IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුප්ත විද්‍යාත්මක ශාන්ති කර්මයක් වන සෙත් කවියෙන් කළ හැකි දේ බොහෝමයි

අභිධානයට උචිත වන සේ අක්‍ෂර විද්‍යාව, ශබ්ද ශාස්ත්‍රය, පංචභූත චක්‍රය, ගණ, යෝනි ආදි අංගයන් මුල්කරගෙන තමාගේ හෝ අනෙකකුගේ යහපතක් අපේ‍ක්‍ෂාවෙන් එය සඵල කරදෙන ලෙස ඉල්ලා දෙවියන් ඉදිරියේ ගායනා කරනු ලබන පද්‍යය සෙත් කවියක් වන්නේය. 


රෝගාබාධ සුවකර ගැනීමට, නඩු, තරඟ ජය ගැනීමට, ව්‍යාපාර දියුණුවට, හැරගිය අය ගෙන්වා ගැනීමට, විවාහය හා දරුඵල ප්‍රමාදය වළක්වා ගැනීමට, පවුල් අවුල් දුරුකර ගැනීමට, විභාග හා සම්මුඛ පරීක්‍ෂණයෙන් ජය ලැබීමට වැනි විවිධ අභිලාෂයන් ඉටුකර ගනුවස් කරන්නා වූ මෙම සෙත් කවි ගායනය ගුප්ත විද්‍යාත්මක ශාන්තිකර්මයක් වශයෙන් හැඳින්වේ. 


සිදත් සඟරාව, කවි ලකුණු මිණි මාලය, පිංගලාචාරින්ගේ ජන්දස් ශාස්ත්‍රය වැනි කෘතිවලින් සෙත් කවි කලාවට අවශ්‍ය මූලිකාංග පිළිබඳ හඳුනා ගැනීමක් කළ හැකිය. ශබ්ද ශාස්ත්‍රය ගැන කියැවෙන ජ්‍යොතිෂ විද්‍යාවෙන් මේ සඳහා ලැබෙන පිටිවහල අති මහත්ය. යතිවරයාණන් වහන්සේලා පවා සෙත්කවි භාවනාවේ යෙදුණු බවත්, ඒවා විශ්වාස කළ බවත් කිවහැකි හොඳම උදාහරණ සංදේශ කාව්‍යවලින් මනාව හෙළිවේ. 


මේ සඳහා පැහැදිලි උදාහරණයක් වන්නේ කෝට්ටේ යුගයේ වැඩ විසූ ​තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය මගින් ලෝකනාථ හෙවත් උලකුඩය දේවියට පුත් රුවනක් ලබාදීම සඳහා උපුල්වන් දෙවිඳුන්ට සෙත් කවියකින් කරන ලද ආයාචනයයි. 


ඉන්පසු මහනුවර යුගයේ වැඩවිසූ දික්වැල්ලේ සාමනේර නම් හිමි නමක් විසින් රචිත හේම කුරුලු හෙවත් කහකුරුලු සංදේශය මගින් එවකට රාජ්‍යය හෙබවූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවට පුත්රුවනක් ලබාදීම සඳහා කඳ සුරිඳු පිහිට පැතීමද පෙන්වා දිය හැකිය. 


මෙම සංදේශ කාව්‍යයේම තවත් තැනක ගත්කරු හිමිගේ සිරුරේ වූ දදයක් සුවකර ගැනීමේ අරමුණින්ද කවියක් ලියා තිබීම විශේෂත්වයකි. 


නවීන විද්‍යා තාක්‍ෂණයට පවා හසුනොවී මුළු සේසතම වියදම් කරමින් කොතෙකුත් ප්‍රතිකාර කළත් සුව නොවන රෝගාබාධයන්ගෙන් පෙළෙමින් දිගු කලක් දුක් විඳින බොහෝ දෙනා පිළිබඳව අප අසා දැක ඇත. නවීන විද්‍යාවට හසු නොවන එකම දෙය ගුප්ත බලවේගයයි. 


එසේ නම් මෙවැනි රෝගාබාධවලට එකම හේතුව වන්නේ ගුප්ත බලවේග බව කිව යුතුය. ඒ අනුව එම ​රෝග තත්වයන් ගුප්ත රෝග නැතහොත් ගුප්ත දෝෂ ලෙසද හැඳින්විය හැකිය. මෙවැනි රෝගාබාධ අතර දිගු කල් පවතින හිසරදය, සන්ධි වේදනා, බඩේ ආබාධ, පපුවේ දැවිල්ල, සමේ රෝග, සිහිනෙන් බියවීම හා ඇවිදීම, මානසික දුබලතා ආදිය වේ. මේවා සමාජගතව ඇති අද්භූත උවදුරු වේ. නොපෙනෙන බලවේග වේ. 


මෙවැනි නොපෙනෙන බලවේග අතරට ගැනෙන තවත් දෙයක් නම් ඇස්වහ, කටවහ, හෝවහ දෝෂයන්ය. ස්ථීර නිගමනයක් දිය නොහැකි මෙම දෝෂ තත්ත්වයන් මගහරවා ගත හැකි වත් පිළිවෙත් රාශියක් අප අතර ඇත. යන්ත්‍ර, මැණික්, රුද්‍රාක්‍ෂ පැළඳීම, සෙත් පිරිත් කීම, බෝධි පූජා පැවැත්වීම, දේවාශිර්වාද ලබාගැනීම සඳහා බාරහාර වීම, දෙහි කැපීම, බලි තොවිල් පැවැත්වීම ආදිය මේ අතර වේ. මෙවැනි ගුප්ත විද්‍යාත්මක ශාන්ති කර්ම අතර සෙත්කවි ගායනාව සුවිශේෂි ස්ථානයක් ගනී. 


විශාල වියදමකින් තොරව මාස 3 - 4 ක් වැනි කෙටි කලකදී දිගු කලක් විඳි දුක්වේදනා තුරන් කර ගැනීමට මෙන්ම මුලින් සඳහන් කළ විවිධ අවශ්‍යතා සාර්ථකව විසඳා ගැනීමට නිසි ලෙස පබඳින ලද සෙත් කවියකින් හැකිවීම ඇත්තෙන්ම හාස්කමකි. 


සෙත්කවි ගායනාවෙන් ලැබෙන ප්‍රතිඵලය, දෙවියන්ගේ ගුණ වර්ණනා කරමින් උන්වහන්සේලාට පිං අනුමෝදන් කොට සාධාරණ අවශ්‍යතාවයක් සඳහා ඉටුකර දෙන ලෙස දෙවියන් යැදීම අනුව ලැබෙන දේවාශිර්වාදයක්ම ලෙස හැඳින්විය හැකිය. 

 


ගෞරව සම්මානලාභී, පාරම්පරික ජ්‍යොතීර්වේදී 
එච්.එම්.ටී.බී. හේරත් 
109, පැරකුම් මාවත, උයන්දන කුරුණෑගල. 



අදහස් (0)

ගුප්ත විද්‍යාත්මක ශාන්ති කර්මයක් වන සෙත් කවියෙන් කළ හැකි දේ බොහෝමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site