ලෝකෙන් ටිකක්
කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. මෙය අත්හදා බැලීමේ පරීක්ෂණයක් විය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. මෙම කටයුත්තට දායක වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් කණ්ඩායමේ ලූකා පර්මිටානෝ සහ ක්‍රිස්ටිනා කොක් ය.
අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ලූකා පර්මිටානෝ ය. ක්‍රිස්ටිනා කොක් අපට අමුත්තියක් නොවෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් රැඳී සිටින කාන්තාව එසේත් නැතිනම් ගගනගාමිය වන්නේ ද ක්‍රිස්ටිනාය. එපමණක් නොවෙයි, කාන්තාවන් දෙදෙනකු පමණක් සහභාගී වූ පළමු ගගන සක්මනට එක් වුණු ගගනගාමිනියන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ද ක්‍රිස්ටිනා ය. එම ගගන සක්මනට එක්වුණු අනෙක් ගගනගාමිනිය ජෙසිකා මියර් ය.
ලූකා සහ ක්‍රිස්ටිනා විස්කෝතු සකස් කළේ, අභ්‍යවකාශ නැවැතුම්පොළට ලැබුණු අලුත් ආකාරයේ විශේෂිත උදුන භාවිතයට ගනිමිනි. තවමත් පර්ෙය්ෂණ මට්ටමේ ඇති මේ කුඩා උදුන, අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම සිදුවූයේ එලොන් මුස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ යානයෙනි. (එලොන් මුස්ක් යනු ඇමෙරිකන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. නව නිපැයුම්කරුවෙකි. මොහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිර්මාණය කරයි. ඒ නාසා ආයතනය සමඟ එක්වෙමිනි.)
අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවෙන්ම විශේෂිත මෙම උදුන භාවිතයෙන් විස්කෝතු නිපදවා ගැනීම අභියෝගයක් විය. වරකට එක් විස්කෝතුව බැගින් උදුනට දමා පුලුස්සා ගැනීම සිදුවිය. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ උෂ්ණත්වයට ගැළපෙන අයුරිනි. මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය. පස්වැනි විස්කෝතුව පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 163 ක උෂ්ණත්වයක් යටතේය.
පළමු විස්කෝතුව මිනිත්තු 25 ක් උදුනේ තැබුණත් එය නිසි ලෙස පිලිස්සී නොතිබුණු බව පැවැසෙයි. ඉන්පසු මිනිත්තු 27 ක්, 120 ක් සහ මිනිත්තු 130 ක් විස්කෝතු පිලිස්සීමට පියවර ගැනුණි. විස්කෝතු නියම ‘පදමට’ සකස් වූයේ මිනිත්තු 120 ට වඩා උදුනේ තැබූ විට බව තහවුරු විය. අවාසනාවකට නිර්මාණය කළ විස්කෝතු රස බැලීමට ගගනගාමීන්ට අවස්ථාවක් නොලැබුණි. හොඳින් පිළිස්සුණු අවසන් විස්කෝතු තුන, සීල් තබා, හොඳින් අසුරා පෘථිවියට එවීමට කටයුතු කෙරුණි. විස්කෝතු සැකැසීම සිදුවූයේ අත්හදා බැලීමේ පර්ෙය්ෂණයක් යටතේය. විස්කෝතුවල රස තීරණය කරන්නේත්, උදුනේ සාර්ථකත්වය තීරණය කරන්නේ පහළ පෘථිවියේ සිටින විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන්ය. විස්කෝතු පහළට එවීම සිදුවූයේ ද ‘ස්පේස් ඩ්‍රැගන්’ අභ්‍යවකාශ යානය යොදා ගනිමිනි.
ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන් විස්කෝතු හදලා
eresh S kumara Friday, 28 February 2020 07:05 AM
මාර කේස් එකක් නේ හදලා කන්න දෙන්නෙත් නෑ කියන්නේ