සිහිවටනයක පසුබිම් කතාව
‘ලිප්ටන් වටරවුමේ පොකුණක් මත කිරිගරුඬ ස්මාරකයකි. එම ස්මාරකය බැලු බැල්මට නගර සභාවේ මුදුනේ කොතට සමානය. ලක්ෂ ගාණක් දිනපතා ඔබ මොබ යන ඇස් වාට්ටුවේ කවුරුත් මේ කුමක්දැයි සිතුවාද?
හැත්තෑ වැනි නිදහස සැමරුවද කොළඹ සහ මහ නුවර මහ නගර සභා සංවත්සරයකදී වත් මේ ස්මාරකයට කරන උපහාරයක් නොදුටුවෙමි.
මේ ස්මාරකය ගොඩනගා ඇත්තේ ‘ජෝර්ජ් වෝල්’ නම් ඉංග්‍රීසි ජාතිකයා සිහිකිරීමටය. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලංකාවට නිදහස දිනා දීමට සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ආරම්භ කළ ජෝර්ජ් වෝල්ගේ මහනුවර නිවස අද සුප්‍රකට ස්විස් හෝටලයයි.
පසුගිය හතර වැනිදා මෙරට උත්සවශ්‍රීයෙන් සමරන ලද්දේ 70 වැනි නිදහස් දිනයයි. බොහෝ දෙනා ‘නිදහස’ යයි තලු මරමින් සැමරුවද සැමරිය යුතුම පුද්ගලයකුගේ ස්මාරකයක් නිදහස් චතුරස්‍රය කරා දිවයන පුද්ගලයන් දෙස බලා සිටියේ නිහඬවය.
නගර අලංකාරයට කොළඹ නගරයේ හන්දිවල විවිධ විසිතුරු ඉදිකිරීම් මෙරට ඉදිකළ යුගයක් විය. කලක් කොම්පඤ්ඤවීදිය හන්දියේ මැද වටරවුමේ හය දිසාවට මුහුණලා සිටුවා තිබුණේ සූරියකාන්ත මල් ගස්ය. කදිමට සූරියකාන්ත මල් පිපුණු විට මනස්කාන්ත දර්ශනයක් වූ නමුත් සූරියකාන්ත ගස් හයකින් නියෝජනය කළේ කුමක්දැයි බොහෝ දෙනා දැන සිටියේ නැත.
එමෙන්ම කලකට ඉහත ලේක්හවුසියත් හිල්ටන් හෝටලයත් අතර පාර මැද මනරම් දර්ශනීය නිර්මාණයක් ගොඩනඟා තිබුණේ නගර අලංකාරයටය. අද මෙවැනි අලංකාර නිර්මාණ බොහොමයක් ඉවත්කොට ඇත.
ඇතැම්හු මෙවැනි නගරාශ්‍රිතව ඇති ස්මාරකද අනවසර ඉදිකිරීම් ලෙස ඉවත් කරන්නට ගිය අවස්ථාද ඇත.
වරක් පුංචි බොරැල්ල වටරවුමේ මැද බෝ ගස අසල බුදු මැදුර බැකෝ යොදා කඩා දමා අලුතින් ගොඩ නැගිණි.
එමෙන්ම විවිධ මංසන්ධිවල ඇති ඉදිකිරීම් කඩා බිඳ හෙළුවත් ටවුන්හෝල් මංසන්ධියේ ඇති ස්මාරකයක් නම් කඩාදැමීමට කිසිවකු උත්සාහ කළේ නැත. කලක් එම ස්මාරකය බේරා ගත නොහැකි වූයේ පෝස්ටර් අලවන්නන්ගෙන්ය.
මෙහි වටිනාකම නොදත් අය එහි ලණු ගැටගසා කොඩි වැල් ගැටගැසූ අවස්ථාද කලකට ඉහත අපට දැකගත හැකි විය. අපි මේ කියන්නට යන්නේ ලිප්ටන් වටරවුම නමින් හැඳින්වෙන හන්දියේ ඇති ස්මාරකයක් ගැනය. නිතර දෙවේලේ ටවුන් හෝල් මංසන්ධිය පසුකරන කිසිවකු මේ කුමක්දැයි මොහොතකටවත් සිතුවා දැයි ප්‍රශ්නාර්ථයකි.
ලිප්ටන් වටරවුමේ කුඩා පොකුණකි. එහි වටේට වතුර ඉහළට විදින වතුර මලකි. මෙහි ඇති ස්මාරකය නගර සභාවේ කොතට ටිකක් සමානය. මෙය කිරිගරුඬ නිර්මාණයකි. එහි ළඟට මදක් කිට්ටු වූවිට එහි මෙවැනි ඉංග්‍රීසි අකුරු පේළි 3ක් ඔබට දැකගත හැකි වනු ඇත.
GEORG WALL
PHILANTHROPIST
1820 - 1894
යනුවෙන් එම්බොස් අකුරෙන් එහි සඳහන්ව ඇත.
මෙය ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් වෝල් සිහිවීම පිණිස ගොඩනැගුවක් බව පැහැදිලිය. ඇත්තටම ජෝර්ජ් වොල් යනු කවරෙක්දැයි වත්මන් පරපුර දන්නේ දැයි සැක සහිතය. කොළඹ නගර සභාවට ගිය ලියුම්කරු ජෝර්ජ් වෝල් සම්බන්ධ යම් තොරතුරක් ඇත්දැයි පිරික්සූ මුත් එවැනි කිසිදු ලේඛනයක් සොයාගත නොහැකි විය. එහෙත් කොළඹ මහනගර සභාව ලබාගැනීමට සටනක් ගෙය ගිය පුද්ගලයා ජෝර්ජ් වෝල් බව කිසිවකු දැන සිටියේ නැත.
ජෝර්ජ් වෝල් උපන්නේ 1820 දී එංගලන්තයේදීය. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ දීර්ඝ නැව් ගමනකින් පසු 1846දීය. එවකට ඔහු වයස 25 පසුකළා පමණි. වාෂ්ප බලයෙන් දිවෙන පාර තළන රෝලක් මුලින්ම ලංකාවට ගෙන ඒමේ ගෞරවය හිමිෙවන්නේ කොළඹ නගර සභාවටය.
මෙම ගල්රෝල කොළඹ වරායේ සිට ධාවනය වූ මංගල ගමන ගැන මේජර් රේවන්හාට් නම් ලේඛකයා කදිම සටහනක් තබා ඇත. සුදු ජාතිකයකු විසින් පැදවූ මෙය ‘ගල්කොච්චිය’ නමින් හඳුන්වා ඇත. කොළඹ නගර සභාව දිනාදීම ගැන මේජර් රේවන්හාට් මෙම ලිපියේ ජෝර්ජ් වෝල්ට තුති පුදමින් ඔහු ගැන කදිම සටහනක් තබා ඇත.
ජෝර්ජ් වෝල් තරුණයා මුලින්ම තෝරා ගත්තේ ලංකාවේ මහනුවර ප්‍රදේශයයි. ඔහුගේ මුල්ම රැකියාව සිලෝන් ප්ලාන්ටේෂන් නම් සුද්දන්ගේ කොම්පැනියේ ටී ටේස්ටර් තනතුරක් බව මේජර් රේවන්හාට් සඳහන් කළත් ජෝර්ජ් වෝල් එම ආයතනයේ පුහුණුවන කළමනාකරුවකු වූ බව ආනන්ද තිස්ස ද අල්විස් ඔහු ගැන තැබූ සඳහනක ඇත. දක්ෂ පුවත්පත් කතුවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් අසූව දශකයෙන් පසු ජෝර්ජ් වෝල් සම්බ්ධන්යෙන් ප්‍රවෘත්ති ඇමැතිවරයා වශයෙන් කළ කතාවක් එවකට ජාතික පුවත්පතක පළකොට තිබුණි.
කෙසේ නමුත් ජෝර්ජ් වෝල් වසර 05ක් යන්නටත් පෙර තම මුල් රැකියාවට ආයුබෝවන් කියා කොළඹට පලායන්නේ කුමන කාරණාවකටදැයි පැහැදිලි නැත. නමුත් ජෝර්ජ් වෝල් නාමය මහනුවර තුළ සදාතනිකව සිහිවන නාමයක් ව ඇත්තේ ඔහු විසූ නිවස නිසයි. අද ස්විස් හෝටලය නමින් හැඳින්වෙන්නේ ඔහු විසූ නිවසය.
සුද්දන් මෙරටට පැමිණ ආරම්භ කළ ව්‍යාපාර තවමත් අප මතකාවලියේ දක්නට ඇත. ජොර්ජ් වෝල් සහ සමාගම තවමත් ජනතාවගේ මතකයේ ඇති ව්‍යාපාරයෙකි. අප කියන්නට යන ජෝර්ජ් වෝල් මෙහි නිර්මාතෘවරයාය. ජෝර්ජ් වෝල් සමාගම ගැන දැන් අවසන් ලේඛනය සොයාගත හැක්කේ 1879දීය.
එම කොම්පැනිය එම වසරේදී ඈවර කළාදැයි එම ලේඛනවල පැහැදිලිව සඳහන් වී නැත. එහි එක් ලේඛනයක තම කොම්පැනිගේ නිර්මාතෘවරයා නියැළී සිටි ක්ෂේත්‍රයන් 8ක් ගැන සඳහන්ව ඇත. එම හැඳින්වීමේ ප්‍රධාන වශයෙන් පොයින්ට් 12 කළු අකුරෙන් (Bold Letters) දක්වා ඇත්තේ ජෝර්ජ් වෝල් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු බවය.
ජෝර්ජ් වෝල් නියැළී සිටි අනෙකුත් ක්ෂේත්‍ර අතර තාරකා විද්‍යාඥයකු උද්භිද විද්‍යාඥයකු පුවත්පත් කලාවේදියකු මුද්‍රණ උපදේශකයකු මානව හිමිකම් උපදේකයකුව සිටි බවද සඳහන්ය.
ෙජා්ර්ජ් වෝල් වැවිලි ලිපිකරුවකු මෙන්ම දානපතියකු වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවනු ඇත.
ජෝර්ජ් වෝල් ලංකා දේශපාලනය තුළ ගෙන ගිය ව්‍යාපාරය දෙස එංගලන්තයේ සුද්දන් සැලකුවේ ඔහු නොගැළපෙන රෝදයක් ෙලසය. ජෝර්ජ් වෝල්ගේ ක්‍රියාවලිය විග්‍රහ කළ හැක්කේ තමන්ගේ වරිගයේ ඔවුන් සමග සමානකොට ලාංකිකයන්ට අයිතිවාසිකම් ලබා දෙන්නකු ලෙසය.
ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව තුළ ජෝර්ජ් වෝල් යමක් ඇහේ පැළවෙන්නට කියවිය හැකි චතුර කථිකයෙකි. ඔහුගේ වාග් චාතුර්ය මුඩු බිම් පනතට, වී බද්දට එරෙහිව විදහාපෑවේ ස්වදේශකයින්ද අමන්දානන්දයට පත්කරවමිනි. ව්‍යවස්ථාදායකයේ ප්‍රථම ෙනානිල විපක්ෂ නායකයා ලෙස වැජඹුණත් සුද්දන් ජෝර්ජ් වෝල්ට සැලකුවේ හිසරදයක් ලෙසය.
නිදහස නම් පුවත්පත සෝමවීර චන්ද්‍රසිරි කවියා ආරම්භ කරන්නේ නවසිය හතළිහ දශකයේය. එහෙත් ජෝර්ජ් වෝල් ‘සිලෝන්’ එකට නිදහස ලබාදිය යුතු බවට සටන පටන් ගත්තේ එක්දහස් අටසිය ගණන්වල මැද හරියේ සිටය. ජෝර්ජ් වෝල් තම මතවාදය ගෙනයාමට තම කර්තෘත්වයෙන් ආරම්භ කළ පුවත්පත සිෙලා්න් ඉන්ඩිපෙන්ඩන්ට්ය. (Ceylon Independant)
ස්වදේශිකයන්ගේ විශේෂයෙන් ගොවීන්ගේ ප්‍රශ්න ගැන ජෝර්ජ් වෝල් සුද්දන්ගේ ඇස් අරවන්නට සමත් විය. සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් නම කියූ සැණින් එය ලංකාවේ ඉපැරණිම පුවත්පත යයි ඔබ වරදවා තේරුම් ගත යුතු නැත.
පසුගිය පෙබ. 4දා අප සැමරුවේ 70 වැනි නිදහස් දිනයයි. එහෙත් එම දිනය මෙරට පුවත්පත් නිදහස වෙනුවෙන්ද සැමරිය යුතු දිනයකි. ලංකාවේ මුල්ම ස්වාධීන පුවත්පත ලෙස ගැනෙන ද ඔබ්සවර් (The Observer and Commercial Advertiser) පුවත්පත් ආරම්භකොට ඇත්තේද පෙබරවාරි 4 වැනි දවසකය. ආසියාවේ පැරණිම පුවත්පතක් වන ද ඔබ්සවර් පුවත්පත ආරම්භ කොට ඇත්තේ මීට අවුරුදු 184කට පෙර 1834 පෙබරවාරි 04 වැනි දාය. එහි මුල්ම කතුවරයා වූයේ ජෝර්ජ් වින්ටර්ය. ජෝර්ජ් වෝල් ඔබ්සවර් පුවත්පතට ලිපි ලිව්වේ ස්පෙක්යුලම් (Specleum) යන නමිනි. එහෙත් ඉතිහාසය ජෝර්ජ් වෝල් නාමය තවමත් සුරැකිව තබා ඇත.
බද්දේගම වින්ටර් තොටුපළ අදත් එය ට සාක්ෂි දරයි. වින්ටර් නාමය සියවස් ගණනාවක් ගියත් නොනැසී පැවතීම ආශ්චර්යයක් නොවේද? කෝපි කාලයටත් පෙර ලංකාවේ උක් වගා කොට එංගලන්තයට උක් සීනි යැවූ පුද්ගලයා ජෝර්ජ් වින්ටර්ය.
දැන් නැවතත් ජෝජ් වෝල්ගේ පත්තර කලාව දෙස හැරී බලමු. වෝල්ගේ කගපතක් වන් පන්හිඳෙන් ඉංග්‍රීසි පන්තිය දැඩි ලෙස පහර කෑමට ලක් විය. ජෝර්ජ්ගේ ලිපිවලට පිළිතුරු දෙන්නට ඉංග්‍රීසි ආණ්ඩුවට නිල පුවත්පතක් තිබුණේ නැත. ඉංග්‍රීසි ආණ්ඩුව කළේ රහසිගතව කෙරුණු ගිණුමකින් මුදල් රැස්කරවා කැන්ඩි හෙරල්ඩ් (Kandy Herald) නම් පුවත්පතක් ආරම්භ කිරීමය. මෙම පුවත්පතේ කතුවරයා වූයේ කෙපල් ෙජා්න්ස් බව කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ගේ ලේඛනයක සඳහන්ව ඇත.
කැන්ඩි හෙරල්ඩ් පුවත්පතට ලිපි සපයා ගැනීමට විශේෂයෙන් ජෝර්ජ් වෝල්ගේ ලිපිවලට පිළිතුරු සැපයීමට තරම් ප්‍රබල ලේඛන ශෛලියක් හිමි ලේඛකයන් සොයා ගැනීමට ඉංගිරිසි ආණ්ඩුවට හැකි වූයේ නැත.
අන්තිමට ආණ්ඩුවට සොයා ගත හැකි වූයේ ඉංග්‍රීසියෙන් ලියන්නට දත් සිවිල් සේවකයින් පිරිසකි. ඔවුන් පතෝල් භාෂාවෙන් ලියූ එලොවටත් නැති මෙලොවටත් නැති ඊටත් වඩා කිසි වැදගැම්මකට නැති ලිපි පොදු ජනතාවට කියවීමට නිරස තත්ත්වයේ වූ නිසා වැඩි කල් නොගොස් පත්තරය කොට උඩ ගියේය.
එවකට තිබූ පුවත්පත්වල මතවාදය ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවාදී ජෝර්ජ් වෝල් මතයට විරුද්ධව යුද් ප්‍රකාශ කරන පුවත්පතක් රජයට නම්මවා ගත හැකි වූයේ නැත. ජෝර්ජ් වෝල් තම කස පහර වැනි ලේඛන ශෛලියෙන් කිසිවකුත් අවධානයට ලක් ෙනාවූ පීඩිත ගොවීන් වෙනුවෙන් හඬ නැගීම මෙහි අවසන් ප්‍රථිඵලය වූයේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව ස්වදේශිකයන් ජෝර්ජ් වෝල් වටා රැස්වීමය.
ඉංග්‍රීසි ආණ්ඩුවටත් ඔවුන්ට බැල මෙහෙවර කළ දේශීය ධනපති පන්තියටත් ජෝර්ජ් වෝල් වූ කලී තම නම රැගෙන හැදුණු උනහපුළුවකු බව එක් ඉංග්‍රීසි ජාතිකයකු ප්‍රසිද්ධියේම කියා තිබුණි. ජෝර්ජ් වෝල් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රය තුළින් නැගුවේ ස්වදේශීය ජනකොටස්වල හඬයි.
නිදහස යන වචනය ගැන සිතාවත් නොසිටි යුගයක ඔහු මෙරට ස්වදේශීය ජනතාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගැනීමට මග පෙන්වා දුන් ප්‍රථම විදේශිකයා බවට පත්විය. මෙනයින් බලන කළ අපේ රටට නිදහස දිනාගැනීමේ සටනේ පුරෝගාමියා ඉංග්‍රීසිකාරයකු බව අකමැත්නෙන් වුවද පිළිගැනීමට සිදුව ඇත.
ජෝර්ජ් වෝල් ගේ අභාවය 1894 දී වූ බව සඳහන් වුවත් Ceylon Indipendent නම් පුවත්පතේ ඊළඟ අනුප්‍රාප්තිකයන් ගැන නිශ්චිතව සඳහනක් නැත. එහෙත් ඇම්.ඩී. ගුණසේන සමාගම ආරම්භ කළ පත්තර කොමිපැනියේ ඉංග්‍රීසි නම වූයේ Indipendent News Papers (ස්වාධීන පුවත්පත් සමාගමය). එම පත්තර කොම්පැනියේ ඉරිදා පුවත්පත රිවිදින වූ අතර දිනපතා පුවත්පත දවස නම් වී. සතිඅන්ත ඉරිදා පුවත්පත වූ Weekend කර්තෘවරයා රෙක්ස් ද සිල්වා විය. දිනපතා Sun පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වූයේ මහින්ද රණවීරයි.
මහින්ද රණවීර විසින් ලියන ලද ඩී.බී. ධනපාල සමග නමැති කෘතියේ සඳහන් වන්නේ ගුණසේන සමාගම ව්‍යාපාර සමගම ගොඩනැගිල්ලද Indipendant සමාගමේ එවකට හිමිකරුවන්ගෙන් මිලදීගත් බවය. මේ ගැන සන් පුවත්පත් සංවත්සරයට ලියූ ලිපියක්ද ඔහු තම කෘතියේ හුවා දක්වා ඇත.
ජෝර්ජ් වෝල් 1880 දී ඉංග්‍රීසි ආණ්ඩු සමග ගැටුණු තවත් හේතුවක් වූයේ යටත් විජිත යුද වියදම් සියල්ල අදාළ යටත් විජිතය විසින් දැරිය යුතු බවද ඒ යුද වියදම් ඉංග්‍රීසි කිරීටයට බරක් නොවිය යුතු බවට කරන ලද ප්‍රකාශයයි.
ජෝර්ජ් වෝල් වී බද්ද ඉවත් කිරීමට සෘජුවම සටන් කළ පුද්ගලයෙකි. රජය ලෙස අධිකරණ බලයක් යොදාගනිමින් වසර ගණනාවක් අඛණ්ඩව ජනතාව සූරා කමින් බදු මුදල් එකතු කර ගැනීමටත් එම මුදල් පොදු ජනතාවට සුවසෙත පිණිස යොදා නොගැනීම ගැනත් ජෝර්ජ් වෝල් දැඩි ලෙස විරෝධය පෑවේය. ඉහළම ප්‍රතිශතයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ යටත් විජිත වලින් ආදායම් උපයා බ්‍රිතාන්‍යයට ගෙන ගොස් යුද්ධ වියදම් යටත් විජිත දැරිය යුතු බවට කරන ප්‍රකාශය ජෝර්ජ් වෝල්ගේ උපහාසයට හේතු විය.
ජෝර්ජ් වෝල් හා නිල නොලත් මන්ත්‍රීවරයකු වූ තොම්සන් ගැන පැහැදිලිව සඳහන්කොට ඇති කෘතියක් නම් අවර් ලෙජිස්ලේටර්ය. ලංකා බැංකුවේ සංවත්සරයකට එවකට ලංකා බැංකුවේ සේවය කළ ගාමිණී සමරසිංහ මහතා සටහනක් තබා ඇත. එහි සඳහන් වන්නේ 1851දී බංකොලොත් භාවයට පත්වූ ශ්‍රී ලංකාවේ මුල්ම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ (දැනට ඇති ලංකා බැංකුව නොවේ) නිර්මාණකරුවා වන්නේ නිල නොලත් මන්ත්‍රී තොම්සන් බවය. ඔහු ජෝර්ජ් ස්ටුවට් සමාගමේ අධ්‍යක්ෂවරයකු විය. මුල් ලංකා බැංකුවේ ආරම්භයට ජෝර්ජ් වෝල්ගේ වූ දායකත්වය ගැනද සඳහනක් ඇත.
පූර්ණ බ්‍රිතාන්‍ය බැංකුවක් වූ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබී ඇත්තේ ලන්ඩන් නගරයේය. එය ලංකාවේ පාලනය කොට ඇත්තේ අතිරේක දේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහාය.
බ්‍රිතාන්‍ය පාලන සමය මුල් යුගයේදී වාණිජ බැංකු ලංකාව තුළ දක්නට නොවීය. මුල්ම වාණිජ බැංකුව ලංකාවේ ආරම්භයත් ජෝර්ජ් වෝල්ගේ ලංකා ගමනත් සමගම සිදුවී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ඉතිහාසය තවත් හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ මේ යුගය වන විට ලංකාවේ බැංකුකරුවන් වූයේ නාටුකෝට්ටේ චෙට්ටියාර්වරුන් බවය. ජෝර්ජ් වෝල් ඇතුළු පිරිස ලංකාවට එන යුගයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ නාටුකෝට්ටේ චෙට්ටියාර්වරුන්ගේ වෙෙළඳාම දියුණුවෙන් දියුණුවට පත් විය. නමුත් අවාසනාවන්ත ලෙස කෝපි උවදුරත් සමගම මුල්ම වාණිජ බැංකුව වූ ලංකා බැංකුව සාමදානයේ සැතපුණි.
තවද හෙට්ටි නාමය දැනටත් ජනතා මතකයේ ඇත්තේ ගිනි පොලියට මුදල් ණයට දුන් වෙෙළඳුන් සමූහයක් හැඳින්වීමට යොදාගත් නාමයක් ලෙසය.
නමුත් බ්‍රිතාන්‍ය බැංකුවට අතරමැදියන් ලෙස චෙට්ටියාර්වරුන් අනුගමනය කළ ක්‍රියා කලාපය ජෝර්ජ් වෝල් සෘජුවම විවේචනය කළේය. ජෝර්ජ් වෝල් වැනි බ්‍රිතාන්‍ය ධනවතුන්ට හා ශ්‍රී ලංකාවේ ධනවත් බලවත් අය හැරෙන්නට බ්‍රිතාන්‍ය බැංකු හා ගනුදෙනු කරන්නට යටත් විජිත යුගයේ ජනතාවට හැකියාවක් ලැබුණේ නැහැ.
අවර් ලෙජිස්ලේටර් කෘතියේ සිංහල අනුවාදයේ සඳහන් වන්නේ ජන මන්ත්‍රීවරයකු සභාවට නොපැමිණීමට හේතු 2ක් තිබූ බවය. ඉන් ප්‍රධාන වූයේ රෝගී තත්ත්වයයි. අනෙක මන්ත්‍රීවරුන් ගමරට බලා යාම නොහොත් ඉංග්‍රීසි ජාතික මන්ත්‍රීන් මහා බ්‍රිතාන්‍යයට යාමය. ඔවුන් නිවාඩු ගත් මාස ගණනට වැඩ බලන මන්ත්‍රීවරයකු පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය. එකල මහා බ්‍රිතාන්‍ය නැව් මගින් යාමට ගතවී ඇති කාලය මාස 6කි.
සිලෝන් ලීග් නම් දේශපාලන සංවිධානයක් ගැන මෙරට දැන් ඉතිහාසයේ ලේඛනවල දැකගත හැකිය. මෙය ජෝර්ජ් වෝල් ඇතුළු විප්ලවකාරී මන්ත්‍රීවරු සිය මන්ත්‍රීධුර වලින් ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවාගත් සංවිධානයයි. මේ සිලෝන් ලීග් සංවිධානය මෙරටට නිදහස ගෙන ඒමේදී සිදුකළ කාර්ය භාරය සුළුකොට තැකිය හැකි නොවේ.
ව්‍යවස්ථා හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් ඉල්ලීමේ තිඹිරි ගෙය වූයේ මේ සිලෝන් ලීගයයි. මෙරටට නිදහස දිනාගැනීමට පිහිට වූ මෙම සංගමේ ජනප්‍රියතාව සලකා රටේ බුද්ධිමත් ප්‍රභූන් එහි සාමාජිකත්වය ලබාගත් බව පෙනී යන කරුණකි.
ෙමරටට නිදහස දිනා ගැනීමට සිලෝන් ලීග් නායකයා බ්‍රිතාන්‍ය කිරීටයේ නායකයන් සමග සාකච්ඡාවට ගොස් ඇත්තේ තම සංගමයේ අරමුදලෙන් නොව තම පෞද්ගලික ධනයෙනි. ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වැවිලිකරුවන් ඉංග්‍රීසි පත්‍රකලාවේදී සහ සිවිල් සේවකයෝ සිලෝන් ලීගය මෙරටට නිදහස ගෙන ඒමට පිහිටුවා ගත් නිසා කෙටි කලකින්ම එය වටා රොක් වූහ.
බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී වඩාත් නිදහස් පාලන ක්‍රමයක මුල් පියවර ලෙස සැලකිය හැකි මහනගර සභා පනත සම්මත විය. කොළඹ හා මහනුවර නගර සභා ආරම්භයට හේතු පාදක වූයේ මේ පනතය. එහෙත් ජනහිතකාමී පාලකයකු වූ ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරයාද මෙහිදී අප අමතක නොකළ යුතුය. ජෝර්ජ් වෝල් ගෙන ගිය මේ සටන අවසානයේ මල්පල ගැන්වූයේ 1865 අංක 17 දරන අාඥා පනත මගින් කොළඹ සහ මහනුවර මහනගර සභා ප්‍රතිශ්ථාපනය කිරීමෙනි.
මෙය මෙරට පාලන ක්‍රමයේ වැදගත් සන්ධිස්ථානයක්. මෙහිදී මහාණ්ඩුවේ ඇතැම් වගකීම් හා කාර්තව්‍යයන් ව්‍යවස්ථාපිත මහජන නියෝජිත මණ්ඩලයකට විමධ්‍යගත කළ ආසියාෙව් මුල්ම අවස්ථාව ලෙස මෙය ලෙස ඉතිහාසගත වී හමාරය.
ජෝර්ජ් වෝල් ඉල්ලා සිටි පරිදිම සංවිධානය කරන ලද මේ නගර සභාවල නාගරික සීමා 1865 නොවැම්බර් මස 25 වැනිදා දින දරන අාඥාවෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
කොළඹ නගර සභාවේ ප්‍රථම රැස්වීම පවත්වා ඇත්තේ 1866 ජනවාරි 16 වැනි දිනය. මුල්ම නගර සභාවේ සභාපති වූ පි.සී. ලෙයාර්ඩ්ස්, පුල්ලේනිස්පු, සැමුවෙල් ග්‍රේනියර්, ආදීන් ගැන නගර සභා සංවත්සර වලදී සඳහන් වුවත් ඊට මුල්වූ ජෝර්ජ් වෝල් ගැන නම් කිසිදු සඳහනක් නැත.
එහෙත් කොළඹ නගර සභාවට වසර 125ක් පිරුණු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස මහතා පැවැත්වූ කතාවක ජෝර්ජ් වෝල් නාමය ගැන සඳහන් කොට ඇත.
මුල් නගර සභාවේ මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද කොට්ඨාස නිර්මාණයක් ගැනීමට ජෝර්ජ් වෝල් දායක වී ඇති බවට සාක්ෂි ඇති බවද එහි සඳහන්ය. කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොටුව, ශාන්ත බස්තියම, පිටකොටුව, ශාන්ත පාවුළු කොටහේන, මරදාන හා නිව්බසාර් එම ඡන්ද කොට්ඨාසයි.
මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ මෙරට ලිඛිත ඉතිහාසය තුළ නිදහස දිනා ගැනීමේ සටනේදී අප ජෝර්ජ් වෝල් අමතක කළ බව නොවේද?
ඉංග්‍රීසිනට එරෙහිව සටන්වැදි ලංකාවට නිදහස දිනාගැනීමට සටන් කළ ජෝර්ජ් වෝල් නම් සුද්දා ගැන අප ස්මරණය කළේ කවර නම් නිදහස් දිනයකද?
මෙරට නිදහස් සටනට ජෝර්ජ් වෝල් වියදම් කළේ තම පෞද්ගලික ධනයයි. නිදහස දිනාගැනීමේ සටනට මුල් තැන දී තම ව්‍යාපාරික කටයුතුවලට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීම නිසා ඔහු ක්‍රමයෙන් දිළින්දකු බවට පත්විය.
ඔහුගේ ජෝර්ජ් වෝල් සමාගමද මෙරට තුළ බංකොලොත් භාවය ලැබූ බැවින් ඔහු තම මව් රටට ගියේ දිළින්දෙකු ලෙසය. පරදේශයකට තම උපන් රටෙන් නිදහස ලබාදෙන්නට තම සකල සේසතම වියදම් කළ ජෝර්ජ් වෝල් 1894දී මියගියේ එංගලන්තයේ අනාථ නිවාසයකය.
අද මේ ලිප්ටන් වටරවුමේ ඇති ස්මාරකය ගොඩනගන ලද්දේ ජෝර්ජ් වෝල් සිහිවීම පිණිසය. එය ගොඩනැගූ මෙරට කෘතවේදී ජනතාව ජෝර්ජ් වෝල් නම් නාමය මතු පරපුරටත් සුරැකීමේ අරමුණෙන් මෙම ස්මාරකය ගොඩනැගූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අදටත් ඔබ මේ ස්මාරකය පසුකර යනවිට මේ කුමක්දැයි කුහුලක් ඔබට ඇතිවිය හැකිය.
ඇතැම් විට වත්මන් පරපුර එම ස්මාරකය සිව් කොනේ නියොන් ලයිට් දමා කොම්පැනියක නාමයක් නිවී පත්තුවන අකුරු පේළියක් නිසා මෙය වෙෙළඳ සමාගමක ප්‍රචාරක අයිතමයක් යයි වරදවා තේරුම් ගැනීමට බැරි නැත.
එහෙත් ඔබ මේ ස්මාරකය පසුකරන විට මොහොතක් සිතන්න. මේ ස්මාරකය ගොඩනඟා ඇත්තේ ලංකාවට නිදහස දිනා ගැනීමට තම උපන් බිමේ වර්ගයා සමග සටන් වැදීමට තම සකල සේසතම වියදම් කොට දිළින්දකු ලෙස මියගිය ජෝර්ජ් වෝල් නාමයට කෘතවේදීත්වය පුද කිරීමට බව අමතක නොකළ යුතුය.
වජිර ලියනගේ
ඡයාරූප - ඇලෙක්සැන්ඩර් බාලසුරිය
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අපේ නිදහස වෙනුවෙන් සටන් කළ සුද්දෙකුට හැදූ ස්මාරකය