ගවේෂණ
ලොව වැඩිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්ම ප්‍රවාහනය සිදුකරන ලද රාජ්‍යයන් ගේ “ළඟම සහ හොඳම” තැන වශයෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. කෙටියෙන්ම කියතොත් එය තිප්පොළක් ලෙස සැලකිය හැකිය. දැන් දැන් මේ තිප්පොළ තුළ සිදුවන්නේ වෙනස් ම වූ ක්‍රියාවලියකි. මුලින් අප සිතුවේ ජාත්‍යන්තර මුහුදේ යන හෙරොයින් අපේ රටට ගෙනෙන ජාවාරම්කරුවන් ඒවා කලවම් කර නැවත වෙනත් රටවලට යවනවා ඇතැයි යන්නයි. එය එසේ වෙමින් තිබියදී අද වන විට මේ කියන මත්ද්‍රව්‍ය විසින් අප රටේ විශාල පිරිසක් ග්‍රහණයට නතු කරගනු ලැබ තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාත ආශ්‍රිතව මෙම මත්ද්‍රව්‍ය භාවිත වීම වැඩිවී ඇති බවට දැන් දැන් අසන්නට ලැබෙන පුවත්වලින් පැහැදිලි වන්නකි.
අද වන විට මත්ද්‍රව්‍යවලින් වැඩිපුරම කියැවෙන නම වන්නේ ‘හෙරොයින්”ය. වර්තමානයේ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් නොඇසෙන දිනයක් නොමැති තරම්ය. අප රටේ හොරොයින් නිෂ්පාදනය කරන්නේ නැත. ඒවා ගෙන්වන්නේ වෙනත් රටවලින් බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් දිනපතාම මේ තරම් හෙරොයින් ප්‍රමාණයක් පොලීසියට අහුවන්නේ කොහි සිට ගෙනෙන ලද ඒවැදැයි යන්න උභතෝකෝටික ගැටලුවකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කල ලොව අන් රටවලට සාපේක්ෂව ලංකාවේ නීතිය බලවත් ය. එවැනි බලවත් වූ නීතියක් අප රට තුළ නිවැරදිව ක්‍රියාත්මක වනවා දැයි යන්න ගැටලු සහගත තත්ත්වයක් වී තිබේ. මන්ද යත් නීතිය ක්‍රියාවේ යෙදවීමට සිටි නිලදරුවන් ම ජාවාරම්කරුවන් වී සිටීමය. වෙන් වෙන් වශයෙන් ගත් කල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යෙදවීමට සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලදරුවන් මේ ආකාරයෙන් හෙරොයින් ජාවාරම්කරුවන් වීම කෙතරම් අභ්‍යාගසම්පන්නද?
අප රටේ නීතියට අනුව, හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ප්‍රමාණයක් යම් අයකු තමන් සන්තකයේ තබාගෙන සිටීම මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙන බරපතළ ගනයේ වරදක් බවට පත්වී ඇත.
අද වන විට දිවයිනේ සතර දිග් භාගයෙන් ම ඇසෙන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබදවය. හෙරොයින් මාෆියාව සමග සහෝදර බැඳීමෙන් වෙළී සිටින්නේ පාතාලය සහ අවි ආයුධය.
“හෙරොයින්” යනු මොනවාද?...”
ඩයි ඇසිටයිල් මෝර්ෆීන් නමින් හැඳින්වෙන මෙය ප්‍රබල වේදනා නාශකයක් ලෙසට යොදාගෙන ඇතැයි ද තොරතුරු මගින් අනාවරණය වෙයි. තදබල ශරීර වේදනා සඳහා එකල වෛද්‍යවරු මෙය නිර්දේශ කර තිබිණි. එහෙත් මෙහි වේදනා නාශක ගුණය පරදවමින් අධි මාත්‍රාවලට අබ්බැහි වීම මිනිසුන් වෙතින් නිරායාසයෙන් ම සිදුවීම මත එය ලොව පුරා තහනම් මත්ද්‍රව්‍යයක් ලෙසින් නීතිගත වූ බවට තොරතුරු සඳහන් වන්නේ 1971 වර්ෂයෙන් පසුව ය.
කංසා හෙවත් ගංජා ශාක මගින් ලබා ගනී. ඒ සම්බන්ධයෙන් අප රටේ ජනතාව දැනුම්වත්ව සිටියත් හෙරොයින් යන්න අපේ ජනතාවට අලුත් දෙයකි. එයට හේතුව හෙරොයින් නිෂ්පාදනයට ගන්නා පොපි ශාකය අපේ රට තුළ වැවෙන්නේ නැති නිසාය. පොපි ශාකයේ මලෙන් ගන්නා ලද ක්ෂීරය ලබාගෙන එයින් “මෝර්ෆීන්” හදා ගන්නා අතර ඒවා විද්‍යාගාරයකදී රසායනික ප්‍රතික්‍රියාවකට ලක්කිරීමෙන් පසු “ඩයි ඇසිටයිල් මෝර්ෆීන්” එනම් හෙරොයින් ලබා ගැනෙයි. ඒ අනුව හෙරොයින් යනු අර්ධ කෘත්‍රිම ද්‍රව්‍යයක් ලෙසින් හැඳින්විය හැකිය. ඒ සඳහන් කෙරුණේ හෙරොයින් ගැනය. මේ කියන්නේ හෙරොයින් අල්ලා ගැනීමෙන් පසු ඒවාට සිදුවන්නේ කුමක්ද යන්නය.
මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන අංශයන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් සම්බන්ධයෙන් මුලින්ම සිදුවන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. ඉන් අනතුරුව එම හෙරොයින් හි ශුද්ධ බර සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඒවා යැවෙන්නේ අධිකරණ නියෝගයකට අනුව පොලිසිය භාරයේය. පොලීසිය භාරයේ එන මේ හෙරොයින්වල ශුද්ධ බර සොයා ගන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු විසිනි. පසුව එම නඩු භාණ්ඩ නැවතත් පොලීසිය භාරයේ අධිකරණය වෙත ද යොමුවන අතර විශාල ප්‍රමාණයේ හෙරොයින් තොග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රක්ෂිත නඩු භාණ්ඩ ගබඩාවේ රඳවා තැබෙයි.
හෙරොයින් ග්රූම් දෙකට වඩා අඩු හෙරොයින් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු භාණ්ඩ කාමරයන්හි තැබෙන අතර, නඩු විභාග අවසානයේදී එම නඩු භාණ්ඩයන් අදාළ මහේස්ත්‍රාත්වරයා විසින් විනාශ කර දමනු ලබන්නේය. හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී වතුරේ දියකර විනාශ කර දමන අතර ඇතැම් අවස්ථාවලදී පුලුස්සා දැමීම ද සිදුකෙරයි. එය සිදුවන්නේ හුදෙක්ම මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ වීම විශේෂිතය. ඇතැම් අවස්ථාවල ග්රූම් දෙකට වැඩි හෙරොයින් සිද්ධීන් මහේස්ත්‍රාත් අධිකරණවල මුල් අවස්ථාවේදී විභාග වීමෙන් පසු මහාධිකරණයට යොමු කරයි. එහිදී ද එම නඩු භාණ්ඩ මහාධිකරණ නඩු විභාග අවසන් වන තුරු තබන්නේ ද මහේස්ත්‍රාත් අධිකරණයයේ නඩු භාණ්ඩ කාමර තුළය.
මේ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතාගෙන් විමසීමක් කළෙමු.
“මෙරටට ගෙනෙන හෙරොයින්වල ශුද්ධ අගය සියයට සියයක් නැහැ. සාමාන්‍යයෙන් වීථියෙන් හමුවන හෙරොයින්වල සංයුක්තතාව එනම් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් ප්‍රතිශතය සියයට 2ත් 20ත් අතර තමයි තියෙන්නේ. ලංකාවට ගෙන්වන හෙරොයින්වල ඩයි ඇසිටයිල් මෝර්ෆීන් ප්‍රතිශතය වෙනස්. මිනිහෙක්ට බොන්න පුළුවන් ආකාරයට තමයි මේ හෙරොයින් වෙනත් ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කරලා දෙන්නේ. මේ මිශ්‍ර කරන්නේ මොනවාද කියලා අපි කියන්නේ නැහැ. අධිකරණ කටයුත්තට අවශ්‍ය වන ආකාරයට එම ද්‍රව්‍යයේ ඇති හෙරොයින් ප්‍රමාණය විතරයි අපි හොයන්නේ. අධිකරණ නියෝගයක් ප්‍රකාරව අපට භාරදෙන නඩු භාණ්ඩ අප විසින් භාර ගන්නේ මූලික පරීක්ෂණයකින් පසුවයි. බොහෝවිට අධිකරණවල නඩු වසර ගණන් කල් යා හැකියි. එවැනි නඩුවල නඩු භාණ්ඩ අපේ ආරක්ෂිත නඩු භාණ්ඩ කාමරයේ රඳවා තැබෙනවා.
සමහර අවස්ථාවල පොලීසි නඩු භාණ්ඩ රැගෙන නොයෑමෙන් ඒවා අපි භාරයේ ආරක්ෂිතව රඳවා තිබෙනවා.”
රජයේ රස පරීක්ෂක කාර්යාලයේ සුළු සේවකයන් දෙදෙනකු හෙරොයින් සමග අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම මත සමාජයේ ඇතිවී තිබුණේ නොසන්සුන්තාවකි. නීතිය රකින රාජ්‍ය ආයතනවල මේ සිදුවන්නේ කුමක්දැයි පොදු මහ ජනතාව විමතියෙන් යුතුව ප්‍රශ්න කරමින් සිටියහ.
“කොරෝනා වයිරසය ව්‍යාප්ත ව තිබූ සමයේ තමයි මේ සියල්ල සිදුවුණේ. රජය විසින්ම නීතියක් පනවනු ලැබුවා රාජකාරියට එන සේවක පිරිස් සීමා කරන ලෙස. අපේ රසායනාගාර විද්‍යාගාරය භාරව සිටින රස පරීක්ෂක නිලධාරීන් 12ක් පමණ සිටිනවා. විද්‍යාගාර සහායකයින්, කාර්යාල කාර්ය සහායකයින්, ලැබ් ඕඩලි එනම් විද්‍යාගාර භාණ්ඩ සෝධකයින් මේ කියන නිලධාරී මඩුල්ලට අයත්. මේ අය සියලු දෙනාම කොරෝනා කාලයේ අපි ගෙන්වූයේ නැහැ. මේ කියන දෙදෙනා අපේ වෙනත්ම ස්ථානයක සිටි දෙන්නෙක්. ඔවුන් සේවයට ඇවිත් වසර ගණනාවක් වුණත් විද්‍යාගාරයේ සේවයට ඇවිත් ඇත්තේ දින තුනයි. මේ දින තුළදී මෙය සිදුවී ඇති බවටයි කරුණු හෙළිවී තිබෙන්නේ. කල දුටු කල වළ ඉහගැනීමක් මොවුන් සිදුකර ඇත්තේ. කෙසේ වෙතත් නඩු භාණ්ඩ කාමරයේ යතුර රජයේ රස පරීක්ෂකවරයා භාරයේ තමයි තිබෙන්නේ. එයට ඇතුළු විය හැක්කේ එකවර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු වශයෙන්. එවැනි දැඩි ආරක්ෂිත පියවරයන් තමයි නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණේ. ඊට අමතරව සී සී ටී වී කැමරා පද්ධති සවි කරලා තිබෙනවා. මේ සිදුවීමෙන් පසු නඩු භාණ්ඩ ගබඩාවේ ආරක්ෂාව තර කරනු ලැබුවා. ආරක්ෂාව හොඳටම තිබ්බා. නමුත් එය වැඩිදුරටත් යෙදවීම තමයි දැන් අපි කළේ.” ජයමාන්න මහතා එසේ ද පිළිතුරු ලබා දුන්නේය.
එවන් වූ සිද්ධියක් සිදුවුවද එය රජයේ රස පරීක්ෂක කාර්යාලයට එයින් කිසිදු හානියක් සිදුව නොමැති බවත් රස පරීක්ෂක කාර්යාලයේ වෙනදාට වඩා වැඩි ආරක්ෂාවක් එම නඩු භාණ්ඩ ගබඩාවට ලබා දී ඇති බවත් ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂකවරයා සඳහන් කළේය. එසේම රස පරීක්ෂක කාර්යාලයේ ‘රක්ෂිත නඩු භාණ්ඩ ගබඩාවේ” ඉඩකඩ මදිවීම විශාල ගැටලුවක් ව පවතින බවද සඳහන් කළ රස පරීක්ෂකවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවූ බව කියන හෙරොයින් සිද්ධියට අදාළව නඩු භාණ්ඩ ගෙන ඒම ප්‍රමාද වූයේ ඉඩකඩ මදිකම හේතුවෙන් සහ කොරෝනා තත්ත්වය හේතුවෙන් බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් තවමත් වැටලීම්වලින් අල්ලන හෙරොයින් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදුන් පසු ඒවා සුරක්ෂිතව තැබෙන බව ද ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක ජයමාන්න මහතා වැඩිදුරටත් අප සමග පැවසීය.
කෙසේ වුවද, නීතිය ක්‍රියාත්මක කිරීමට සිටියවුන්ගෙන් ඇතැමෙක් නීතිය අවභාවිත කර නීතිය අතට ගැනීම හේතුවෙන් සමස්ත සමාජය තුළින්ම ඇතිවූයේ දැඩි විරෝධයකි. අදාළ ආයතන සම්බන්ධයෙන් කලකිරීමකි. නමුත් නීතිය නීතියේ වගකීම ඉටු කරද්දී අපි අපගේ වගකීම ඉටු කිරීමට වග බලා ගත යුතු වෙමු.
නිමන්ති රණසිංහ
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙ
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අල්ලන මත්කුඩු යළිත් හොර පාරෙන් විකුණනවාද?