තිරගතවීමට පෙර මහා ආන්දෝලනයක් ඇති කළ බොලිවුඞ් සිනමා නිර්මාණය ‘පද්මාවතී’ දින නියමයක් නොමැතිව ප්‍රදර්ශනය අත් හිටුවා අවසන්ය. චිත්‍රපටයේ පද්මාවතී නමැති රැජිනගේ චරිතයට පණ දෙන්නේ බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන්ය. ඇගේ හිස ගසා දමන්නේ නම්, ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දෙන බව හින්දු ජාතිකවාදී කණ්ඩායම් පවසා ඇත. චිත්‍රපටය තහනම් කරන්නැයි ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප වුණු අතර, අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ‘පද්මාවතී’ චිත්‍රපටය සම්බන්ධයෙන් අවසන් තීරණය ගත හැක්කේ ඉන්දීය රැඟුම් පාලන මණ්ඩලයට කියාය. චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් පළමුවැනිදාය.
පද්මාවතී යනුවෙන් හැඳින්වෙන්නේ 13 සහ 14 වැනි ශතවර්ෂවල වාසය කළ රැජිනකි. මැය ජනප්‍රවාදගත ඉන්දීය රැජිනක යැයි ද පැවැසෙයි. ‘පද්මාවතී’ චිත්‍රපටයට පාදක වන එම සුරූපී රැජින, ශ්‍රී ලාංකික අපට අමුත්තියක නොවේ. ටවර් හෝල් යුගයේ ජනප්‍රිය වූ ‘පද්මාවතී’ වේදිකා නාට්‍යයේ කියැවෙන්නේ ද ඇය ගැනය. එහි එන ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතය ගයන්නේ ඉන්දීය මුස්ලිම් වෙළෙඳුන් කණ්ඩායමකි. රැජිනක් වීමට පෙර, පද්මාවතී සිංහල රාජධානියේ කුමාරිකාවක යැයි පැවැසෙයි. සිංහල රාජධානිය යනු ලංකාද්වීපයයි. ‘විකිපීඩියා’ වෙබ් විශ්වකෝෂයේ සඳහන් වන අන්දමට, පද්මාවතී කුමරිය, සිංහල රාජධානියේ ගාන්ධර්ව් සේන් රජුගේ දියණිය වෙයි. ‘පද්මාවතී’ සම්බන්ධයෙන් ඇති පැරණිතම සටහන වන්නේ, ක්‍රි.ව. 1540 දී, සූෆි මුස්ලිම් කවියකු වන මලික් මුහම්මද් ජායසී විසින් රචනා කරනු ලැබූ ‘පද්මාවත්’ නමැති වීර කාව්‍යයයි.
තමා සිනමා නිර්මාණයට ‘පද්මාවත්’ වීර කාව්‍ය පාදක කර ගත් බව ආන්දෝලනයට ලක් වුණු ‘පද්මාවතී’ සිනමාපටයේ අධ්‍යක්ෂ මෙන්ම නිෂ්පාදකවරයා ද වන සන්ජේ ලීලා බන්සාලි පවසයි. දීපිකා පදුකෝන්ගේ පමණක් නොව, බන්සාලිගේ ද හිස ගසා දැමිය යුතු යැයි හින්දු ජාතිකවාදීන් හඬ නගා ඇත.
‘පද්මාවතී’ වීර කාව්‍යයට අනුව, සිංහල රාජධානියේ ගාන්ධර්ව් සේන් රජුගේ දියණිය එනම් පද්මාවතී කුමරිය භාරතයේ සුරූපී කුමරියන් පැරැදූ සුරූපිනියකි. ඇය හිරාමන් නම් කථා කරන ගිරවකු සමග මිත්‍රත්වයක් ඇති කර ගනී. ගිරවා සහ කුමරියගේ මිත්‍රත්වය ගැන ගාන්ධර්ව් සේන් රජුගේ පැහැදීමක් නොමැති අතර, ඔහු අණ දෙන්නේ කුමරියට හොරා ගිරවා මරා දැමීමටය.
ගිරවා බේරී පලා යන අතර දඬයක්කරුවකුට හසුවෙයි. දඩයක්කරුගෙන් ගිරවා මිලදී ගන්නේ භාරතයේ, චිතෝර් නමැති රාජධානියෙන් ආ බ්‍රාහ්මණයෙකි. ගිරවා තොරතෝංචියක් නැතිව කතා කරන බව දැනගන්නා චිතෝර් රජු රතන් සේන් ගිරවා මිලදී ගනී.
‘පද්මාවතී’ ගැන රතන් සේන් දැනගන්නේ හිරාමන් ගිරවාගෙනි. ඒ අනුව, ගිරවාගේ උපදෙස් අනුව, පද්මාවතී විවාහ කර ගැනීමේ අපේකෂාවෙන් රතන් සේන් සගයන් 16,000 ක් ද සමග සිංහල දේශය බලා පැමිණෙන්නේ සත් සමුදුර තරණය කරමිණි. තාපසයකු මෙන් වෙස්වලාගෙන රතන් සේන් ඇතුළු පිරිස ආශ්‍රමයකට වී සිටී. පද්මාවතී එහි පැමිණෙන බව ගිරවා පවසා තිබුණි. කෙසේ නමුත් රතන් සේන් ට පද්මාවතී දැක ගැනීමට නොලැබෙයි. පද්මාවතීව මුණගැසීමේ අවස්ථාව මඟහැරුණු බව දැන ගත් අවස්ථාවේදී, ඔහු ශෝකයට පත් ව දිවි නසා ගැනීමට තැත් කරයි. එම අවස්ථාවේදී ශිව සහ පාර්වතී දෙවිවරුන් පහළ වී, එය වළකයි. පද්මාවතී ලබා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ශිව දෙවියන් උපදෙස් දෙයි.
ශිව දෙවියන්ගේ උපදෙස් අනුව, තාපසයන් මෙන් සැරැසී රතන් සේන් සහ ඔහුගේ සගයෝ ගාන්ධර්ව් සේන් රජුගේ මාලිගයට හොරෙන් රිංගති. එම අවස්ථාවේදී පිරිස ගාන්ධර්ව් සේන්ගේ සිරකරුවන් බවට පත් වෙති. පිරිසට මරණ දඬුවම දීමට රජු නියම කරද්දී, තම සිරකරුවා චිතෝරයේ රතන් සේන් රජු යැයි අනාවරණය වෙයි. ඒ අනුව ඇතිවන මිත්‍රත්වය අවසන් වෙන්නේ ගාන්ධර්ව් සේන් සිය දියණිය පද්මාවතී රතන් සේන්ට විවාහ කර දෙමිනි. පද්මාවතී, රතන් සෙන් සමඟ චිතෝර් දේශය බලා යෑමට සැරැසෙන්නේ තවත් කුල ස්ත්‍රීන් 16,000 දෙනකු, රතන් සේන්ගේ සගයන්ට විවාහ කර දීමෙන් ද පසුවය.
රතන් සේන්ට සිය චිතෝර් රාජධානියේ බිරියක සිටී. ඇය නාග්මතීය. රතන් සේන්ගේ පළමු බිරිය වන ඇය පක්ෂියකු අතේ රතන් සේන්ට සන්දේශයක් එවයි. ඒ, ඇය මඟ බලා සිටිනවා ඉක්මනින් ආපසු එන්නැයි කියාය. රතන් සේන් සිය නව බිරිය පද්මාවතී, සගයින් 16,000 දෙනා සහ ඔවුන්ගේ බිරියන් 16,000 දෙනා ද සමඟ චිතෝර් රාජධානිය බලා යයි. මහා සාගරය තරණය කරද්දී, සාගරයට අධිපති දෙවියන් රතන් සේන්ට දඬුවම් කරයි. ඒ, ලොව රූමත්ම ස්ත්‍රිය තමන් සතු කරගත් බවට රතන් සේන් උඩඟු වී පුරසාරම් දොඩන්න වූ බැවිනි. දේව කෝපයෙන්, මහා කුණාටුවකට හසුවී, රතන් සේන්ගේ සගයින් 16,000 දෙනාත් ඔවුන්ගේ බිරියන් 16,000 දෙනාත් මිය යන අතර ඉතිරි වන්නේ රතන් සේන් සහ පද්මාවතී පමණි.
මුහුදුබත් වීමෙන් පසු පද්මාවතී සහ රතන් සේන් එකිනෙකාගෙන් මඟහැරේ. පද්මාවතී සාගර දෙවියන්ගේ දියණිය ලක්ච්මීගේ දූපතේ අතරමං වෙයි. රතන් සේන්, පද්මාවතී සොයයි. ඔහු පද්මාවතීට සැබැවින්ම ආදරේදැයි පරීක්ෂා කිරීමට ලක්ච්මී දෙව්දුව සැරැසෙයි. ඇය පද්මාවතී ලෙස වෙස්වලාගෙන රතන් සේන් ඉදිරියට යයි. තමා ඉදිරියේ සිටින්නේ පද්මාවතී නොවන බව රතන් සේන් අවබෝධ කර ගනී. ඒ අනුව, රතන් සෙන් සහ පද්මාවතී එක් කිරීමටත්, ඔවුන්ට ආරක්ෂිතව චිතෝර් දේශය බලා යෑමටත් අවස්ථාව උදාවෙයි.
චිතෝරයට පැමිණීමෙන් පසු, රතන් සින්ගේ පළමු බිරිය නාග්මතී සහ පද්මාවතී අතර විරසකයක් නිර්මාණය වෙයි. නාග්මතී, පද්මාවතීට වෛර කරයි. මේ අතරතුරේ රාජ සභාවේ අර්බුදයක් හට ගනී. ඒ, රතන් සේන් සහ ඔහුගේ රාජසභාවේ බ්‍රාහ්මණ නිලධාරියකු වන රාඝව් චේතන් අතරේය.
රතන් සේන්, රාඝව් චේතන් රටින් පිටුවහල් කරයි. රාඝව් චේතන් පළිගැනීමේ චේතනාවෙන් දිල්ලියට යයි. මේ අවදියේදී මුස්ලිම්වරුන්ගේ අණසකට උතුරු ඉන්දියාවේ පළාත් රැසක් නතු වී ඇත. දිල්ලියට අයත් පළාත් ‘මුස්ලිම් දේශය’ විය. එහි පාලකයා සුල්තාන්වරයෙකි. ඔහු අලාඋද්දීන් කලීජිය. රාඝව් චේතන්, කලීජි හමුවී, පද්මාවතී ගැන විස්තර කියයි. ඇගේ රූ සපුව ගැන වර්ණනා කරයි.
පද්මාවතී තමාගේ කර ගැනීමට කලීජි පෙළඹෙන්නේ මෙම අවස්ථාවේදීය. කලීජි සිය මහා හමුදාව මෙහෙයවා විතෝර් රාජ්‍යය වටලයි. සාකච්ඡා මාර්ගයෙන් තෑගි බෝග දී කලීජි සතුටු කරන්න රතන් සේන් උත්සාහ ගනී. පද්මාවතී දීමට ඔහු කැමැති වන්නේ නැත. කලීජි ට චිතෝර් රාජ්‍යය අල්ලා ගැනීමට නොහැකි වෙයි. කෙසේ නමුත් කලීජි චාටුවෙන් රතන් සේන් මිතුරු කර ගනී. ඒ සාම ගිවිසුමක් හරහාය. ඉන්පසු රතන් සේන් දිල්ලියට එක්ක ගෙන ගොස් සිරකරයි.
චිතෝර් රාජ්‍යයේ අසල්වැසි රාජ්‍යය වන්නේ කුම්භාල්නේර් එහි රාජ්පුත් පාලකයා දේව්පාල් ද පද්මාවතීට ඇලුම් කරන්න පටන් ගනී. රතන් සේන් දිල්ලියේ සිරකරුවකුව සිටිද්දී, ඔහු පද්මාවතී විවාහ කර ගැනීමට සැරැසෙයි. පද්මාවතී ඊට විරුද්ධ වෙයි. කලීජිගේ උගුලට තම සැමියා හසුවුණු බව වැටහුණු පද්මාවතී, රතන් සේන්ට පක්ෂපාතී කණ්ඩායමක් ද සමඟ වෙස්වලාගෙන දිල්ලියට යයි. රතන් සේන් ගනී. එහිදී ඇතිවන දරුණු සටනේ දී රතන් සේන්ගේ සමීපතම සගයකු වන ගෝරා මියයයි. අනෙක් සගයා වන බාදල් සහ රතන් සේන් ආරක්ෂිතව චිතෝරය බලා පැමිණෙති.
චිතෝරයට පැමිණි පසු පද්මාවතී, දේව්පාල් ගැන රතන් සේන් ට පවසයි. කෝපයට පත් වන රතන් සේන්, දේව්පාල් සමඟ ද්වන්ධ සටනකට යයි. සටන අවසන් වෙන්නේ, දේව්පාල් සහ රතන් සේන් දෙදෙනාම මියයෑමෙන් පසුවය. රතන් සේන් මියගිය බව සැලවුණු සැණින්, කලීජි යළි චිතෝර් රාජයයට පැමිණෙන්නේ එය ආක්‍රමණය කරමින් පද්මාවතී ලබා ගැනීමටය. මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් බේරී, තම ගෞරවය රැක ගනිමින් පද්මාවතී, නාග්මතී ඇතුළු සෙසු කාන්තාවෝ රතන් සේන්ගේ අවමංගල චිතකයට පැන දිවි නසා ගනිති.
සන්ජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයට කලීජි යනු රතන් සේන් සහ පද්මාවතීගේ රාජ්‍යය ආක්‍රමණයට පැමිණෙන කුරිරු මෙන්ම ප්‍රචණ්ඩ මෝගල් ආක්‍රමණිකයෙකි. චිත්‍රපටය අනුව, පද්මාවතී සහ කලීජි අතරේ ‘ආදර අන්දරයක්’ ද නිර්මාණය වෙයි. ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගෙන් චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල වී ඇත්තේත්, චිත්‍රපටය ‘ඉතිහාසය විකෘති කිරීමක්’ යැයි පැවැසෙන්නේත් මේ නිසාය.
පද්මිනී යන නමින් ද හැඳින්වෙන ‘පද්මාවතී’ රැජින සම්බන්ධයෙන් පැරණිතම මූලාශ්‍රය මලික් මුහම්මද් ජායසීගේ අවාධි බසින් ලියූ පද්මාවත් කාව්‍යයයි. කෙසේ නමුත් කලීජිගේ චිතෝර් ආක්‍රමණය පිළිබඳ විස්තර කෙරෙන ආදිතම වාර්තාවල මෙම රැජින පිළිබඳ කිසිදු සඳහනක් හමු නොවේ. පසුකාලීනව, පද්මාවතීගේ ඉතිහාසය සඳහන් සාහිත්‍යමය කෘති ගණනාවක් නිර්මාණය වී තිබේ.
16 සහ 19 වැනි සියවස් අතර කාලයේ, මලික් මුහම්මද් ජායසීගේ ‘පද්මාවත්’ නමැති කෘතියෙහි පර්සියානු සහ උර්දු පරිවර්තන අවම වශයෙන් 12 ක් පමණ නිර්මාණය වී ඇති බව සඳහන් වෙයි. 20 වැනි සියවසේ දී තවත් උර්දු ප්‍රභේද දක්නට ලැබෙන අතර, ඒ සියල්ල ජායසීගේ ප්‍රේම කාව්‍ය රාමුව තුළ ඇත. ක්‍රි.ව. 1589 වසරේ දී හේම්රතන් ‘ගෝරා බාදල් පද්මිනී චෞපේ’ ග්‍රන්ථය රචනා කළේය. ඒ, පද්මාවතී කතාව පාදක කර ගනිමිනි. පද්මාවතී පුරාවෘත්තයේ ප්‍රථම රාජ්පුත් අනුවර්තනය මෙය වෙයි. හේම්රතන් මෙය රචනා කරන්නේ ‘සත්‍ය කථාවක් ඇසුරිනි’ යැයි පවසමිනි.
17 වැනි සියවසේදී පමණ වර්තමාන රාජස්ථානයට අයත් භූමියෙහි පද්මාවතී පුරාවෘත්තයෙහි තවත් නිර්මාණ බිහිවූයේ රාජ්පුත් ප්‍රධානීන්ගේ අනුදැනුම සහ අධීක්ෂණය යටතේය. ඒ අනුව, ඔවුන්ට රිසි පරිදි පද්මාවතී රැජින වීරවරියක් බවට පත් විය. ඊට අමතරව 19 වන සියවසේ සිට, පද්මාවතී පුරාවෘත්තයේ බෙංගාලි කතා නිර්මාණය විය. මේවායේ සඳහන් වෙන්නේ කාමුක මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් බේරී සිය ගෞරවය රැකගැනීමට සිය දිවි හානි කරගත් හින්දු රැජිනක ගැනය. මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්ෂා කරගත් හින්දු රාජ්පුත් රැජිනක ලෙස ‘පද්මාවතී’ වීරවරියක කර ගැනීමට හින්දු ජාතිකයෝ පසුකාලීනව කටයුතු කළහ. ඇය වීරවරියක ලෙස සිනමා නිර්මාණවලටත්, රූපවාහිනී කතාමාලාවලටත් ඇතුළත් වෙන්නේ ඒ අනුවය.
ඉන්දීය ඉතිහාසඥයන් පැහැදිලිව පවසන දෙයක් නම්, කලීජි ක්‍රි.ව. 1303 දී චිතෝර් රාජධානිය වටලෑම ඓතිහාසික සිදුවීමක් බවය. කෙසේ නමුත් පද්මාවත් වීර කාව්‍යයේ පැවැසෙන කථාව පිළිබඳ කිසිදු සත්‍යතාවක් නැත. ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන් බොරුවට කලබල වී ඇති බවත් ද ඉන්දීය ඉතිහාසඥයෝ පෙන්වා දෙති. පද්මාවතී එසේත් නැතිනම් පද්මිණීගේ පුරාවෘත්තය ඇසුරෙන් මේ වනවිටත් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී තිබේ. 1964 වසරේ දී හින්දි බසින් චිත්‍රපටයක් නිර්මාණය විය. මෙය ‘මහාරාණී පද්මිණී’ ය. 1963 දී, ‘චිතෝර් රාණි පද්මිණී’ යන නමින් දෙමළ චිත්‍රපටයක් ද නිර්මාණය විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිවාජි ගනේෂන් සහ වෛජයන්තිමාලාය.
ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී