IMG-LOGO

අඩ අඳුරේ සෙල් ෆෝන් භාවිතය විනාශයක්

ඉන්දියාවේ දොස්තරලා  කියන කතාවක් 

 

 ජංගම දුරකථනය, ටැබ් හා ලැප්ටොප් ඇතුළු පරිගණක නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් ය. නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික, ආර්ථික හා සමාජ ගැටලු ද බොහොමයක් ඇත. මේ සමාජ ගැටලු බොහොමයක්ම මතු වන්නේ තරුණ පිරිස අතරේ යැයි පැවසිය යුතුමය. ඊට හේතු වන්නේ මේ සියල්ලක්ම තරුණ පිරිස් භාවිතයට වැඩි නැඹුරුවක් වී ඇත්තේ රාත්‍රි කාලයේ නිදා ගන්නා කාලය තුළ දී යැයි සමාජ පර් යේෂණ කියා සිටිති.   

මේ ජංගම දුරකථන ඇතුළු උපාංගවලින් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුනුවලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික හා කායික ගැටලු ආදිය ඇති වන බව ලොව පුරා විවිධ සෞඛ්‍ය බලධාරීහු තහවුරු කර ගෙන සිටිති.   


විශේෂයෙන්ම මේ උපාංග රාත්‍රි කාලයේ අඩ අඳුරේ භාවිත කිරීම තුළින් විවිධ ගැටලු ඇති වන අතර, විශේෂයෙන් අන්ධකාර සහිත ස්ථානයක දී මේ උපාංග භාවිතයේ දී එම උපකරණවලින් පිටවෙන නිල් පැහැති අාලෝකය වඩාත් සුවබර නින්දකට පීඩා ඇති කරවන බව නොරහසකි. තවද විශේෂයෙන්ම අධික තරබාරුවීමේ අවදානම, හදවත් රෝග හා දියවැඩියාව වැනි රෝග ඇති වීමේ අවදානම දැඩිව පවතී.   


මේ සුවබර නින්දකට පීඩා කරන පොදු සතුරාගේ ප්‍රහාරයන් අවම කර ගැනීමට හැකිවන සරල ක්‍රමවේදයක් ගැන හෝමෝන පිළිබඳ යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු නෙදර්ලන්ත අධ්‍යයන වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා. එම නෙදර්ලන්ත පර් යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 25 දෙනෙකු තෝරා ඔවුන්ට තැඹිලි පැහැයෙන් වර්ණ (ටින්ටඩ්) කළ කණ්ණාඩියක් නින්දට පෙර පැලඳ රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමත්, එම කණ්ණාඩි පැලඳ පුරා සතියක් එම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොරව සිටීමෙන් මිනිස් සිරුරට සිදුවිය හානි අවම කර ගැනීමට හැකි බවය.   


මේ සරල ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළින් වඩාත් සුවබර නින්දක් සේම, හදවත් හා දියවැඩියා රෝග ලක්ෂණ ඉවත්ව යහපත් ශරීර සෞඛ්‍යයක් හිමි වන බව එම නෙදර්ලන්ත පර් යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.   


ඉන්දියාවේ “ද වීක්” සඟරාව ඇසුරෙනි....   


සටහන   
තිළිණි ද සිල්වා  

 



අදහස් (0)

අඩ අඳුරේ සෙල් ෆෝන් භාවිතය විනාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 148 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site