IMG-LOGO

අපි ඉන්න ක්ෂීරපථයේ හැපෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය

නව ලොව හා විදු ලොව

 

2012 දී නාසා ආයතනය කළ ගවේෂණයකදී ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය වසර බිලියන 4.5 කදී ක්ෂීර පථය හා ගැටෙන බව සොයාගෙන ඇත. එහෙත් වර්තමානයේදී ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තත්පරයට කිලෝමීටර් 300ක වේගයෙන් ක්ෂීර පථය වෙත ළඟාවෙමින් ක්ෂීර පථය හා ගැටීමේ ක්‍රියාවලිය වේගවත්වී ඇති බව සොයාගෙන ඇත. එයින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට බිහිසුණු සිද්ධියකට පත්වීමට ඉඩ ඇති බව විද්‍යාඥයින් පෙන්වාදී තිබේ.  

ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය Messier 31, M31 හා NGC 224 ලෙසද හඳුන්වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.537ක් දුරින් පිහිටා ඇත. නිසරු සර්පිලාකාර මන්දාකිණියක් ලෙස සලකන ඇන්ඩ්‍රොමීඩාවේ අරය ආලෝක වර්ෂ 110,000ක් වන අතර එහි ඇති තාරකා ප්‍රමාණය ට්‍රිලියන එකකි. ක්ෂීර පථයේ අරය අලෝක වර්ෂ 52,850 ක් වන අතර එහි ඇති තාරකා ප්‍රමාණය බිලියන 100-400 ත් අතර වේ. මන්දාකිණි ගැටුම ඉතා බියජනක සිද්ධියක් බව විද්‍යාඥයෝ සඳහන් කරති. ගැටුමෙන් නව තාරකා බිහිවන අතර ගුරුත්වාකර්ෂණ බලයද වෙනස්වී මන්දාකිණි නිර්මාණය වීමේ ව්‍යුහයද දැඩි වෙනසකට පත්වන බව පෙන්වා දී ඇත.  


ඇන්ඩ්‍රොමීඩා හා ක්ෂීර පථය ගැටීම පිළිබඳව වූ පර්යේෂණ පාදක කරගෙන ඇත්තේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අවට ඇති අවකාශය නිරීක්ෂණය කරන ‘‘ඇමිගා’’ ව්‍යාපෘතිය මගිනි. නාසා ආයතනය මෙම ව්‍යාපෘතිය හඳුන්වා ඇත්තේ ‘‘මන්දාකිණිය අවට ඇති ප්‍රභා මණ්ඩල (Halo) අධ්‍යයනය’’ යනුවෙනි. ‘‘ඇස්ට්‍රෝපිසිකල් ජර්නල්’’ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මන්දාකිණි ගැටීමේ ක්‍රියාවලිය ආරම්භවී ඇති බවත් ඒවායේ ප්‍රභා මණ්ඩල එකිනෙකට ළංවීමට පටන්ගෙන ඇති බවත්ය. මන්දාකිණියක ප්‍රභා මණ්ඩල විශාල වායු ස්ථරයකින් හා අභ්‍යාවකාශ දූවිලිවලින් නිර්මාණය වී තිබේ. මන්දාකිණියක සත්‍ය විශාලත්වය තීරණය වනුයේ ප්‍රභා මණ්ඩලය අනුවය. එහෙත් ඒවා ඉතා මලානික හා දුර්වර්ණ නිසා නිරීක්ෂණය කිරීම පහසු නොවේ. එහෙත් හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ඒවා නිවැරදිව සොයා ගැනීමට හැකිවී ඇත.  
ඇන්ඩ්‍රොමීඩා හා ක්ෂීර පථය එකට ගැටීමෙන් මන්දාකිණි මධ්‍යයේ සිට නව කක්ෂයක් බිහිවේ. 2012 ගවේෂණයට සහභාගි වූ විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ මන්දාකිණි ගැටුමෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය නව ප්‍රදේශයකට විසි​ෙවන බවය. එහෙත් අපගේ පෘථිවිය ඇතූළු සෞරග්‍රහ මණ්ඩලය විනාශවී යා​මේ අවදානමක් වර්තමානයේදී නැති බවද එම ක්‍රියාවලිය සිදුවීමට තවත් වසර බිලියන 2.5 ක් ගත​ෙවන බවද සඳහන් කර තිබේ. එතෙක් අපේ සෞරග්‍රහ මණ්ඩලය සුරැකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඉන්පසුව අපගේ පෘථිවියට මුහුණදීමට සිදුවනුයේ අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයකටය. නව සෞරග්‍රහ මණ්ඩල ක්‍රියා පිළිවෙලේ පිහිටීම අනුව අවට පිහිටි තාරකාවල දැඩි විකිරණවලට නිරාවරණය වීමෙන් සැප විහරණ නොලැබෙන දැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට පෘථිවියට සිදුවේ. අපගේ පෘථිවිය ගුරුත්වාකර්ෂණ උගුලකට හසුවීමෙන් කාලගුණ විපර්යාසයන්ට හා පෘථිවි ජීවිත දැඩි අවදානමකට ලක්වන බවද සඳහන් කර තිබේ.  


(තොරතුරු අන්තර්ජාලයෙනි)   

 

 

 

පී. ඩබ්ලිව්. ගුණතිලක  

 



අදහස් (0)

අපි ඉන්න ක්ෂීරපථයේ හැපෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1719 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 660 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site