IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ග්‍රහ අපල යනු මොනවාද ?

ජ්‍යෝතිෂයෙහි ග්‍රහ අපල යනුවෙන් හඳුන්වන්නේ ජීවිතයට බලපාන අයහපත් කටුක කාලපරිච්ඡේදයන් හා අසුබ සිදුවීම්ය. මේවා ග්‍රහයන් විසින් ඇති කරන බව පැවසුවත් සැබෑ ලෙසම අපල හෙවත් අයහපත් විපාක ඇතිකරන්නේ පූර්ව කර්ම විපාක මූලික වීමෙනි. එනම් ඔබගේ පූර්ව අකුසල් විපාක මෙලොව දී විපාක දෙන කාලවකවානු හා අනිටු සිදුවීම් ජ්‍යෝතිෂ්‍යයෙහි දක්වනු ලබන්නේ ග්‍රහ අපලයක්, අපල කාලයක් වශයෙනි. නමුත් මෙම අපල නම් ග්‍රහයන් විසින් ඔබට ඇතිකරන අනර්ථයක් නොව ඔබේ පූර්ව අකුසල් ඔබට විපාක දෙන ආකාරයයි.


උදාහරණයක් ලෙස ඔබේ කේන්ද්‍රයේ සිකුරු දුර්වල නම් පාප පීඩිත නම් විවාහය ප්‍රමාද වීම, විවාහය සිදු නොවීම විවාහය බිඳ වැටීම මෙන්ම ලෞකික සැප සම්පත් විඳීමේ භාග්‍ය අඩුවේ. එය සිකුරු විසින් ඔබට කරන දෙයක් නොව, ඔබ විසින් පූර්වයෙහි කරන ලද කාමයේ වරදවා හැසිරීම, පවුල් කඩාකප්පල් කිරීම විවාහ සහකරුට සහකාරියට පීඩා කිරීම අනුන්ගේ සැපතට බාධා කිරීම වැනි අකුසල්වල විපාකයි. ඔබේ එම කර්ම විපාක ජ්‍යොතිෂයෙහි හඳුනාගනු ලබන්නේ සිකුරු දුර්වල වීම තුළිනි.  


එහෙයින් එය සිකුරු විසින් ඇතිකරනු ලබන අපලයක් යැයි සඳහන් කළත් සත්‍ය නම් එය ඔබ විසින් පෙර කරන ලද අකුසලයකි. මෙසේ විවිධ කරුණුවලට විවිධ ග්‍රහයන් මුල් වන නමුත් අපල නම් පූර්ව අකුසල්වල විපාකම වේ. දැන් ඔබට ග්‍රහ අපල පිළිබඳ අවබෝධයක් ලැබී ඇත.  


මෙසේ ජ්‍යොතිෂය තුළින් පූර්ව අකුසල් හඳුනාගෙන එය සමනය කිරීමට අවශ්‍ය කුසල් සම්පාදන කටයුතු ශාන්තිකර්ම ලෙස නියම කරනු ලැබේ. නමුත් බෝධි පූජාවක් තැබීමෙන් දෙවියෙකුට බාරයක් වීමෙන් හෝ යන්ත්‍රයක් දැමූ පමණින් ඔබගේ අපලය හෙවත් අකුසලය සම්පූර්ණයෙන්ම දුරුවී යන්නේ නැත.  


එහෙයින් අපල හෙවත් අකුසලය කේන්ද්‍රය තුළින් හඳුනාගෙන එම අකුසල් දුරුකිරීමට අවශ්‍ය ශාන්තිකර්ම හෙවත් කුසළ කර්මවල යෙදිය යුතුවේ. මෙය උදාහරණයකින් පැහැදිලි කළ විට ඔබට තේරුම් ගැනීමට වඩාත් පහසු වනු ඇත. ඕනෑම කේන්ද්‍රයක ශනි දුර්වල වූ විට රැකියාව පිළිබඳ ගැටලු මතුකරනු ලැබේ.  


එම ගැටලුවලට මූලික වන්නේ ඔබ පෙර කරන ලද අකුසල්ය. සෙනසුරුට එල්ල වී ඇති පීඩා අනුව ඔබ පෙර කරන ලද අකුසල් හඳුනාගත හැකිය. ඒ අනුව අවශ්‍ය සම්පාදන කටයුතු කළ යුතුයි.  
අනුන්ගේ දියුණුවට බාධා කිරීම, සේවකයන්ට පීඩා කිරීම රැකීරක්ෂා ව්‍යාපාරවලට හානි සිදු කිරීම වැනි අකුසල් සෙනසුරු දුර්වලව පිහිටීමට හේතුය. එමගින් ඔබේ රැකියාවට බාධා ඇති කරයි. දියුණුව ප්‍රමාද වේ. දවස් හතක් බෝධිපූජා තැබූ පමණින් හෝ යන්ත්‍රයක් දැමූ පමණින් මෙ විපාක වෙනස් වන්නේ නැත.  


බොහෝ අකුසල් ආත්ම ගණනක් විපාක දෙනු ලබයි. එම අකුසල් සැබෑ ලෙසම දුරුවන්නට නම් නොපමාව අවශ්‍ය කුසල් සම්පාදනය කළ යුතුවේ. නමුත් එම කුසල් කළ යුතු වන්නේ පූර්වයේ කරන ලද කර්මයට අනුවය. එය ජ්‍යොතිෂය තුළින් හඳුනාගත හැකිය.  


ඒ අනුව අවශ්‍ය කුසල් සහ ශාන්තිකර්මවල යෙදෙනවිට ක්‍රමයෙන් විපාක වෙනස්වේ. සැබෑ ග්‍රහ අපල යනු මොනවාද? ඒවා වෙනස් කළ හැක්කේ කෙසේදැයි අවබෝධයක් දැන් ඔබට ඇත. නවග්‍රහයින් කේන්ද්‍රයේ පිහිටන ආකාරය බල දුබලබව අනුව පෙර කරන ලද ප්‍රකාශ වේ. ඒවා දක්ෂ ජ්‍යොතිෂවේදියකුට හඳුනා ගැනීම අපහසු නැත. ජ්‍යෙතිෂයෙහි ඇති වටිනාකම එයයි.  

 


වාස්තුවිද්‍යා උපදේශක, ජ්‍යොතිෂාචාර්ය, 
අනුරාධ පෙරේරා  

 



අදහස් (0)

ග්‍රහ අපල යනු මොනවාද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site