තැබීම්වලට තෝරා ගත යුත්තේ පිරිසිදු හා නිශ්චල ස්ථානයකි. ඉඩමේ ප්‍රේත පාදය අසුවන කොටස මැන බලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට නියමිත දුර ප්‍රමාණය අනුව පහන්පැල ඉදිකිරීම ඉතා වැදගත්වේ.   


ඒ අනුව පහන් පැල තනන විට නිවසේ ඉදිරිපස සිට ගෙබිමේ ඉදිරියට මායිම් දක්වා ඇති දුර ප්‍රමාණය අඩිවලින් මැන එය ප්‍රමාණය 9 යෙන් බෙදා පහ සහ හය වන කොටස් දෙක තුළ තැනීමෙන් බොහෝ ශූභ පළ ලැබේ.   


විශේෂ දෙවි කෙනෙකු අරමුණු කර නොගෙන පහන් පැලක් සාදන්නේ නම් තමා තනන පහන් කූඩුව එය ස්ථාන කොටස් තුනකට බෙදා විෂ්නු, ඊෂ්වර, කතරගම, දෙවියන්ගේ රූප සමග පහන් තුනක්ද වෙනම දැල්විය යුතුය.  


මෙසේ සාදාගත් පහන් පැලේ පළමුවරට පහන් දැල්වීම ​ශෝධුලි මුහුර්ථය යොදා ගනිමින් එනම් සවස 6 ත් 6.30 ත් අතර ඉඩමේ හා නිවසේ සකල දෝෂ දුරුවී නෙත සැලසෙන බව කියැවේ.   


දෙවියන් වෙනුවෙන් දැල්වෙන පහන් ද දැල්විය යුත්තේ රාත්‍රි 10 න් පසුවයි. දෙවියන්ට පහන් දල්වා තමා කැමති ස්තෝත්‍ර ගායනා කර කරනීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දීමෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ. එහෙත් දෙවියන් උදෙසා දල්වන ලද පහන් අතරමග නතර කළ හොත් මානසික අසහන කරදර ඇතිවේ.   
බොහෝ දෙනෙත් සිද්ධ සූනියම් දෙවියන්ට පහන් තබති සමහරු 6, 7, 8. 9 වේලාවන් වලදි සූනියම් දෙවියන්ට පහන් තබති. නමුත් මෙම පහන නියමිත දෙවියන්ට කැපවුනා දැයි පහත සඳහන් පහන් තැබීමේ වේලා සටනින් ඔබටම බලාගත හැක.   


දේව දිෂ්ටි හා යක්ෂ දිෂ්ටි බලපාන වේලාවන්   


දවසේ 24 පැය තුළ උදේ / සවස / රාත්‍රී  


6.00 සිට 6.24 දක්වා - මහ පොහොන් දිෂ්ටිය   
6.24 සිට 6.48 දක්වා - රීරි යක්ෂ දිෂ්ටිය   
6.48 සිට 7.12 දක්වා - සූනියම් ඔඩ්ඩිසි යක්ෂ දිෂ්ටිය   
7.12 සිට 7.36 දක්වා - කඩවර යක්ෂ දිෂ්ටිය   
7.36 සිට 8.07 දක්වා - කලුකුමාර දිෂ්ටිය   
8.07 සිට 8.24 දක්වා - භද්‍රකාලි දේව දිෂ්ටිය   
8.24 සිට 8.48 දක්වා - මදන යක්ෂ දිෂ්ටිය   
8.48 සිට 9.12 දක්වා - ගොපලු යක්ෂ දිෂ්ටිය   
9.12 සිට 9.36 දක්වා - බහිරව දේවතා දිෂ්ටිය   
9.36 සිට 10.01 දක්වා - කොහොඹ යක්ෂ දිෂ්ටිය   
10.01 සිට 10.23 දක්වා - ගම්භාර දේව දිෂ්ටිය   
10.23 සිට 10.47 දක්වා - දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය   
10.47 සිට 11.11 දක්වා - කතරගම දේව දිෂ්ටිය   
11.11 සිට 11.36 දක්වා - වීර මුණ්ඩ දේව දිෂ්ටිය   
11.36 සිට 12.00 දක්වා - සත් පත්තිනි දේව දිෂ්ටිය   
12.00 සිට 12.12 දක්වා - සරස්වතී දේව දිෂ්ටිය   
12.12 සිට 12.24 දක්වා - විෂ්ණු දේව දිෂ්ටිය   
12.24 සිට 12.36 දක්වා - ඊෂ්වර දේව දිෂ්ටිය   
12.36 සිට 1.00 දක්වා සිවුවරම් දේව දිෂ්ටිය   
1.00 සිට 1.24 දක්වා - සමන් දේව දිෂ්ටිය 
1.24 සිට 1.48 දක්වා -  විභීෂණ දේව දිෂ්ටිය   
1.48 සිට 2.00 දක්වා - ශක්‍ර දේව දිෂ්ටිය   
2.00 සිට 2.24 දක්වා - නවග්‍රහ දේව දිෂ්ටිය   
2.24 සිට 3.00 දක්වා - යම දේව දිෂ්ටිය   
3.00 සිට 3.24 දක්වා - මරු​ගේ අනිෂ්ට දිෂ්ටිය   
3.40 සිට 3.48 දක්වා - මහි මේඛලා දිෂ්ටිය   
3.48 සිට 4.00 දක්වා - අසුර දිෂ්ටිය   
4.00 සිට 4.24 දක්වා - පංච ශිව දේව දිෂ්ටිය   
4.24 සිට 5.00 දක්වා - චිත්‍රනී මරදුතියන්ගේ දිෂ්ටිය   
5.09 සිට 5.24 දක්වා - ධර්ම දේවතා දිෂ්ටිය   
5.24 සිට 5.48 දක්වා - මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය   
5.48 සිට 6.00 දක්වා - සන්නි දේව දිෂ්ටිය   


මේ අනුව දේව පහන් තැබීමේදී මේ පෘථිවිය මතට දේව දිෂ්ටිය වැටෙන වෙලාවන් පිළිබඳ සැලකිලිමත් වී පහන් තැබීම වැදගත් වේ.   


දෙවියන්ට ප්‍රිය වන්නේ කුසල්ය. ඒ අනුව තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකු ඉතාමත් බැති සිතින් අටමහා කුසල් රැස්කරගෙන සිට නැවත දෙවියන්ට ඒ පිං අනුමෝදන් කරවීමෙන් එම පුද්ගයාට විපතක් අපල උපද්‍රවයක් පැමිණි විට සත්‍ය ක්‍රියාවන් ​නොව දෙවියන්ගේ පිහිට පැතිය හැක. එසේ දැහැමිව ජීවත් වන අයට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ.   

 

 


ජ්‍යොතිර්වේදී වාස්තුවේදී තූෂාර වික්‍රමසිංහ   
317, දාගොන්න (වැව පාර) මීගමුව



අදහස් (0)

නිවසේ පහන් පැල ඔබට හිතෙන තැනක හදන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1050 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site