IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නැකත් හදන හැටි

එක් එක් කාර්යයන් සඳහා සාදන නැකත් එදින තිබෙන රාශිය අනුව බලවත් විය යුතුය. ඒ අනුව අධ්‍යාපන කාර්යයක දී බුධ බලවත් විය යුතුය. ගෙවල් සම්බන්ධ කරුණක දී ගුරු බලවත් විය යුතුය. එමෙන්ම විවාහ සම්බන්ධ කරුණක දී සිකුරු බලවත් විය යුතුය. වෙනත් කරුණු සම්බන්ධයෙන් ගුරු සිකුරු වැනි ග්‍රහයින් බලවත්ව සිටිය දී ද ගනු ලැබේ. 2018 අගෝස්තු මාසයේ පළමු දිනය හැර අනෙක් සෑම දිනයකදීම සිකුරු නීච හෙවත් බලයේ අඩුම අවස්ථාවේය. එසේ තිබිය දී අගෝස්තු මාසයේ විවාහ මංගල නැකත් සාදන්නේ කෙසේද?   


මංගල උත්සවයකට ශාලාවක් ලබාගැනීම සඳහා මංගල උත්සව පවත්වන හෝටලයකට මම ගියෙමි. අගෝස්තු 23 වන බ්‍රහස්පතින්දා එම හෝටලයේ මංගල උත්සව හතකි. එහි වැඩ කරන අය කීවේ අවුරුදු ගණනකින් මෙවැනි නැකත් දිනයක් පැමිණ නැති බවයි. සිකුරු නීච දවස්වල විවාහ මංගල නැකත් සාදන සිරිතක් නැත. ඒ ශුභ ඵල නොදෙන බැවිනි. අධ්‍යාපන කරුණක් වන දරුවන්ට අකුරු කියවීමේ නැකත් සාදනු ලබන්නේ බුධ බලවත්ව තිබියදීය.   


සරස්වතී යෝගයෙන් අකුරු කියවීම ඉතා ​ෙහාඳය. සරස්වතී යෝගයේ එක් අවස්ථාවක් වනුයේ බදාදා දිනයක උදේ කාලයේ දී රවි බුධ කන්‍යා ලග්නයේ සිටීමයි. මෙහිදී අධ්‍යාපන කාරක බුධ උච්ච වීම ඉතා යහපත් වේ. උච්ච යනු බලයේ උපරිමයේ සිටින අවස්ථාවයි. එසේම විවාහයේ දී සිකුරු උච්චව නොතිබුණත් බලවත් විය යුතුය. නීච වීම හොඳ නැත. අශුභ ඵල උදා කරයි.   


අගෝස්තු 23 වනදා බ්‍රහස්පතින්දාවකි. එදින මරු සිටින්නේ දකුණු දිශාවේය. ඒනිසා දකුණු දිශාව නොබැලිය යුතුය. පෝරුවේ චාරිත්‍ර සඳහා උදය වරුවේ සාමාන්‍යයෙන් යොදා ගත හැකි වනුයේ උදේ 09.04 න් පසුවය. (උදේ 6, 7, 8 පමණ වේලාවලදී සාමාන්‍යයෙන් පෝරුවේ චාරිත්‍ර කරනු​ නොලැබේ)   


උදේ 09.04 සිට 10.04 දක්වා සිකුරු හෝරාවය. නැකත් වේලාවට තත්කාල කේන්ද්‍රයක් සාදනු ලැබේ. එම වේලාවට ග්‍රහයින් සිටින ආකාරය එයින් දැක්වේ. එහි ලග්නය කන්‍යාවයි. එවිට ශුභ දිශාව හෙවත් චන්ද්‍රයා සිටින දිශාව වනුයේ දකුණය. ඒනිසා දකුණ බැලිය යුතු වුවත් මරු සිටින්නේ දකුණේ නිසා දකුණ බැලිය නොහැකිය. ඒනිසා දකුණු දිශාවට දකුණු අත යොමු කර කටයුතු කළ යුතු වේ. එවිට බැලෙන්නේ නැගෙනහිර දිශාවය.
එදින පවතින උත්‍රසල නැකත අනුව බැලිය යුත්තේ දකුණය. (බස්නාහිර ද බැලිය හැකි වුවත් එයට සමාජයේ කැමැත්තක් නැත.) උත්‍රසල නැකත හා කන්‍යා ලග්නය නිසා දකුණ බැලිය යුතු වුවත් බ්‍රහස්පතින්දා නිසා දකුණ බැලිය නොහැකිය. එවිට සමහරු කරන්නේ නැගෙනහිර බැලීමය. බ්‍රහස්පතින්දාට නැගෙනහිර බැලීමට බාධාවක් නැතත් එය සම්පූර්ණයෙන් වැරදිය. මෙතැන ලොකු ගැටුමක් ඇති වේ. රවි එකොළහට තබා නැකත් සෑදීමෙන් දෝෂ භංග වෙතත් රවි එන්නේ එකොළහට නොව දොළහටය. ඒ නිසා එය ද කළ නොහැකි වේ. එසේ නම් මෙම ගැටලුව විසඳන්නේ කෙසේද? කළ යුතු එකම දෙය එදින අතහැර වෙනත් දිනයක් ගැනීමය. මෙම කාලයේ සිකුරුත් නීච නිසා එම දිනය අතහැරීමට මැළි නොවිය යුතුය. සිකුරු බලවත්ව තිබුණා නම් බලන දිශාව වැරදි වුණත් කමක් නැතැයි සිතමු. සිකුරුත් නීචව තිබියදී වැරදි දිශාවක් බලා නැකත් ගන්නේ කුමටද? කැලැන්ඩරයේ වෙනත් ශුභ දින ඕනෑ තරම් තිබේ. ශුභ නැකත තිබෙන දවස සොයා අප එතැනට යා යුතුය. අපට අවශ්‍ය දිනයට නැකත එන්නේ නැත.   


කන්‍යා ලග්නයෙන් වැඩ කිරීමේ දී ශුභ ග්‍රහයකු වන සිකුරු ලග්නයට ආවත් එම සිකුරු නීච නිසා එය යොදා ගැනීම අනුමත කළ නොහැකිය. නීච ග්‍රහයකු ලග්නයේ තැබීම අශුභ ඵල ඇතිවීමට හේතුයි.   


සිකුරු හෝරාවෙන් පසුව එන බුධ චන්ද්‍ර හෝරාවලින් වැඩ කිරීමේදී ලග්නය වශයෙන් තුලා එයි. එවිට රවි එකොළහට පැමිණේ. රවි එකොළහට තබා වැඩ කිරීමෙන් දෝෂ භංග වන බව පැවැසේ. ඉහත සඳහන් මංගල උත්සව හතේ නිර්මාතෘවරයන් වැඩි දෙනෙකු යොදා ගන්නට ඇත්තේ මේ න්‍යායයි. එහෙත් එය යොදන්නේ හදිසි කරුණක දී පමණි. එය සෑම අවස්ථාවකම යොදා ගන්නේ නැත.   


විවාහය යනු මාස ගණනක, සමහර විට අවුරුද්දක පමණ කාලයක සිට සංවිධානාත්මකව කරන දෙයකි. ඒනිසා රවි එකොළහට තබා දෝෂභංග කිරීමට අවශ්‍යතාවක් නැත. ඕනෑතරම් කාලය ලබාගෙන හොඳ දවසක යොදාගත හැකි මංගල අවස්ථාව ශුභ වේලාවකම කළ යුතුය. 23 වනදා සවස් කාලයේ පෝරුවේ චාරිත්‍ර කරතොත් ලග්නයට එන්නේ වෘශ්චික, ධනු හෝ මකරය. එවිට ලග්නයට ශුභ ග්‍රහයකු ගැනීමට නොහැකි වේ. ඒනිසා සවස් වරුවේ ද පෝරුවේ චාරිත්‍ර කළ නොහැකි වේ. පෝරුවේ චාරිත්‍ර ගැන මෙසේ සඳහන් කළේ මංගල උත්සවයේ ප්‍රධාන නැකත ගන්නේ පෝරුවේ චාරිත්‍ර සඳහා නිසාය.   


ජ්‍යොතිෂ්‍යයේ අමාරුම කාර්යය නැකත් සෑදීමය. එයිනුත් පෝරුවේ චාරිත්‍ර උදේ 9-10 වැනි වේලාවකට ගැනීම තවත් අමාරුය. අමාරු වුවත් වැරදියට නැකත් සාදා මිනිසුන්ගේ ජ්‍යොතිෂය කෙරෙහි ඇති විශ්වාසය නොකඩමු. මිනිසුන්ට ජ්‍යොතිෂයේ පිහිට ලබාගැනීමට ඉඩදෙමු.   

 

 


ජ්‍යෝතීර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති, 
ඒ.ඩී. කරුණාතිලක, 
32 ගලවැටි මෝදර පාර, නල්ලූරුව, පානදුර.   



අදහස් (0)

නැකත් හදන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2092 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site