IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අක්ෂි දෝෂ හඳුනාගත් 12 හැවිරිදි දැරිය ඉෂානා

 

 

කොවිඩ් 19 වසංගතය හමුවේ සමාජයේ කටයුතු අඩපණ වෙද්දී, ඇ​ෙමරිකාවේ නැගී එන යොවුන් නිර්මාණකරුවන් තේරීමේ තරගය පැවැත් වූයේ අන්තර්ජාලය හරහාය. ගණිතය, ව්‍යවහාරික විද්‍යාව, තාක්ෂණය හා ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් දක්ෂයන් තේරීම තරගයේ අරමුණ විය. සුපුරුදු පරිදි තරගය සංවිධානය කළේ ‘සොසයිටි ෆෝ සයන්ස් ඇන්ඩ් පබ්ලික් බෝඩ්රම් මාස්ටර්ස් සංවිධානයයි.   


සම්මාන සඳහා මෙවර එක්සත් ජනපදය පුරා ජනපද 42කින් හා පුවර්ටෝ රිකෝ නගරයේ සිට ඊට ඉදිරිපත් කෙරුණු පොඩිත්තන්ගේ ව්‍යාපෘති 3,476කි. අවසානයේ එයින් හොඳම නිර්මාණ ඉදිරිපත් කළ 30 දෙනකු තෝරා ගැනීම සිදු විය. එයින් ද අවසන් වටයට තේරී, ප්‍රධාන සම්මානය දිනුවේ නිව්​ෙ‌යා්ක් නුවර ඉෂානා කුමාර් ය. ඇයට හිමි වුණු ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් 25,000 කි.   


ඉෂානාගේ නිර්මාණය සුවිශේෂී එකකි.   


ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් දැරියක වන 12 හැවිරිදි ඉෂානා කුමාර් තරගයට ඉදිරිපත් කර තිබුණේ සියලු‍ තරඟකාරීන් අභිබවා යා හැකි අමුතුම විදියේ නිර්මාණයකි. ඒ, දෘෂ්ටි මායාවක් යොදා ගෙන අපේ ඇස්වල පෙනීමේ ක්‍රියාවලියේ ඇති දෝෂ තත්ත්වයන් හඳුනා ගත හැකි නවතම උපකරණයකි. ඇය සිය නිර්මාණයට පාදක කර ගත්තේ බෙන්හැම්ගේ තැටියයි. මෙයින් යමෙකුගේ ඇස්වල ආබාධ තත්ත්වයක් ඇතැයි සොයා ගන්නේ එය කැරකීමේ දී මතුවන රතු, නිල් සහ කොළ ආලෝක දෙස බලා සිටින විටය.   
‘මගේ සිත හැමවිටම ඇදී ගියේ අපේ මේ සංකීර්ණ මොළයේ ක්‍රියාකාරිත්වය දෘෂ්ටි මායාවන් නිසා අවුල්වන ආකාරය ගැනයි. එහිදී මගේ අවධානය වැඩියෙන් යොමු වුණේ කළු සුදු වෘත්ත දෙකක් කරකැවීමෙන් අපේ සංකීර්ණ මොළය රැවටිය හැකිවීම ගැනයි. හිතුවේ නැහැ මට ජයග්‍රහණය කරන්න ලැබේවි කියා. ජයග්‍රාහකයා මම යැයි කියද්දී මම පුදුමයට පත් වුණා’ යැයි ඉෂානා කුමාර් පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි   
‘ඬේලිමේල්’ ඇසුරිනි   

 

- ලු‍සිත



අදහස් (0)

අක්ෂි දෝෂ හඳුනාගත් 12 හැවිරිදි දැරිය ඉෂානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site