සමාජයේ බොහෝදෙනෙක් තම දැන උගත්කම් මත හෝ දක්ෂතා මත සුදුසු අයුරින් තැනක් නොලැබී සිත් තැවුලින් පසුවෙති. ඇතැම් අයට තම තමන්ගේ අධ්‍යාපන දැනුම හා කුසලතා මත විවිධ අංශයන් හි රැකියා තනතුරු ලැබීමේ වාසනා ගුණය උදාවේ. මෙහිදී තම ජන්ම පත්‍රයේ ධර්ම කර්මාධිපති යෝගය හිමි අයට තමාට හැකි ඉක්මනින් නිසි පරිදි උසස් රැකියා නිලතල බලාපොරොත්තු ඉටුවීමේ ඉහත ග්‍රහයෝගය සාර්ථකව බලපවතීනු ඇත.
ජ්‍යොතිෂයේ දී ප්‍රධාන යෝගයක් වශයෙන් ධර්ම කර්මාධිපති යෝගය තම ලග්නයේ නව වැනි කොටුව හෙවත් භාග්‍යස්ථානය වේ. තවද පුණ්‍යස්ථානය වශයෙන්ද හඳුන්වනු ලබන මෙම ස්ථානය ත්‍රිකෝණ රාශි අතුරෙන් වඩාත් බලවත් වූ මෙම රාශිය තමාගේ පෙර පින්බලය ඉස්මතු කරවන ස්ථානය වේ. ලග්නයෙන් දස වැන්න රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්ථාන දෙකේ අධිපති ග්‍රහයින් යෝග වී සිටීම හෝ රාශි මාරු කරගෙන සිටීම තුළින් ධර්ම කර්මාධිපති යෝගය බලවත් රාජ යෝගයක් වශයෙන් හඳුන්වනු ලැබුව ද විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේ සිටීම හෝ කුජ ග්‍රහයා එම ස්ථානයේ බලවත් වීම ද, සෙනසුරු නව වැන්නේ හෝ දහ වැන්නේ පිහිටීම ඉතා බලවත් රාජ යෝගයකි.
මෙවැනි යෝගයක් හිමි අය තම උපන් බිමට කීර්තිය සලසා දෙන උදාර නායකයන් ලොවට දායාද කරන ඉමහත් රාජ යෝගයකි. ධර්ම කර්මාධිපති යෝගය ලග්නයෙන් ලග්නයට මෙසේ උදාවනු ඇත. මේෂ ලග්නයට නවය අධිපති ග්‍රහයා වන්නේ ගුරුය. දහ වැන්න අධිපති වන්නේ සෙනසුරුය. වෘෂභ ලග්නයට නව වැන්න සහ දහ වැන්න යන රාශි දෙකම අධිපති සෙනසුරු වේ.
මිථුන ලග්නයට නව වැන්නාධිපති සෙනසුරුය. දස වැන්නාධිපති ගුරු ග්‍රහයා වේ. කටක ලග්නයට නව වැන්නාධිපති ගුරු ග්‍රහයා සහ දහ වැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයා වේ. සිංහ ලග්නයට නව වැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයායි. දහ වැන්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා වේ.
කන්‍යා ලග්නයට නව වැන්නාධිපති සිකුරු ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති බුධ ග්‍රහයා වේ. තුලා ලග්නයට නව වැන්නාධිපති බුද ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති සඳු ග්‍රහයා වේ. වෘශ්චික ලග්නයට නව වැන්නාධිපති සඳු ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති රවි ග්‍රහයා වනු ඇත. ධනු ලග්නයට නව වැන්නාධිපති රවි ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති බුධ ග්‍රහයා වනු ඇත.
මකර ලග්නයට නව වැන්නාධිපති බුධ ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති සිකුරු වේ. කුම්භ ලග්නයට නව වැන්නාධිපති සිකුරු වන අතර දහ වැන්නාධිපති කුජ ග්‍රහයා වේ. මීන ලග්නයට නව වැන්නාධිපති කුජ ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති ගුරු ග්‍රහයා නම් වේ. මේ අනුව ධර්ම කර්මාධිපති යෝගයට අයත් එක් එක් ග්‍රහයන් එක පහ නවය හා දහය තුළ ද බලවත් වූ විට උසස් අධ්‍යාපනය රැකියා ලාභ ව්‍යාපාර දියුණුව මෙන්ම ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ද යහපත් මගකට මන්පෙත විවර කරන සුභ නිමිත්තක් බවට පූර්වාචාර්ය මතය වේ.
කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාර ද ගුප්ත විද්‍යාවේදී,
ජේ.එම්. ජයන්ත ඒකනායක
සියපත කාර්යාලය, දංගස්පිටිය වීරඹුගෙදර, කුරුණෑගල
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබට උසස් රැකියාවකට හිමිකම් කියන බලවත් ධර්ම කර්මාධිපති යෝගය
Malisha sachintha Monday, 02 September 2019 01:12 PM
මගෙ ලග්නෙ මිථුන මගේ කේන්දරයේ 9 වැන්නෙ සහ 10 වැන්නෙ කිසිදු ග්‍රහයකු නැත එවිට පලාඵල කොහොමද?