වායු ගෝලයක් නැති, නිසරු, දූවිලි සහ පස්වලින් පිරි අප චන්ද්‍රයාගේ එසේත් නැතිනම් සඳේ ජල අංශු ඇතැයි පළමුවෙන් සොයා ගත්තේ කවුරුන්දැයි දන්නවද? එම සොයා ගැනීම කළේ, ඇමෙරිකාවේ නාසා ආයතනය නොවෙයි. කුඩා දරුවකු නළ ළිං කුහරයකට වැටුණු විට බේරා ගැනීමට පහසුකම් නොමැති, හරිහැටි වැසිකිළි පහසුකම් පවා නැති අසල්වැසි ඉන්දියාවය.
ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනය (‘නාසා’ මෙන් කෙටියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ඉස්රෝ’ යනුවෙනි.) සඳේ ආවාට අතරේ ජල අංශු ඇතැයි ලොවට අනාවරණය කළේ 2008 වසරේ දී, ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 1’ සඳ ගවේෂණ යානය මගිනි.
මෙම ගවේෂණ යානය සඳේ කක්ෂයට පිවිස, සඳ සිතියම් ගත කළේ චන්ද්‍රිකාවක් සේ, සඳ වටා යමිනි. ‘චන්ද්‍රයාන් 1’ ඉන්දීය රුපියල් කෝටි 386 (ඇමෙරිකන් ඩොලර් මිලියන 54) ක නිර්මාණයකි. සඳේ ජල අංශ ඇති බව ‘ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනය’ අනාවරණය කිරීමත් සමඟ නාසා ආයතනය ඒ ගැන වැඩි දුරටත් සොයා බැලුවේය. ‘චන්ද්‍රයාන් 1’ යානයේ සොයා ගැනීම නාසා ද තහවුරු කළේය.
‘චන්ද්‍රයාන් 1’ සාර්ථකත්වයෙන් පන්නරය ලබා පසුගිය 2019 වසරේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම ඇරැඹිණි. ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. යානා තුනක් ඊට ඇතුළත් විය. ‘වික්‍රම’ නමැති පතිත කරවන ගවේෂණ යානය සඳට ගොඩබෑමට යැවුණි. ඒ, තුළ ‘ප්‍රාග්යාන්’ යන නමින් නම් කළ රොබෝ රෝවර් යානයක් ද විය. රෝවර් යානයක් යනු එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානයකි. අවාසනාවකට ගොඩබෑමට පහත් කරද්දී, ‘ප්‍රාග්යාන්’ සඳට කඩාවැටුණේය. යානය විනාශ වී මෙහෙයුම අසාර්ථක විය. ඉන්දීය රුපියල් බිලියන 10 ක් අපතේ ගියේය.
‘ප්‍රාග්යාන්’ සඳට ගොඩබානු දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනයේ මෙහෙයුම් මැදිරියට ගොස් සිටියේය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වී, ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් කඳුළු සලද්දී, ඔහු තුරුලට ගෙන සැනසුවේ ද මෝදි ය. ‘අපි අයෙත් උත්සාහ කරමු’ ඒ, මෝදිගේ වදන් ය.
ඉන්දීය අභ්‍යවකාශ පර්ෙය්ෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම ගැන කරුණු පැහැදිලි කිරීමටය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙම වසරේ එනම් 2020 නොවැම්බරයේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම දියත් කරන බවත්, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ සිදුවුණු අඩුපාඩු නිවැරදි කර ගැනීමට හැකිවුණු බවත් කයිලසවාදියෝ සිවන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.
චන්ද්‍රයාන් 3 මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 6.5 ක් වැය වෙයි. ඊට අමතරව තව වසර දෙකකින් එනම්, 2022 දී ඉන්දියාව ඔවුන්ගේ ගගනගාමීන් තිදෙනකු අභ්‍යවකශයට යැවීමට ද සූදානම් වන බව කයිලසවාදියෝ සිවන් වැඩිදුරටත් කියා සිටියේය. ඒ, ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම යටතේය. ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ඉන්දීය ගගනගාමීන් තිදෙනකු තෝරා ඔවුන්ට පුහුණව ලබා දෙන බව ද කයිලසවාදියෝ සිවන් කියා සිටියේය. ඉන්දීය රජයෙන් මෙම මෙහෙයුමට මේ වනවිටත් මුදල් අනුමත වී ඇති බව ද වාර්තා වේ.
ලුසිත ජයමාන්න
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව සූදානම්