IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


දරුඵල නැතිද ?

 

 

කෙතරම් හොඳින් පොරොන්දම් ගළපා විවාහ වුවද දරුවන් ලැබීම ප්‍රමාද වීම හෝ දරුවන් නොමැති විවාහක යුවළවල් ඇත. අපේ මුතුන් මිත්තන් කල එක් පවුලක දරුවන් 10-12 ක් පමණ විය. දැන් දැන් පවුල්වල සිටින්නේ ඉතා අඩු දරුවන් සංඛ්‍යාවකි. මෙයට බලපාන ප්‍රධාන සාධක වන්නේ වත්මන් ආහාර රටාව සහ අහිතකර කෘෂි රසායනිකයන් විය හැක.   තවද විවාහයට ප්‍රථම වූ සම්බන්ධතා නිසා දරු ගැබක් හටගෙන එය නැතිකර දැමීමට විවිධ ඖෂධ වර්ග සහ ගොඩවෙදකම් කිරීමෙන් දිගටම දරුවන් නැතිවිය හැක. තවද ස්ත්‍රීන්ගේ ගර්භාෂ ගත විවිධ අසනීප නිසාත් හො​්මෝන ක්‍රියාකාරිත්වයේ විෂමතා නිසාත් දරුඵල නැතිවේ. තවද මල්වර දිනයේ තනි වී අමනුෂ්‍ය දෝෂ නිසාත් ප්‍රශ්න ඇති වේ. ඒවා යාතු කර්ම මගින් ඉවත් කළ යුතු වේ.   


දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණයකින් සතුටුදායක තත්ත්වයක සිටී නම් එසේ තිබියදීද දරුඵල නැතිනම් සුදුසු යාතු කර්ම ඇත. මෙහිදී ස්ත්‍රියගේ ශරීරයේ අමනුෂ්‍ය දෝෂයක් ඇතිනම් ඉවත්කර ඉනට දරු සම්පත් යන්ත්‍රයක් දැමීම සුදුසුය.   


වර්තමානයේ ජ්‍යොතිෂ්‍ය දැනුම නැතැත් ඇතැම්හු පංචාංග ලිත භාවිත කරයි. මෙහිදී මොවුන් ස්ත්‍රියගේ නැකත ඉදිරියේ ඇති නක්ෂත්‍ර සංඥා සහ පුරුෂයාගේ නක්ෂත්‍ර සංඥා ගළපා පූර්ව නිගමනවලට පැමිණේ.   


දෙදෙනාම කිරි නැති හරවෘක්ෂ වුවහොත් දරුඵල නැතැයි පූර්ව නිගමනවලට ඒම වැරදිය. එසේ තිබෙන ඕනෑ තරම් විවාහක යුවලවල්වලට දරුඵල ඇත. පළපුරුදු ජ්‍යොතීර්වේදීන් වෙත නොගොස් පොරොන්දම් බලාගන්නා කපුකම් කරන අය බොහෝය. තවද කේන්ද්‍රවල සෙනසුරු ඒරාෂ්ඨක අපල යෙදී ඇතිවිට දරුඵල ප්‍රමාද වේ. ඒවාට වෙනම කටයුතු කළ යුතුය.   


දැන් ස්ත්‍රිය අස්විද නැකතේ වී පුරුෂයා බෙරණ නැකතේ වූ විට නැකැත් ගැළපේ. ඒත් දෙදෙනාම හරවෘක්ෂය. මෙය දුටු පමණින් දරුවන් නැතැයි ප්‍රතික්ෂේප කරන්නේ කපුකම් කරන අයයි. එසේම ස්ත්‍රිය රෙහෙන නැකතේ නාග යෝනි විය. පුරුෂයා උත්‍රසල නැකතේ මුගටි දෙන යෝනි විය. අපෝ නයයි මුගටියයි නිසා ගැළපෙන්නේ නැති බවට මාපිය භාරකාරාදීන්ට දන්වා ඇත.   


ඒත් එක් පොරොන්දමක් නොගැළපුණත් දෝෂ භංගවන ආකාර ගැන විමසීමක් කර නැත.   


නාශාංශක ගැන සෙවීමක්ද ජ්‍යොතිෂ්‍යයේ ඇත. මෙහිදී මේෂ මිථුන සිංහ ආදී ඔත්තේ රාශිවල නාශාංශකය 7 වන නවාංශකයයි. එසේ වෘෂභ කටක කන්‍යා ආදී ඉරට්ටේ රාශිවල නාශාංකය 3 වන නවාංශකයයි. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම 7 වැන්න අධිපති නාශාංශක ගතවීම විවාහයේ අඩුපාඩු මෙන්ම සතුට නැතිවන අවස්ථාවක් බව කියැවේ. 

 
සාමාන්‍ය පාඨකයන්ට තේරුම් ගැනීම පිණිස නාශාංශකය පහතින් දක්වන්නේ ඔබේ පහසුව සඳහාය.   


දැන් මේෂ රාශිය වන්නේය. හත්වැන්න තුලාවයි. තුලාවේ 7 වන නවාංශකය මේෂයයි. මේ අනුව මේෂ ලග්න හිමියාගේ මේෂ නවාංශකයේ සිකුරු සිටීම නාශාංශ දෝෂයයි.   
වෘෂභයේ හත්වැන්න වෘශ්චිකයයි. කන්‍යා නවාංශකයේ කුජ සිටීම නාශාංශ දෝෂයයි. මිථුනයේදී තුලා නවාංශකයේ ගුරු සිටීමත් කටකයේදී මීන නවාංශකයේ ශනි සිටීමත් සිංහ රාශියේ ඉපිද මේෂ රාශියේ ශනි සිටීමත් කන්‍යාවේදී කන්‍යා නවාංශකයේ ගුරු සිටීමත් තුලාවේදී තුලා නවාංශකයේ කුජ සිටීමත් වෘශ්චිකයේදී මීන නවාංශකයේ සිකුරු සිටීමත් ධනු රාශියේදී මේෂ නවාංශකයේ බුධ සිටීමත් මකර රාශියේදී කන්‍යා නවාංශකයේ සඳු සිටීමත් කුම්භයේදී තුලා නවාංශකයේ රවි සිටීමත් මීනයේදී මීන නවාංශකයේ බුධ සිටීමත් නාශාංශක දෝෂය වේ.   


මෙය කොතෙක් දුරට නිවැරදි වේදැයි සිතෙන්නේ වෘශ්චික රාශියේදී හත්වැන්න වෘෂභයයි. වෘෂභයේ තුන්වන නවාංශකය මීනයයි. මීනයේ සිකුරු සිටීම බලවත් බවකි. කේන්ද්‍ර දෙකේම නාශාංශක දෝෂය හත්වැන්නට බලපා ඇතිනම් විවාහයේ ගැටලු මෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්න ඇතිවේ යයි කියැවේ.   


කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා සමත් නම් විවාහක යුවල බියවිය යුතු නැත. ප්‍රමාදවී හෝ දරුඵල හිමි විය හැක.   

 

 


ජ්‍යොතීර්වේදී   
සරත් ආනන්ද අල්ගෙවත්ත   
පැළෑන උතුර



අදහස් (0)

දරුඵල නැතිද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 452 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site