IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඔබේ හඳහනේ කොටු 12 ගැන දැනුම්වත් ​ෙවන්න

යම්කිසි ​අයෙකු මව්ගේ කුසින් නික්ම මෙලොව ආශ්වාසය ලබන මොහොතේ නැගෙනහිර අහසේ ඒ මොහොතේ උදාවෙමින් පැවතුන රාශි 12 න් එකක් උප්පත්තිය ලැබූ අයගේ ලග්නය ලෙස හඳුන්වා ලිය හැකිය.   


ලග්න කේන්ද්‍රයේ කොටු 12 කි. මෙහි පළමු ස්ථානය ලග්නයයි. කේන්ද්‍රයේ සඳු රාශිය හා ස්ථානයත් රවි සිටි රාශිය හා ස්ථානයත් ඉතා වැදගත්ය. රවිගේ ප්‍රභාශක්තියත් සඳුගේ ක්‍රියාශීලීත්වයත් අදාළ ජන්මියාගේ ගතිපැවතුම්වලට විශේෂ බලයක් ගෙනදෙයි. රවි සඳු සිටි ස්ථාන සහ එකී ස්ථානවලට අධිපති ග්‍රහයන් ගැනද නිශ්චය කිරීමේදී මොවුන් දුර්වල තැන්වල උපදින විට සිටියේ නම් දුර්විපාක ගෙනදෙන අතර ලග්නාධිපතියා බලවත්ව සිටිවිට ශුභඵල සහ යහගුණ දියුණු කිරීමට හේතුවක් වෙයි.   


කේන්ද්‍ර සටහනේ පළමු කොටුවෙන් (ලග්නභාවය) ජන්මියාගේ ගති පැවතුම් හා දේහ ලක්ෂණ කියැවෙයි. විශේෂයෙන් ශරීරය, ගතිගුණ, වාසනාව, අවාසනාව ආදියයි.   


ඔබේ හඳහනේ 02 වැනි කොටුව ධනස්ථානය ලෙස සැලකෙයි. ධනය, දේපල කථාවේ දක්ෂතාවය, දිළිඳු වීම, මරණය ආදී දේවල් 02 වැන්නෙන් බැලිය හැකිය. සෑම ලෞකික බලවේගයක්ම මෙම ස්ථානයේ පවතින බලදුබලතාව අනුව පැවැත්ම සිදුවෙයි. දෙවැන්න හා එහි අධිපති ග්‍රහයා ගැන සොයාබලා කේන්ද්‍ර හිමිකරු හිමිකාරිය ගේ පැවැත්ම හෝ ධනවත්කම අනාවරණය කර ගත හැකිය.   


කේන්ද්‍රයේ 03 වැන්න සහෝදර ස්ථානය ලෙස සැලකෙයි. සහෝදර සහෝදරියන්, නෑයින් හිතවතුන් මෙම ස්ථානයට අදාළ වෙයි. එසේම 03 වැන්න කේන්ද්‍රයේ ආයුෂ ස්ථානයක් ලෙසද සැලකෙයි. දැනීම වික්‍රම බව, ගෞරවය, කීර්තිය ආදී දේවල් 03 වැන්න හා 03 අධිපතියාගෙන් දැනගත හැකිය.   


හඳහනේ 04 වැන්න බන්ධු ස්ථානය ලෙස සැලකෙන අතර, දේපළ, සැප සම්පත්, ඉඩම් කඩම් ගෘහ ජීවිතය ඥාතීන් ගැනද සොයා බැලිය හැකිය. 04 වැන්න වාසස්ථානය සුඛස්ථානය ලෙසද සැලකෙයි. මෙම ස්ථානයේ සිටින ග්‍රහයාගේ සහ අධිපති ග්‍රහයාගේ බලදුබලකම් අනුව ඵල විපාක ශුභ අශුභ වශයෙන් දක්වාලිය හැකිය.   


පස්වැනි කොටුව (05 වැන්න) පුත්‍ර ස්ථානය සහ විද්‍යස්ථානය (බුද්ධි) ලෙස සැලකෙයි. ජන්මියාගේ සහ බුද්ධිය, අධ්‍යාපන කටයුතුවලට දක්වන කැමැත්ත ආලය ප්‍රේමය, දරුවන්, දරුවන්ගේ ගුණවගාව ඥානවන්ත බව චරිත ශුද්ධිය ආදී දේවල් ගැන දැනගත හැකිවෙයි.   


කේන්ද්‍රයේ 06 වැන්න ජන්මියාගේ බලය හැකියාව තහවුරු කරන ස්ථානය වෙයි. එසේම සතුරන් හා ලෙඩ රෝග ගැනද මෙම ස්ථානයෙන් දැනගත හැකිය. බලවත් පාප ග්‍රහයින් ලෞකික වේශය විදහා දක්වන ග්‍රහයින් සිටීම මෙහිදී වඩාත් උචිතය. බුධ සඳු සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයින්ට වඩා රවි කුජ රාහු වැනි පාප ග්‍රහයින් සිටීම වඩාත් යෝග්‍ය වෙයි. එහෙත් ශනිට 06 වැන්න එතරම් ගුණ නැත.   


හඳහනේ 07 වැනි කොටුවෙන් විවාහ ස්ථානය නිර්මාණය වෙයි. විවාහය සේම අනෙකුත් සමාජ සම්බන්ධතාද මින් බැලිය හැකිය. මෙම 07 වැන්න වාරණ ස්ථානය සේම ලෞකික ආශාවන් පෝෂණය කරගන්නා ස්ථානය නිසා මෙය හතර කේන්ද්‍රයේ වැදගත් තැනක් ගනී. 07 වැන්නෙන් උත්පාදක ශක්තිය ගෙනදෙන අතර එහි පැවැත්ම කේන්ද්‍රයේ 02 වැන්නෙන් සිදුකරනු ලබයි. එනිසා විවාහ ජීවිතය ගැන සොයා බැලීමේදී 02 වැන්නේ නිරීක්ෂණය කිරීම වැදගත්ය.   


හඳහනේ 08 වැනි කොටුව මාරක ස්ථානයයි. ප්‍රධාන මාරක ස්ථානයෙන් 02 වැන්නවූ කේන්ද්‍රයේ 08 වැන්නද ආයුෂ ගැන කියැවෙයි. ගුප්ත රහස් ක්‍රියා හෝ මැරකම් ආදිය ගැනද 08 වැන්නෙන් සොයා බැලිය හැකිය.   
කේන්ද්‍ර සටහනේ 09 වැනි ස්ථානය පුණ්‍යස්ථාන හෙවත් භාග්‍ය ස්ථානය ලෙස සැලකෙයි. උසස් දැනුම (අධ්‍යාපනය) ආගම දහම කෙරෙහි ඇති උනන්දුව, විදේශ ගමන් බිමන් විවාහයට ලැබෙන අයගේ සහෝදරාදීන් ගැනද 09 වැන්නෙන් තොරතුරු අනාවරණය කරගත හැකිය.   


කේන්ද්‍රයේ 10 වැන්න ඉතා බලවත් තැනකි. ලෞකික හා ලෝකෝත්තර ක්‍රියාකාරකම් මින් අනාවරණය කරගත හැකිය. රැකියා කටයුතු ගැන සේම පියා ගැනද තතු කියයි. ජන්මියාගේ උසස් අදහස් සේම පහත් ක්‍රියාද ක්‍රියාත්මක වන්නේ මෙම ස්ථානයේ පවතින බල දුබලකම් අනුවයි. 10 අධිපතියා උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම ඉතා ශුභයි. පියා කෙරෙහි ඇති සම්බන්ධකම් සේම විවාහ සහකරු සහකාරියගේ වත් පොහොසත්කම් ආදියද 10 වැන්නෙන් කියැවෙයි.   


11 වැන්න අයස්ථානය ලෙස සැලකේ. රැකියා කටයුතුවලින් හා වෙනත් ක්‍රමවලින් ලබන ආදායම් ගැන මෙහි සිටින ග්‍රහයා අධිපතියාගේ බල දුබලකම් අනුව තතු හෙළිකර ගත හැකිය. පොත්පත් ලිපි ලේඛන මාධ්‍ය කටයුතු ගැන හා හිතමිත්‍ර සබඳතාද 11 න් කියැවෙයි.   


12 වැන්නෙන් සියළු වියපැහැදම් ගැන සොයා බැලිය හැකිය. සඳු බුධ සිකුරු රාහු වැනි ග්‍රහයන් 12 වැන්නට සුදුසු වන්නේ ශනි කේතු වැනි ග්‍රහයන්ය. සකසුරුවම මින් ඇතිකරයි.   

 

 

 

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී 
කලාභූෂණ සාම විනිසුරු 
ආර්. ඇම්. ටී. බී. රත්නායක



අදහස් (1)

ඔබේ හඳහනේ කොටු 12 ගැන දැනුම්වත් ​ෙවන්න

නිකේත ප්‍රභානී Thursday, 05 December 2019 05:51 AM

විස්තර දැනගන්නේ කොහොමද?

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site