IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘නත්තල් තරුව’ තරුවක් නොවෙයි

අහස කැලැඹූ අපූරු සිදුවීමක්

 

 

නත්තලේ අසිරිය නත්තල් තරුවයි. මෙය බෙත්ලෙහෙම් තාරකාව යනුවෙන් ද හැඳින්වෙයි. ප්‍රඥාවන්තයන් (රජවරු) තිදෙනාට, ජේසු බිලිඳා සොයා ඒමට මඟ පෙන්නුවේ මෙම බෙත්ලෙහෙම් තාරකාවයි. බෙත්ලෙහෙම් තාරකාව ගැනත් එහි සුලමුල සොයා ගැනීමටත් තාරකා විද්‍යාඥයෝ වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වූහ. ඔවුන් පෙන්වා දෙන අන්දමට නත්තල් තරුව, ‘තරුවක්’ නොවෙයි. එය, එදා ඒ සුවිශේෂ දිනය දා, රෑ අහසේ දිස්වුණු ‘සුවිශේෂී’ සිදුවීමකි.

ඉතිහාස වාර්තා අනුව, තාරකා විද්‍යාවේ සහ බයිබලයේ සඳහන් වන අන්දමට, තාරකා විද්‍යාඥයෝ නව තාක්ෂණය යොදා ගනිමින් ගණනය කිරීම් කරමින් නව අධ්‍යයනයක් සිදු කළහ. එම අධ්‍යයනය අනුව, විද්‍යාඥයන් පවසන්නේ, ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වුණු මෙම තරුව, තරුවක් නොව, මේෂ රාශිය සහ ග්‍රහලෝක කිහිපයක්, හිරු සමඟ එක එල්ලයට පිහිටීමක් කියායි. එම ග්‍රහලෝක වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බෘහස්පති, පෘථිවිය සහ සඳය. මේවා හිරු සමඟ එක එල්ලයට පිහිටි අවස්ථාවේදී, දීප්තිමත් ආලෝකයක් දිස්විය. මෙම ‘පිහිටීම’ අභ්‍යවකාශයේ සිදුවුණු ඉතා විරල සිදුවීමක් යැයි ද තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.


මෙම නව අධ්‍යයනය සිදු කිරීමෙහිලා පුරෝගාමියා වූයේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්ව විද්‍යාලයේ ‘න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්වසම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස්ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ මහාචාර්යවරයා බෙත්ලෙ​ෙහම් තාරකාවේ සුලමුල සෙවීමට වෙහෙසුණු එක් අයකු ලෙස පිළිගැනෙයි.


‘නත්තල් තාරකාව ගැන සුලමුල සෙවීමට මම විතරක් නොවෙයි, බොහෝ තාරකා විද්‍යාඥයන් සහ භෞතික විද්‍යාඥයන් වසර ගණනාවක් තිස්සේ වෙහෙසුණා. නත්තල් තරුව දිස්වුණේ කොහොමද ? ඒක මොන වගේද ? ඒක දකින්න ලැබුණේ කීයටද ? කවදාද ? අපේ හිරු තරුවක්. අප සෞරග්‍රහ මණ්ඩලයේ ආසන්නම තරුව ඇල්ෆ් සෙන්චූරි. රෑ අහසේ දිස්වන තරු අලෝකවර්ෂ බිලියන ගණනක් ඈත විශ්වයේ ඇති ඒවා. ඉතිං නත්තල් තරුව, එසේත් නැතිනම් බෙත්ලෙහෙම් තරුව කියා දිස්වුණේ මොන තරුවද ? මේක බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.


‘අතීත තරු සටහන් අනුව නම්, ජේසු උපත සමයේ අහසේ දීප්තිමත් තරුවක් දිස්වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඊට හේතුව, දීප්තිමත් තරුවක් අපට කිට්ටුවෙන් නැති නිසා. වැඩිදුර සොයා බලද්දී තමයි පැහැදිලි වුණේ. ඒක තරුවක් නොවේ. ඊට වඩා වෙනස් අපූරු සංසිද්ධියක් බව’ යැයි මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස් බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් පුවත් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටී.


ගවලෙනේ උපන් ජේසු බිලිඳා බැහැදැකීමට වටිනා තෑගිබෝග ද රැගෙන පැමිණි තිදෙනා ‘රජවරුන්’ ලෙස පැවැසෙයි. ‘රජවරුන්’ යන අරුතින් මොවුන් අර්ථ ගන්වා ඇත්තේ ඔවුන් ‘ප්‍රඥාවන්තයන්’ නිසාය. ඉතිහාස වාර්තාවලට අනුව, මොවුන් තිදෙනා ලොව පැරැණිතම ‘සොරෝවැස්තියම්’ ආගමට අයත් පූජකවරුන් තිදෙනෙකි. මොවුන් පුරාණ බැබිලෝනියා සහ මෙසපොතේමියා පූජකවරුන බව ද පැවැසෙයි. ‘සොරෝවැස්තියම්’ ආගම බිහි කළේ සොරෝතස්තාර් (ග්‍රීක බසින් සොරෝඇස්ටාර්) පූජකවරයාය. ඒ, අවුරුදු 3,500 කට පෙර පර්සියාවේය. පර්සියාව යනු අද ඉරානයයි. 
‘සොරෝවැස්තියම්’ දහමේ දහම් කරුණු ඇතුළත් ගාතා අඩංගු වන පුස්තකය ඇවෙස්තා යනුවෙන් හැඳින්වෙයි. බහුදේව වාදයක් පැවැති අවදියක සොරෝතස්තාර් ඉගැන්වූයේ සිටින්නේ එක් දෙවියකු පමණක් කියාය. එම දෙවියන් සහ එතුමන්ගේ බලය ‘අහුරාමස්ඩා’ යනුවෙන් හැඳින්වෙයි. මෙම දෙවියන් විශ්වයේ ‘ආශා’ පාලනය කරන බව ‘සොරෝවැස්තියම්’ දහමේ විශ්වසය වෙයි. ‘ආශා’ යනු හරි දේ, යහගුණ සහ යහපත යන්නය. මෙම යහපතට ප්‍රතිවරුද්ධ බලය එසේත් නැතිනම් නපුර හැඳින්වෙන්නේ ‘ඩ්‍රාජ්’ යනුවෙනි.


මේෂ රාශියට හිරු, බෘහස්පති, පෘථිවිය, සඳ සහ සෙනසුරු එක එල්ලයට පිහිටද්දී, සිකුරු ග්‍රහයා අනෙක් පසින් මීන රාශියටත්, බුද සහ අඟහරු වෘෂභ රාශියටත් සමාන්තරව පිහිටියේ යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. ජේසු තුමන්ගේ උත්පත්තිය සිදුවුණු අවස්ථාවේදී ග්‍රහ පිහිටීම මෙය විය. ජේසු බිළිඳාගේ උත්පත්ති මොහොතේ සිදුවූ මෙය තාරකා විද්‍යාත්මකව මෙම ග්‍රහ පිහිටීම සුවිශේෂී දුර්ලභ සංසිද්ධියකි. තාරකා විද්‍යාඥයන්ට අනුව, මෙවැනි ග්‍රහ පිහිටීමක් යළි සිදුවී, රාත්‍රී අහසේ යළි දීප්තිමත් ආලෝකයක් දිස්වනු ඇතැයි පැවැසෙන්නේ, තව වසර 5,00,000 කිනි.

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

‘නත්තල් තරුව’ තරුවක් නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1045 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site