IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දෙමව්පියන්ට අපල පෙන්නුම් කරන ග්‍රහයෝග

කේන්දරයක ග්‍රහ පිහිටීම් සියුම්ව පරීක්ෂා කිරීමෙන් දරුවාගේ  උපතට පෙර හෝ පසුව දෙමව්පියන්ට අපල ගෙන දෙන කාලයක් උද‌ාවන්නේ දැයි පැහැදිලිව  දැනගත හැකිය. තත්ත්වය එසේ වුවද, ඒ බව ජ්‍යොතිර්වේදියා විසින් ප්‍රකාශ කළ  යුත්තේ වැඩිහිටියන්ගේ සිත් නොතැළෙන පරිදිය. ග්‍රහ පිහිටීම් වලින් ඉහත කී  තොරතුරු දැන ගැනීමට හැකි වුවද කුඩා දරුවා ඊට වගකිව යුතු නොවන බව පැහැදිලි  කිරීමට තරම් ජ්‍යොතීර්වේදියා බුද්ධිමත් මෙන්ම ඉවසීමෙන් යුක්ත පුද්ගලයකු විය  යුතුය. 
  
කේන්දරයේ දෙවැන්​ෙන් සිටින රවි ග්‍රහයා අටවැන්නාධිපති නම්  දෙවැන්න හරහා ශනි ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරන කාලයේ පියාට මරණය ගෙන දේ. ඉහත  කී යෝගය තිබියදී රවි ග්‍රහයා බලවත්ව සිටියහොත් පියා බලවත් තත්ත්වයෙන්  සිටියදී පියාට මරණය යෙදෙනු ඇති බවට පුරාණචාර්යවරුන් පවසා ඇත.   


පියකාරක රවි ග්‍රහයා කේන්දරයක හය, අට, දොළහ රාශියක නම් පියාගේ  තත්ත්වයද විමසිය යුතුය. ඉහත ග්‍රහ පිහිටීම තිබෙන කේන්දරයක අටවැන්නාධිපති  නව වැන්නේද, දොළොස්වැන්නාධිපති ලග්නභාවයේද, හයවැන්නාධිපති පස්වැන්නේද  දක්නට ලැබේ නම් දරුවාගේ උපත සිදුවීමට පෙර පියා මිය ගොස් ඇති බවට සලකුණකි. 

   
කුජට අයත් නවාංශකයක් උදාවී තිබියදී, රවි හා ශනි ග්‍රහයන් ගෙන්  දැක්මක් ලග්නයට ලැබී තිබේ නම් දරුවා බිහිවීමට පළමු පියාගේ මරණය සිදුවන බවට  තවත් ගුරුකුලයක මතයකි.   


දරුවා උපත ලබා දින හතක් ඉක්මවීමට පෙර පියාට මාරක අපල ගෙන  දෙන්නේ දරුවාගේ කේන්දරයේ දෙවැන්නේ ගුරු හා රාහු ග්‍රහයන්ද, අටවැන්නේ සඳු  ග්‍රහයා ද සිව්වැන්නේ කුජ හා ශනි ග්‍රහයන්ද පිහිටීමෙනි.   


පාප ග්‍රහයන් තිදෙනෙකු ගෙන් පියකාරක රවි ග්‍රහයාට අසුබ  දෘෂ්ටියක් ලැබීම පියාගේ ජීවිතයට මාරක අපල ගෙන දීමට හේතු වේ. සුබ ග්‍රහයකුගේ  දැක්මක් තිබේ නම් දෝෂ භංග වේ. පාප ග්‍රහයන් තිදෙනෙකුගේ දෘෂ්ටියක් සඳු  ග්‍රහයාට වැටී තිබියදී, චන්ද්‍ර කේන්දරයේ හයවැන්නේ පාප ග්‍රහයකු සිටී නම්  මවට තදබල අපල ගෙන දෙනු ඇත. එසේම දරුවාගේ කේන්දරයේ සඳු ග්‍රහයාට පාප  ග්‍රහයකු යෝග වී තිබියදී, පාප ග්‍රහයන්ට පෙනීමත්, තවත් පාප ග්‍රහයකු  සත්වැන්නේ හෝ අටවැන්නේ පිහිටීමද මවගේ ආයුබල දුර්වල වන ග්‍රහ පිහිටීමකි.   


දරුවාගේ කේන්දරයේ කුජ හා ශනි ග්‍රහයන් දෙදෙනාට මැදිව සඳු  ග්‍රහයා පිහිටීම හෝ කුජ - ශනි - සඳු ග්‍රහයන් තිදෙනාට යෝගවීමද මවට තද බල  අපල ගෙනදීමට හේතු වන ග්‍රහ පිහිටීම් වේ. ලග්නයෙන් හෝ චන්ද්‍ර කේන්දරයේ  සිව්වැන්නේ බලවත් පාප ග්‍රහයකු සිටියදී ඊට කේන්ද්‍රගතව තවත් බලවත් පාප  ග්‍රහයකු සිටී නම් මවගේ ආයුබල දුර්වල වන බවට ඉඟියකි.   


සඳු ග්‍රහයා කුජ ග්‍රහයා ගෙන් හෝ රාහු ග්‍රහයාගෙන් පීඩාවීමද  මවට අපල ගෙන දීමට හේතුවකි. සඳු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වී අටවැන්නේ  පිහිටීමද මවට තද බල අපල ගෙන දීමට හේතු වේ. සිදුහත් කුමරුගේ කටක ලග්න  කේන්දරයේ සිව්වැන්නේ මාතෘකාරක සඳු ග්‍රහයා, අටවැන්නාධිපති මෙන්ම 22 වැනි  දෙර්කාණාධිපති සෙනසුරු ග්‍රහයා සමඟ යෝගවීමද මවට මාරක වීමට හේතු වූ බව  ප්‍රසිද්ධ කරුණක් විය.   


පියකාරක රවි - රාහු ග්‍රහයාගේ පීඩාවීම දරුවා සමඟ මත ගැටුම්  ඇතිවන බවට සලකුණකි. රාහු ග්‍රහයා ලග්න භාවයේ සිටියදී, රවි ග්‍රහයා කේන්දරයේ  අටවැන්නේ නම් දරුවා හා පියා යන දෙදෙනාටම මාරක විපත් ගෙන දීමට හේතු වේ.   


එසේම රවි/කුජ යෝගයට සෙනසුරු ග්‍රහයාගේ දැක්මක් තිබීම හෝ  රවි/ශනි යෝගයට කුජ ග්‍රහයාගේ දැක්මක් තිබේ නම් පියාට මාරක අපල ගෙන දෙනු ඇත.    


පියකාරක රවි ග්‍රහයා සමඟ 22 වැනි දෙර්කාණාධිපති කුජ ග්‍රහයා  (මාරකස්ථානයක් වන සත්වැන්නේ) පිහිටීම නිසා, දේශපාලන ලෝකයේ දැවැන්තයකු වූ තම  පියාට මාරකය උදා වූ අන්දම බෙනාසීර් භූතෝගේ ධනු ලග්න, කටක නවාංශක කේන්දරයේ  ග්‍රහ පිහිටීම්වලින් පැහැදිලි විය.   


දරුවාගේ කේන්දරයේ 4-6-10-12 රාශිවල පාපග්‍රහයන් පිහිටීම මව්පිය දෙදෙනාටම මාරක විපත් ගෙනදීමට හේතු වේ.   

 

 

 

 


ජ්‍යොතීර්වේදී   
මිල්ටන් හේවාපතිරණ   
330/සී/1/3,   
සර්පන්ටයින් මහල් නිවාස,   
බොරැල්ල, කොළඹ 08.



අදහස් (0)

දෙමව්පියන්ට අපල පෙන්නුම් කරන ග්‍රහයෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 235 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site