IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


ඔත්තු බැලූ සේනා රැඳවූ කඳු

හංවැල්ලේ රාජසිංහ රජුගේ සටන්බිම

 

 

 

ලංකා ඉතිහාසයේ පහළ වුණු රණකාමී මෙන්ම රණශූර රජෙක් හැටියට සීතාවක රාජසිංහ රජු ඉහළින් තැබිය යුතුය. මේ ලිපි පෙළ වෙනුවෙන් අප පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් හමුවීමු. උන්වහන්සේ එක හඬින් ම අපට කියා සිටියේ ‘‘ලෝකයේ කිසිම රටකින් පරංගින්ට මේ තරම් දරුණු ප්‍රහාර එල්ල වුණේ නෑ. සීතාවක රාජසිංහ තමයි පරංගින්ට එළව එළවා පහර දුන්න කෙනා. ඒ නිසා සීතාවක රාජසිංහ හාමුදුරුවරු මැරුවේය, පියා මැරුවේය, කෝවිල් හැදුවේය, පන්සල් විනාශ කළේය ආදී දහසක් පඩංගු ජනප්‍රවාද හදලා තියෙනවා. ඔය සීතාවක ඇවිදලා බැලු‍වහම කවුරුත් මේ ‘පඩංගු’ කතා ටික කියනවා. ඒවා වැරැදියි. පරංගින්ට දරුණු විදිහට ගහපු නිසා පරංගි එහෙම පට්ටපල් බොරු නිර්මාණය කළා. ඒවා ප්‍රලාප. පරංගි ලිව්ව ලේඛනවල සීතාවක රාජසිංහ ගැන ඉතිහාසය අඳුරු වෙන්නයි මේ කතා ලියැවුණේ. මේ දේවල් තමයි අදත් සීතාවක හෝ රටේ ජනතාව පිළිඅරන් තියෙන්නේ. මේ සීතාවක රාජසිංහ ඉතිහාසය ඇත්තටම අඳුරු විය යුත්තක් නොවෙයි. එය එළිය විය යුත්තක්.’’


එල්ලාවල හාමුදුරුවන් කී දේය. සැබැවින්ම සීතාවක රාජසිංහ රජතුමා ගැන කියද්දි එකී ජනප්‍රවාද ගොඩකි. සමහර ඒවා සම්පූර්ණයෙන්ම රාජසිංහ කෙරෙහි මහා අඳුරක් ඇති කරන්නකි. ඒ සමහර දේ නිවැරදි කරමින් මේ ලිපි පෙළ ගෙන යාම මගේ අදහසයි.   


සීතාවක රාජසිංහ යනු රජ වීමට මත්තෙන් ටිකිරි කුමාරයා ය. ඔහුගේ පියා වූයේ මායාදුන්නේ රජු ය. ටිකිරි කුමාරයා අවුරුදු දහ දොළොස් වියේ පටන් රණකාමී, නිර්භීත, අභීත රාජ කුමාරයෙක් බව ඉතිහාසගත ය. ඔහු පළමු රාජසිංහ නමින් සීතාවක රාජ්‍යයේ රජු වී මිය යනතුරුම සීතාවක රාජසිංහ කළේ දරුණු සටන් ය. ඒ නිසා සීතාවක යනු රාජසිංහගේ සටන් බිම යැයි කීම වරදක් නැත.   


එහි බොහෝ බල කොටු තිබිණි. ඔත්තු බැලූ මහා කඳු තිබිණි. මෙහි තැන් කිහිපයක් අදත් විස්තර කරමි.   
ඊට පෙර සරලව විජයබා කොල්ලය පිළිබඳ යමක් ලිවිය යුතුය.   


සීතාවක වැදගත් ස්ථානයක් බවට පත්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදුවූ විජයබා කොල්ලය සමගය. මෙය සැබැවින්ම රාජ්‍ය පෙරළියකි. මෙහි දී විජයබාහු රජු මරණයට පත්වූ අතර කෝට්ටේ රාජධානිය ඔහුගේ පුතුන් තුන් දෙනා අතර බෙදී ගියේය.   


ඒ අනුව වැඩිමහල් පුත් බුව​ෙනකබාහු ට කෝට්ටේ රාජ්‍යයත්, දෙවැනි පුතු රයිගම්බණ්ඩාර ට රයිගම ප්‍රදේශයත්, මායාදුන්නේට සීතාවක රාජ්‍යයත් බෙදී ගියේය. මේ අතරින් කෝට්ටේ ප්‍රධාන රාජ්‍ය වූ අතර රයිගම හා සීතාවක ප්‍රාදේශීය රාජ්‍ය විය. 

 
ටිකිරි බණ්ඩාර කුමරුගේ (පසුව සීතාවක රාජසිංහ) පියා වන මායාදුන්නේ රජු සීතාවක රාජ්‍යයයේ පළමු පාලකයාය. රයිගම්බණ්ඩාර මියගියේ මායාදුන්නේ සීතාවක රජ කරද්දීය. මේ නිසා රයිගම රාජ්‍යයද සීතාවකට ඈඳා පාලනය වීය. කෝට්ටේ රාජ්‍ය හා පෘතුගීසින් අතර අවුලක් මුලදී විය. මේ අතරේ කෝට්ටේ බුවනෙකබාහු රජු කළේ කෝට්ටේ රාජ්‍යය තමාගේ මුණුබුරු ධර්මපාල කුමාරයාට පැවරීමට කටයුතු කිරීමය. පසුකාලයේ ධර්මපාල කුමාරයා පෘතුගීසින්ගේ රූකඩයක් බවට පත් වූ බව රහසක් නොවේ.   
කෙසේ හෝ වේවා කෝට්ටේ රාජ්‍යය ධර්මපාල කුමරුට පැවරීම නිසා සීතාවක සිටි මායාදුන්නේ රජු හොඳටම කිපුණේය. එදායින් පසු මායාදුන්නේ නිතර නිතර කෝට්ටේ රාජ්‍යයට අවුල් වියවුල් ඇති කළ බව පෙනේ.   
මෙහිදී රාජ්‍ය පාලන කටයුතු සහ යුද්ධ කටයුතු මෙහෙයවමින් මායාදුන්නේ රජුට අනගි සහායක් දුන්නෙ වැඩි වයසක නොසිටි ටිකිරි බණ්ඩාර පුත් කුමරුය.   


පියාගේ මරණින් පසු ටිකිරි කුමරු පළමු රාජසිංහ නමින් රජ වනවිට සීතාවක රාජ්‍යය කෝට්ටේ රාජ්‍ය‌යේ අල්ලාගත් කොටසකින්ද, රයිගම රාජ්‍යයෙන් ද පොහොසත් විය. කෝට්ටේ ධර්මපාල රජු පෘතුගීසින්ගේ රූකඩයක් බවට පත් වී කිතුනු දහම වැලඳ ගැනීමත්, දළදා වහන්සේගේ භාරකාරීත්වය සීතාවක රාජ්‍යයට හිමිවීමත් නිසා ලක්වැස්සෝ තමාගේ අගරජු ලෙස සීතාවක රාජසිංහ රජු පිළිගත්හ.   
සීතාවක රාජසිංහ රජුගේ ඉලක්කය වූයේ පෘතුගීසින් ලංකාවෙන් පලවා හැරීමය. සීතාවක රාජසිංහගේ රණශූරත්වයත්, යුද්ධෝපක්‍රමත් ඊට මනා ශක්තියක් ද විය. වයස අවුරුදු දොළහේ දී පමණ සිට වර්ධනය වූ ටිකිරි කුමරුගේ යුද දක්ෂතාවය පැළෑද නුවරින් හා මුන්ඩකොන්ඩපල නුවරින් වීදිය බණ්ඩාර පලවාහැරීම, මුල්ලේරියා සටනින් පෘතුගීසින් දරුණු ලෙසම පරාජය කිරීම, අවස්ථා ගණනාවක් කොළඹ කොටුව වටලෑම යන හේතු ගණනක් නිසා සීතාවක රාජසිංහ රජු ලංකාවේ පමණක් නොව යුරෝපයේ ද පතළ වූ බව කියැවේ.   
“මහත්තයෝ අර ඈතින් පේන්නේ නාරංගල කන්ද” ඉතා සුවිසල් කඳු පෙළක්. අතක් දිගු කොට එල්ලාවල මේධානන්ද හිමියෝ මට පෙන්වූහ.   


“ඔය නාරංගල කන්ද මුදුනේ එදා සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ කොඩිය දාලා තිබුණා. ඔය කන්දට නැග්ගම අදටත් කොළඹ පේනවා. කෝට්ටේ ඉඳලා ඇතුළු සේනා එනවද කියලා බලන්න ඒ කාලේ මේ නාරංගල කන්ද යොදාගෙන තියෙනවා. මේකෙ උඩ රාජසිංහ රජුගේ ඔත්තුකාරයන් ඉඳලා තියෙනවා. සේනාව එනවා දකින විටම රජතුමාට පණිවුඩය ලබා දෙනවා. එවිට අතරමග බලකොටු වහාම සූදානම් වෙලා මේ සේනාව පරාජය කර පලවා හරිනවා” නාහිමියෝ කීහ. 

 

 
සීතාවක රාජ්‍ය සිට කෝට්ටේ සහ කොළඹ ඔත්තු බැලීමට භාවිත කළ තවත් කන්දක් වනුයේ යකහටු කන්දේ උතුරු දෙසට වන්නට පිහිටි කොබෝතුරාගල ගල් පර්වතයයි.   


මෙහි ඉදිරියට නෙරා ගිය ගල් තලාවක් ද වෙයි. කොබෝතුරාගල කන්දේ බටහිර දෙසින් කොළඹ, කෝට්ටේ සහ මුහුද ද, අනෙක් පසින් හංවැල්ල, කඩුවෙල, කැලණිය, මල්වාන ප්‍රදේශ ද මැනවින් දිස්වේ. සීතාවක රාජ්‍යයට විරුද්ධව කෝට්ටේ සේනා හා පෘතුගීසි සේනා නිතර පැමිණියේ මේ ප්‍රදේශවලින් නිසා කොබෝතුරාගල ගලත්, නාරංගල කන්දත් සීතාවක රාජසිංහ රජුගේ යුද ශක්තියට බෙහෙවින් උපකාර විය. මේ කඳු දෙකේම දිවා රෑ දෙකේම රාජසිංහ රජුගේ ඔත්තුකරුවෝ ලැගුම් ලා සිටියහ.

   
මේ ස්ථාන කොයිතරම් වැදගත් සන්ධිස්ථාන වීද යත් එම නාරංගල කන්දේ හා කොබෝතුරාගල පර්වතයේ සිටි ඔත්තුකරුවන්ට රාජසිංහ රජතුමා ගම් වරද ලබාදුන් බව කියැවේ. ‘බලන්නලාගේ’ යන පෙළපත් නාමය ද මේ ඔත්තු බැලූ පිරිසට රජු ප්‍රධානය කළ බව ජනප්‍රවාදයේ පැතිර ඒ.   


මේ කොබෝතුරාගල අද වඩාත් ප්‍රසිද්ධ බැලු‍න්ගල නමිනි. ඊළඟට ඔත්තුකරුවෝ අතර දුනුවායෝ ද ස්ථානගත කර සිටියහ. ඈතින් එන සතුරු සේනා පිළිබඳ පණිවිඩ ඉක්මනින් හා වේගයෙන් ලබාදීමට මෙසේ දුනුවායන් සිට ඇත. ඔවුන් කළේ සතුරන් ගේ පැමිණීම මාර්ගය පිළිබඳව තල්පතක ලියා හීයක බැඳ ගල මුදුනේ සිට රජුගේ යුද සේනාංක වෙතට යොමු කිරීමය. ඈත යුද සේනාංක එන විට ගලඋඩ ඔත්තු බලන අයට පණිවිඩය රජුගේ සේනාංක වෙත ලබාදීමට ගියේ ගල මුදුනේ සිට ඊයක් යන වේලාව පමණි. ඒ අනුව මේ රහස් පණිවුඩ හුවමාරුව වේගයෙන් හා ආරක්ෂිතව හුවමාරු විය.   


මේ ඊතල ප්‍රහාරය එල්ල වන්නේ ගල මුදුනට නුදුරු කඳවුරේ විශේෂ පුවරුවක් වෙතය. කඳවුරේ පුවරුවට ඊතලයේ ලියූ පණිවිඩය සහිත තල්පත ලැබුණු සැනින් එය ඊළඟ කඳවුරේ ඊතල පුවරුවට දුනුවායෝ වහා යොමු කරති. මේ කඳවුරු වල ද ඊට මනා හැකියාව පැවැති දුනුවායෝ සිටියහ. ඒ අනුව සේනා රාජ්‍යය මායිමට සතුරෝ කිට්ටු වන විට සියලු‍ කඳවුරු දැනුම්වත් විය. ප්‍රහාරවලට සියල්ල සූදානම් විය.   
මෙවැනි සුවිශේෂී යුද තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක් සීතාවක රාජසිංහ රජුගේ යුද ජයග්‍රහණ වලට බෙහෙවින් හේතු වූ බව පෙනේ. 

 

 


‘‘ඊළඟට මේ ගැටහැත්ත හන්දිය. ඒක සීතාවක රාජධානියේ කඩවතයි. කඩවත කියන්නේ රාජධානි දොරටුවක් කියන එකයි. රත්නපුර පැත්තට යන්න තිබුණු රාජධානියේ දොරටුව තමා මේ ගැටහැත්තේ කඩවත.’’ එල්ලාවල හිමියෝ කියන්නාහ. 

 
ගැටහැත්ත යනු වර්තමානයේ අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල සිට කිලෝමීටර් හතක් පමණ යන විට හමුවන හන්දිය කි. අද මේ හන්දිය රාජධානි දොරටුව සම්බන්ධ නටබුන් කිසිවක් නැත. දැන් මෙහි ඇත්තේ විශාල බෝ ගසක් සහ පරණ කඩ පේළියකි.   


අතීතයේ ගැටහැත්තේ පිහිටි මේ කඩවතේ අවි ආයුධ සන්නද්ධ හමුදා පිරිස සිට ඇත. සීතාවක රාජ්‍ය සමයේ ගැටහැත්ත, බෝපැත්ත, තලාපිටිය ඔස්සේ රත්නපුරයට හා දෙනවකට මාර්ගයක් තිබී ඇත. ඉහත මාර්ගයට සම්බන්ධ වන තවත් අතුරු මාර්ගයක් සීතාවක සිට මානියම්ගම හරහා තිබී ඇත. මේ මාර්ගයේ මානියම්ගම ගම් සීමාවේ උස් ගොඩනැගිල්ලක මුරපොලක් වූ බව ජනප්‍රවාදයේ එයි. මෙතැන කඩවතක් (රාජධානියේ අතුරු දොරටුවක්) වූ බව පැවසේ.   


මෙය ප්‍රධාන දොරටුවක් නොවූ අතුරු දොරටුවක් වූ බැවින් මායාදුන්නේ රජතුමා සේම සීතාවක රාජසිංහ රජුත් විවේකී අවස්ථාවල දී රජ පවුලේ අයත් සමග දිය නෑමට බිසෝදොල නමැති ස්ථානයට ගොස් තිබේ. එසේ යද්දී මානියන්ගම වූ කඩවතහි රජු විවේක ගත් බවත් ජනප්‍රවාදගත ය.   


රජු මෙසේ යන අවස්ථාවක මඩගම්මන නම් ස්ථානයේ තරුණයකු කුඹුරක් කොටමින් සිට ඇත. එකවරම මහ වැස්සක් ඇද හැලු‍නෙන් මේ තරුණයා තමන් කොටමින් සිටි විශාල උදැල්ල කුඩයක් මෙන් ඉහලාගෙන ගොස් තිබේ. මෙය දුටු රාජසිංහ රජතුමා තරුණයා ගේ කායශක්තියත් උදැල්ලේ ප්‍රමාණයක් දැක පුදුම වී ඔහුට මාගම්මන ගම ගම්වරයක් ලෙස පවරා රජුගේ යුද සේනාවට ද බඳවා ගත් බව කියැවේ. මේ මාර්ගයේ යුද මුරපොළ තිබුණු තැන රජ කෑල්ල ලෙස අද හඳුන්වයි. පසුව මේ ප්‍රදේශයේ රාජකීය යන පැවැති බවත් කියැවේ.   
මේ ස්ථානයේ දී කුඩා ඇළවල් කිහිපයක් එකතු වී රිටිගල ඇල ගලන නිසා තුන්තොට නමින් ව්‍යවහාර විය. අද මෙතැනට කියන්නේ තුම්මෝදර කියාය. තුන්තොට හා තුම්මෝදර යනු එකම තේරුම් දෙන්නකි. සීතාවක රාජධානියට ආසන්නව මෙහි සඳහන් තුන්තොට වාඩියේ දොඩම්පෙ ගණිතයාගේ දුව නතර කර තිබූ තැනක් ලෙස ද මතයක් පවති. අලගියවන්න මුකවැටි සමයේ ලියූ සැවුල් සන්දේශයෙන් සීතාවක සිට සබරගමුවට ගිය ගමන් මගේ ගැටහැත්ත මුරපොළ එහි සිටි හමුදාව හා අවි ආයුධ දැකගත් බව දැක්වේ.   


ඉතිරිය ලබන සතියට   


ස්තූතිය - පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමි

 

 

සටහන / ඡායාරූප
 අසංක ආටිගල    



අදහස් (0)

ඔත්තු බැලූ සේනා රැඳවූ කඳු

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 47 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 65 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 38 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 69 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


සංජය සහ අපූර්වා
2025 පෙබරවාරි මස 13 92 0

ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 158 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 310 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 147 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 989 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site