IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


චරිත රේඛාව, ධන රේඛාව, සොලමන්ගේ මුදුව සහ ශනිගේ මුදුව

ප්‍රධාන රේඛාවන්ට අමතරව අත්ලේ පිහිටන විවිධ රේඛා හා සලකුණු අතර තවත් රේඛා සලකුණු කීපයක් පිළිබඳවයි අද ඔබව දැනුම්වත් කරන්නේ. ඒ තමයි චරිත රේඛාව, අන්සතු ධන රේඛාව, සොලමන්ගේ මුද්ද හා ශනිගේ මුද්ද. දැන් අපි බලමු එම රේඛා සටහන් ඔබේ ජීවිතයට කුමන ආකාරයෙන් බලපායි ද කියා.  


චරිත රේඛාව  


දැන් ඔබ රූපසටහන දෙස බලන්න. සිකුරු මණ්ඩලය ආශ්‍රයෙන් ආරම්භවී අර්ධ කවාකාර හැඩයෙන් යුතුව චන්ද්‍ර මණ්ඩලය ආශ්‍රයෙන් අවසන්වන්නේ එම චරිත ​ෙර්ඛාවයි. මැණික් කටු රේඛාවලට තරමක් ඉහළින් පිහිටීම චරිත රේඛාවේ ලක්ෂණයයි. කාම රේඛා නමිනුත් මෙය හඳුන්වයි. සිකුරු ග්‍රහයාගේ අති ධාවන බල ශක්තිය ශරීර ගතවූ අත්වල බොහෝවිට චරිත රේඛාව දැකිය හැක. තමන් සුදනන් බව සමාජයට පෙන්වමින් රහසිගතව විවිධ ආකාරයේ දුසිරිත්වල යෙදෙන අයගේ අත්වලත් එවැනි රේඛා පිහිටිය හැක.  


සුරාපානය ඇතුළු ගංජා වැනි මත්ද්‍රව්‍යවලට ලොල්වීම මෙම රේඛාව ඇති අයගේ කැපී පෙනෙන ලක්ෂණයකි. නොයෙකුත් සමාජරෝග ඇතිකරගෙන ජීවිත අඳුරු කර ගැනීමටත් එවැනි පිහිටීම් අනුබලදෙයි. මේ හැම ව්‍යසනයකට හේතුවන්නේ උපතින්ම ඔවුන් කෙරෙහි පිහිටන අසීමිත කාම රාගයයි.   


චරිත රේඛාව දඟර ගැසී විහිද යාම වඩා අශුභය. එමගින් ඉතාමත් දූෂිත චරිතයක් ඇති පුද්ගලයෙක් මූර්තිමත් වෙයි. තරු ලක්ෂණයකින් චරිත රේඛාව ආරම්භ වී නම් දුරාචාරයේ යෙදීම නිසාම යන එනමං නැතිකර ගනියි. සමහර අයගේ අත්වල චරිත රේඛාව බොහෝ ගැඹුරට පිහිටයි. එය බේබදුකමේ විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක. කාම අපරාධයකට හවුල්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියදිවි නසාගන්නා පුද්ගලයා චරිත රේඛාව මත දිස්වන තාරකා ලකුණින් හඳුනාගත හැක.  


අන්සතු ධන රේඛාව  


දෙවන කුජ මණ්ඩලයත් චන්ද්‍ර මණ්ඩලයත් අතර ඇති ප්‍රදේශයෙන් ආරම්භ වී රවි මණ්ඩලය දෙසට විහිද යන අන්සතු ධන රේඛාවේ පිහිටීම දැන් බලන්න. අන්සතු ධන රේඛාව පිහිටීම කීර්ති රේඛාවේ පිහිටීමට තරමක් සමාන වුවත් එහි කැපී පෙනෙන වෙනස්කමක් ඇති බව ඔබට වැටහෙනවා ඇති. අන්සතු ධන රේඛාව කලාතුරකින් අතක තමයි දැකිය හැක්කේ. ලොතරැයි දිනුමක් හිමිකරගෙන කෝටිපතියන් වන අයගේ මෙන්ම අන්සතු ධනයකට හිමිකම් ලබන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැක.  


මෙම රේඛාව මත තාරකා ලකුණක් හෝ කතිර ලකුණක් දිස්වීම ද ඉතා සුභඵල ගෙනදේ. මෙවැනි අයට රේස් ඔට්ටු අැල්ලීමෙන් ඉක්මනින් ධවනතෙකු විය හැක.  


සොලමන්ගේ මුද්ද  


ඈත අතීතයේ පලස්තීනයේ ජීවත්වූ ඉතා පොහොසත් බලවත් රජ කෙනෙක් තමයි සුලේමාන්. ඔහු සොලමන් නමින් ව්‍යවහාර වූයේ පසුවටයි. එම බලවත් රජතුමාගේ අතේ දබරැඟිල්ලේ මෙම රේඛාව තිබූ නිසා සොලමන්ගේ මුද්ද යනුවෙන් නම් කළ බව සාමුද්‍රික විද්‍යාවේ සඳහන්වේ. ඉංග්‍රීසි භාෂාවෙන් සොලමන් මුද්ද හඳුන්වන්නේ ද රිං ඔෆ් සොලමන් නමිනි.  


ගුප්ත මුද්ද කියාත් මෙය හඳුන්වයි. සොලමන්ගේ මුද්ද මහා බලවත් පිහිටීමක්. එය රාජ යෝගයක් වශයෙන් හැඳින්විය හැක. මෙම මුදු සලකුණ කෙනකුගේ අතක පිහිටා තිබේ නම් මේ කාලේ හැටියට රජ වෙන්න බැරි වුවත් අවම වශයෙන් රජයේ උසස් රැකියාවක් හෝ ලැබිය හැක. ඒ වගේම මහා බලවතෙක් මෙන්ම ධනවතෙක් වෙන්නත් හේතුවෙන බව කියැවේ. සොලමන්ගේ මුද්ද පිහිටන්නේ බොහෝවිට රේඛා බහුල අත්වලය. ජ්‍යෝතිෂ්‍ය මන්ත්‍ර ශාස්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් පහසුවෙන් හැදෑරීමටත් ඒ මගින් රටේ ප්‍රසිද්ධවීමටත් එවැනි පිහිටීම හේතුවෙයි.  


ශනිගේ මුදුව 

 
මැද ඇඟිල්ල හෙවත් ශනිගේ ඇඟිල්ල මුල අර්ධ කවාකාර හැඩයෙන් පිහිටා ඇති මෙම රේඛා සලකුණ දැන් පරික්ෂා කරන්න. එය තමයි ශනිගේ මුදුව කියල හඳුන්වන්​නේ. අඩ සඳ ලකුණ චන්ද්‍රවංකය යනුවෙන් මෙම රේඛාව හඳුන්වනු ලබයි. චපලත්වයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සලකනු ලබන ශනිගේ මුද්ද සුභ පිහිටීමක් නොවේ.  


ශනිගේ මුදුව පිහිටා ඇති අයගේ ක්‍රියාකාරකම් ඉතා දුර්වලය. කොයිම දෙයක්වත් හරිහැටි නිවැරදිව කළ නොහැකිවීම ඔවුන් තුළ කැපී පෙනෙන ලක්ෂණයකි. අවංක හදවතක් නැති ඔවුන් තුළ සෘජු ප්‍රතිපත්තියක් ද නැත. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත බොහෝවිට අසාර්ථක වේ. ශනිගේ මුදුව ඇති අය රහස් වැඩවලට දක්ෂය. හුදෙකලා ජීවිතය ප්‍රියකිරීම ද ඔවුන්ගේ චරිතයේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වේ.  


හිඹුටානේ පියතිලක ද අල්විස්  
158 හිඹුටාන (රෝහල ඉදිරිපිට) 
මුල්ලේරියාව නව නගරය  

 



අදහස් (0)

චරිත රේඛාව, ධන රේඛාව, සොලමන්ගේ මුදුව සහ ශනිගේ මුදුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 329 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site