IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඔසයිරිස් දෙවොලේ අබිරහස

පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ දේව පුරාණයට අනුව, ඔසයිරිස් යනු මහ දෙවිඳුන්ය. මිසර දෙවි දේවතාවන්ගේ පියා වන්නේ ද ඔසයිරිස්ය. ඔසයිරිස්ගේ මරණය සහ දේහය තැම්පත් කළ ස්ථානය යැයි සංකේතවත් කරමින්, ඉදිකෙරුණු ඉපැරැණි දෙවොලක් පසුගියදා සොයා ගැණින. මිසර රජවරුන් එසේත් නැතිනම් පාරාවන්ගේ අනුදැනුම සහ උපදෙස් මත මෙම දෙවොල ඉදිකර ඇත්තේ, අසීමිත බලයක් ඇති ඔසයිරිස් දෙවියන් සහ පාරාවන් අතර පැවැති සම්බන්ධය පෙන්නුම් කරමින් යැයි පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.

 

 

 

මේ අසාමාන්‍ය හැඩයෙන් යුත් දෙවොලේ නටඹුන් හමුවී ඇත්තේ නයිල් නදිය අසල ලුක්සෝර් පළාතෙනි. මෙම දෙවොල ක්‍රි.පූ. 760 සහ 525 අතර කාලයේ ඉදි කෙරෙන්න ඇතැයි අනුමාන කෙරේ. මෙම වටිනා පුරාවිද්‍යා සොයා ගැනීම ගැන ලොවට හෙළි කළේ ඊජිප්තු පුරාවිද්‍යාඥ අමත්‍යාංශ ප්‍රධානී මම්දෝ අප් දෙමැක්ටී ය. මෙම දෙවොලේ අංගන දෙකක්, සොහොන් කාමරයක් සහ පුද පූජා කාමරයක් දකින්න ලැබෙන  බව ද පැවැසෙයි. එය ඔසයිරිස් දෙවියන් වෙනුවෙන් තැනූවක් බව අනාවරණය වී ඇත්තේ එහි ඔසයිරිස් මහ දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් දකින්න ලැබෙන නිසාය. ‘මේක සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන ඉපැරණි දේවාලවලට වඩා බෙහෙවින් වෙනස්. ඔසයිරිස් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කර පුද පූජා පැවැත් වූ බවට පුරා විද්‍යාත්මක තොරතුරු ලැබී තිබුණා. ඒත් එම දේවාලය අද වන තුරු හමුවී තිබුණේ නැහැ.’ යැයි මම්දෝ අප් දෙමැක්ටී කියා සිටී.


සිතුවම්වලට අනුව, ඔසයිරිස් යනු කොළ පැහැති සමක් ඇති දෙවියෙකි. ඇතැම් චිත්‍රවල යටි රැවුලක් ද ඇත. පාද මමීයක සේ වෙළුම් පටිවලින් වෙලා ඇත. සෑමවිටම හිසේ පැස්බර පිහාටුවලින් අලංකාර වූ ඔටුන්නක් දකින්න ලැබේ. කැණීම්වලිදී මතුවුණු ඔසයිරිස් දෙවොලේ ඔසයිරිස් පිළිමයට දකුණු දෙසින් මීටර් හතක් ගැඹුරට විහිදෙන තවත් කාමර දෙකක් හමුවී ඇත. මේවායේ කැණීම් මේ වනවිට සිදුවෙමින් පවතින අතර රහස් රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි ද පැවැසෙයි. මෙම දෙවොල ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම් ආරම්භ කර ඇත්තේ 1980 දශකයේ සිටය. ඒ, පුරාවිද්‍යාඥ පිලීප් වයිරේගේ මූලිකත්වයෙනි. ඔසයිරිස් දෙවොල මතු කර ගැනීමට හැකි වූයේ ඉකුත් වසරේදීය.


ඔසයිරිස් දෙවොල සොයා කැණීම් කරද්දී තවත් සොහොන් ගැබක් හමුවී ඇත. එය මිසර රැජිනකගේ සොහොන් ගැබක් යැයි පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් එම රැජින කවුරුන්දැයි හඳුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැත. එම රැජින නෙෆරේරේ පාරා​ෙවා්ගේ මෑණියන් හෝ බිරියක හෝ විය හැකි යැයි අනුමාන කෙරේ. මේ සොහොන් ගැබ සොයා ගැනීමට හැකි වී ඇත්තේ චෙක් ජනරජයෙන් පැමිණ සිටින පුරාවිද්‍යාඥ කණ්ඩායමකටය. ඒ, ‘අබු සර්’ නමින් හැඳින්වෙන පළාතෙනි. ‘අබු සර්’ යනු පුරාණ රාජධානියකි. 


දේව පුරාණයට අනුව, ඔසයිරිස් මහ දෙවිඳුගේ කතාව ඛේදනීයයි. ඔසයිරිස්ගේ සතුරා වන්නේ ඔහුගේ සොයුරා සෙත් ය. සෙත් සහ ඉතියෝපියාවේ රැජිනක ඔසයිරිස් මරා දැමීමට සැලැසුමක් සකස් කළහ. ඊට තවත් හැත්තෑ දෙදෙනකුගේ සහාය හිමිවිය. ඔසයිරිස් රවටා ඔහු මරා ඔහුගේ සිරුරු කොටස් පෙට්ටගමකට දමා අගුළු ලා නයිල් නදියට විසි කර දැමුණි. එම පෙට්ටිය ගසාගෙන ගොස් ගසක ඇලී කල් ගතවෙද්දී එය එම ගසේ කොටසක් බවට පත් වෙයි. ඔසයිරිස්ගේ බිරිය අයිසිස්, ඔසයිරිස් සොයා යද්දී ගසේ සිරවී තිබුණු පෙට්ටිය සොයා එය විවර කරද්දී ඔසයිරිස්ගේ සිරුරු කොටස් හමුවෙයි. මැජික් බලයෙන් ඇය ඔසයිරිස්ට පණ දෙයි. දෙදෙනා පුතකු ද බිහි කරයි. එම පුතාගේ නම හෝරස්ය. මේ අතර අයිසිස් අතින් ඔසයිරිස් මියයයි. ඔසයිරිස්ගේ දේහය රහසේම කාන්තාරයේ තැනක තැම්පත් කෙරේ. ඔසයිරිස් සහ අයිසිස්ගේ පුතු හෝරස්ට ඇත්තේ උකුසු හිසකි. මේ අතර කාන්තාරයේ දඬයම් කරමින් සිටිද්දී සෙත් ට ඔසයිරිස්ගේ සිරුර හමුවන අතර ඔහු එය කොටස් ගණනකට කපා කාන්තාරය පුරා විසුරුවයි. අයිසිස් තම සැමියා ගැන දුකට පත්වී එම කොටස් සියල්ල එක් කරයි. අවසානයේ දී මළවුන්ගේ ලෝකයේ අධිපති ලෙස ඔසයිරිස් යළි පණ ලබයි.

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න



අදහස් (0)

ඔසයිරිස් දෙවොලේ අබිරහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1100 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site