
කුරුලු මොළේ ගැන විස්මිත හෙළිදරවුවක් පසුගිය දා නවසීලන්තයෙන් අසන්න ලැබුණි. ඒ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්ෙය්ෂකයන් පිරිසක් සිදු කළ අපූරු නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම හෙළිදරව්වට පාදක වී ඇත්තේ නවසීලන්තයේ විලෝබෑන්ක් වනජීවි රක්ෂිතයේ සිටින බෲස් නම් ‘කේයා‘ගිරා වර්ගයේ ගිරවකුගේ හැසිරීමය.
මෙම ගිරවා ආබාධිතයෙකි. දඩයක්කාරයන් විසින් අටවන ලද උගුලක පැටලීමෙන්, ගිරවාගේ හොටේ උඩු පැත්තෙන් කොටසක් ඌට අහිමි වී තිබේ. තුවාල ලබා සිටි ගිරවා වනජීවී නිලධාරීන්ට හමුවූයේ 2013 දී නවසීලන්තයේ දකුණු දූපතේ ආතර් පාස් වනාන්තරයෙනි. ක්‍රයිස්ට්චර්ච් වනජීවී රෝහලේ දී ප්‍රතිකාර කර වනජීවී රක්ෂිතයේ කුරුල්ලන්ට වෙන් කළ විශාල කොටසට පසුව ඌ මුදා හැර හැරුණු අතර, අද ඌ එම කොටසේ ජීවත් වෙයි.

හොටේ ඇති අඩුපාඩුව මඟහරවා ගනිමින් ජීවිතය ගෙන යෑමට ගිරවා සාර්ථකව සමත් වී තිබේ. ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්ෙය්ෂකයන් නිරීක්ෂණය කරමින් සොයා ගත්තේ එයයි. හොටේ කොටස අඩු බැවින්, ඝන පොත්තක් සහිත ගෙඩි පෙතු හැර කෑමට නොහැකි යැයි වනජීවී නිලධාරීන් සිතූ බැවින් ඔවුන් ගිරවාට මෘදු පලතුරු කෑමට දී තිබේ.
කෙසේ නමුත්, ගිරවා, අනෙක් කුරුල්ලන්ට ලබාදෙන ඝන පොත්තක් ඇති පලතුරු කෑමට ගනී. ඒ, එම පලතුරු වෙනත් ඝන දෙයකට තද කරමින්, පොත්ත තෙරපා එය කඩා දමමිනි. ගිරවා උගේ පිහාටු පිරිමැද ඒවා පිරිසුදු කරන්නේ, බොරළු හා ගල් කැට ආධාර කර ගනිමිනි. ඒ අනුව පැහැදිලි වූයේ ගිරවා තම අඩුපාඩුව මඟ හරවා ගැනීමට මොළය පාවිච්චි කරමින්, විකල්ප ක්‍රම අනුගමනය කරන බවය. එය සැබැවින්ම විස්මිත ක්‍රියාවකි.
‘ඬේලිමේල්‘ ඇසුරිනි.
- ලුසිත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd