IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


දෙල්ලව

ගමක නම හැදුණු හැටි

 

ගාලු නගරය ද තල්පේ පත්තුව ද
ගඟ බඩ වැල්ලබඩ ගිහිනිදුම් පත්තුව ද
බෙන්තර වලල්ලාවිට යන කෝරළ ද
කොටස් හයෙන් යුතු වේ ගාලු ජනපද


ඉහත සඳහන් කවිය ගාලු දිසාවේ පත්තු හා කෝරළ දැක්වෙන පැරණි කවියකි. එහි සඳහන් ගිනිදුම් පත්තුවේ සිංහරාජ වනපෙත ආසන්නයේ පිහිටි ඉපැරණි සුන්දර ගම්මානයක් ඇත. ගාලු දිසාවෙන් උඩුගම, තවලම, නෙළුව මාර්ගයේ පොල්ගම්පල නමින් ද මාතර දිසාවෙන් මොරවක, නෙළුව මාර්ගයේ දංගල ගමින් ද පිවිසිය හැකි මෙම ගම්මානය දෙල්ලව නමින් හැඳින්වේ.


ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන අලංකාර කඳු වළල්ලකින් වටවුණ පෙනෙන තෙක් මානයේ තේ වගාවෙන් සරුසාර වූ පෙදෙසකි. ගම මැදින් ගලා බසින දෙල්ලව ඇළ ගමටම අමුතු අලංකාරයක් එක්කරයි. පැරණි සිංහල රජ දරුවන් විසූ බවට හේතු සාධක ඇති අතර මෙම ගම මැදින් ඔවුන් ගමන් කළ අවස්ථාවක දෙල් ගස් බහුලව තිබුණු බැවින් දෙල් ලවලක් යැයි පැවසූ බවත් එනිසා දෙල්ලවල පසුව දෙල්ලව නමින් හැඳින්වූ බවත් ගමේ වැඩිහිටියෝ පවසති.


එය තහවුරු කර ගැනීම සඳහා එක පැත්තකින් පිහිටි පනාගොඩ කොස් ගස් බහුලව තිබුණ බැවින් එම නමින් ද අනෙක් පැත්තෙන් පිහිටි මිල්ලව ගම මිල්ල ගස් බහුලව තිබුණු බැවින් ඒ නමින් ද හඳුන්වා ඇත. ගමේ පිහිටි පාසල වසර එකසිය දහයකට වඩා පැරණි අතර දෙල්ලව මහ විදුහල නමින් අද හැඳින්වේ. ගමේ පිහිටි විහාරස්ථානය වසර සියයකට වඩා පැරණි අතර එය දෙල්ලව ශ්‍රී නාථාරාම පුරාණ විහාරය නිමින් හැඳින්වේ.
මෙම ගමෙන් පැවිදි වූ මුල්ම යතිවරයා වසර දෙසීයකට වඩා අතීතයකට අයත් වන අතර උන්වහන්සේ දෙල්ලව තෙරුන්නාන්සේ නමින් හඳුන්වා ඇත.


ඉන් පසුව මලිදුව පුවක්වත්ත පුරාණ විහාරයේ වැඩසිටි අතිගරු දෙල්ලව ධම්මරතන මාහිමි, අකුරැස්ස දියලපේ පුරාණ විහාරයේ වැඩසිටි පූජනීය දෙල්ලව ඛේමානන්ද මාහිමි, බෙරලපනාතර පුරාණ විහාරයේ වැඩසිටි පූජනීය දෙල්ලව සිරිපියරතන නාහිමි, දෙල්ලව පුරාණ විහාරයේ වැඩසිටි පූජනීය දෙල්ලව පුඤ්ඤානන්ද මාහිමි, මොරවක ගණේගොඩ රජමහා විහාරයේ වැඩසිටි පූජනීය දෙල්ලව සුසිල පඬිහිමි මෙම ගමේ නම රටට රැගෙන ගිය මහා යතිවරු වෙති.


මෙම ගම්මානය අද දෙල්ලව, මියනවතුර, දේවාලේගම නැගෙනහිර, දේවාලේගම බටහිර යනුවෙන් ග්‍රාම නිලධාරි වසම් සතරකට බෙදී ඇත. මෙහි එක පැත්තකට සීමා වූ ඇළ දෙල්ගහඇළ නමින් හඳුන්වන අතර මෙම ගමින් දෙල්වක්කඩ ලියනගේ නමින් ගිහි පරපුරක් ද බිහිවී ඇත.

 

දෙල්ලව ජිනරතන නාහිමි
ශ්‍රී නාථාරාම පුරාණ විහාරය
දෙල්ලව



අදහස් (0)

දෙල්ලව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1684 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site