IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ග්‍රහ දෝෂ දුරු කරන්න නිවැරදිව යන්ත්‍ර පලඳිමු

අනාදිමත් කාලයක සිටම ග්‍රහ දෝෂ දුරු කිරීම සඳහා යන්ත්‍ර පැලඳීම සිදුකරයි. එහෙත් වර්තමානයේදී මේ පිළිබඳව ඇති විශ්වාසය අඩුවී තිබේ. මෙයට බලපාන ප්‍රධානතම හේතුව එය සකස්කර දෙන ඇතැම් අයට ඒ පිළිබඳව මනා අවබෝධයක් නොමැතිවීමය.   

යන්ත්‍ර, මන්ත්‍ර පිළිබඳව නිවැරදි දැනුම සහ අවබෝධය නොමැතිව සකස් කෙරෙන යන්ත්‍ර වලින් පිහිටක් ලබාගැනීමට නොහැක. එම නිසා ග්‍රහ දෝෂ, අපල නිවැරදිව හඳුනාගෙන ඊට ගැළපෙන යන්ත්‍රය නිවැරදිව සකස්කර නිවැරදිව ජීවම් කරදීම මෙම කාර්යය කරන සියලු දෙනාගේ වගකීමයි.   


යන්ත්‍රයක් ඇඳීමට පෙර ඉටුකළ යුතු චාරිත්‍ර කිහිපයකි. අවම වශයෙන් යන්ත්‍රයක් ඇඳීම ආරම්භ කිරීම සුභ හෝරාවක සිදුකළ යුතුය. යන්ත්‍රය අඳින තඹ පත නිවැරදි දිග පළලින් යුක්ත විය යුතුය.   


දිග පළලින් සිව්රැස සුබයි. පළලින් දෙක මරණයි. පළලින් තුන ජයයි. පළලින් හතර රෝගකාරකයි. පළලින් පහ ලාබයි. පළලින් හය නිශ්ඵලයි. පළලින් හත ශ්‍රියාවඩයි. පළලින් අට අර්ථහානි කරයි.   


එසේම යන්ත්‍රයට දමන නූල ගැනද සැලකිලිමත් විය යුතුය.   


සතරු උපද්‍රවයට රතු ග්‍රහයින්ද සෙසු සකල ක්‍රියාවට කන්‍යා ග්‍රහයින්ද, සතුරු උපද්‍රවයට සත් පොටක්ද සෙසු සකල ක්‍රියාවට නව පොටක්ද යන පිළිවෙළින් බලා යන්ත්‍රය බැඳිය යුතුය.   


සියලු යන්ත්‍ර ඇඳීමේදී එහි මුලින්ම බුදු ගුණ යන්ත්‍රයක් ඇඳීම යෝග්‍ය වේ. ඊට පසු ග්‍රහ දෝෂයට ගැළපෙන යන්ත්‍රය ඇඳිය යුතුය. එය පහත පරිදි විග්‍රහ කළ හැකිය.   


රවිගෙ අපලවලට සූර්ය මණ්ඩලය හෝ ආඝෝර යන්ත්‍රය   
සඳුගෙ අපලවලට චන්ද්‍ර මණ්ඩලය හෝ රතන යන්ත්‍රය   
කුජගෙ අපලවලට කන්ද කුමාර යන්ත්‍රය   
බුධගෙ අපලවලට විෂ්ණු මණ්ඩලය   
ගුරුගෙ අපලවලට නාරසිංහ යන්ත්‍රය   
සිකුරුගෙ අපලවලට ඊශ්වර මණ්ඩලය හෝ සිදම්බරය   
ශනිගෙ අපලවලට නීල මණ්ඩලය හෝ ආඝෝරය   
ඒරාෂ්ඨක අපලවලට ශනි මෘත්‍යුංජය   
රාහුගෙ අපලවලට නාගර්ජන යන්ත්‍රය   
කේතුගෙ අපලවලට අාඝෝර යන්ත්‍රය, නාග මාලාව   
සියලු අපලවලට නවනාථ යන්ත්‍රය හෝ අභිසම්භිධාන යන්ත්‍රය   
කුඩා දරුවන්ට නවග්‍රහ යන්ත්‍රය   


මීට අමතරව විවිධ රෝගාබාධවලට පලඳින යන්ත්‍රද තිබේ. ලග්නවලට බාලගිරි දෝෂවලට යනාදී ලෙස විවිධ යන්ත්‍ර තිබේ.   


ඉහත සඳහන් කර ඇති යන්ත්‍ර ඇඳීමේදී ද රේඛා කැපී නොයන ලෙස ඇඳිය යුතුය. රේඛා කැපී ගියහොත් ලැබෙන ප්‍රයෝජනයක් නැත.   


යන්ත්‍රය ජීවම් කිරීමේදී ද නිවැරදි වත් පිළිවෙත් අනුගමනය කළ යුතුය. කහදිය බඳුනක් සාදාගෙන එය නිවැරදිව ජප කළ යුතුය. දුම්මල නිවැරදිව ජප කළ යුතුය.   


යන්ත්‍රය පැලඳීම සුභ හෝරාවක සිදුකළ යුතුය. මෙවැනි වත් පිළිවෙත් අනුගමනය කළහොත් එවැනි යන්ත්‍රයකින් ලැබෙන ප්‍රයෝජනය අතිවිශාලය.   


විශේෂයෙන්ම තව මාස කිහිපයකින් එළඹෙන අ.පො.ස උසස් පෙළ විභාගය, ශිෂ්‍යත්ව විභාගය වැනි විභාගවලට මුහුණ දෙන දරුවන්ගේ ග්‍රහ අපල දුරු කිරීමට සකසන යන්ත්‍රවලට මෙන්ම පොදුවේ සකස් කරන ඕනෑම යන්ත්‍රයක් ඉහත වත්පිළිවෙත්වලට අනුව සකස් කර දිය හැකි නම් එය මහත් පින්ගෙන දෙන කාර්යයක් වනවා නොඅනුමානය.   

 

 

 


පාඨශාලාචාර්ය, අත්තනගල්ලේ   
හේමසිරි විජේසිංහ   
21/658, මාලිගාතැන්න,   
අත්තනගල්ල.  



අදහස් (1)

ග්‍රහ දෝෂ දුරු කරන්න නිවැරදිව යන්ත්‍ර පලඳිමු

අකිල Friday, 09 August 2019 03:22 AM

අපිත් කැමතියි හොඳම සුරයක් පලදින්න ඒත් දැන් ඉන්න අය මුදලට ආත්මයත් විකුණන් කනවානේ. ඒක නිසා මටනම් කිසිම විස්වාසයක් නෑ මහත්තයෝ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site