අම්පාර වසන්ත චන්ද්‍රපාල
පොලිස් විශේෂ කාර්ය බලකායේ 34 වැනි රණවිරු සැමරැම් උත්සවය අම්පාර පොලිස් විශේෂ කාර්ය මුලස්ථානයේදි පවත්වනු ලැබිය .
නැගෙනහිර පලාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා විසින් මියගිය රණවිරුවන්ට අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පිහිටි රණවිරැ ස්මාරකයට මල්දම් තියා උපහාර දැක්වනු ලැබිය.
ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරමින් සිටියදී මියගිය රණවිරැවන් ගේ ඥතීන් පැමිණ මල්දම් තියා රණවිරු ස්මාරකයට උපහාර දක්වනු ලැබිය.
පසුව මියගිය නිලධාරින්ගේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව බෙදාදීම සහ රණවිරු පවුල්වලට උපහාර කිරිමද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා අතින් සිදුවිය.
අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, අම්පාර පොලිස් අධිකාරී සාමන්ත විජෙසේකර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නැගෙනහිර පලාතේ අණදෙන නිලධාරි පොලිස් අධිකාරී අතුල රත්නායක, අම්පාර සහකාර පොලිස් අධිකාරී දර්ශණ සමන් සුරියආරච්චි, සහකාර පොලිස් අධිකාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, වාස් පෙරේරා සහකාර පොලිස් අධිකාරී අම්පාර ඩී.එල්.ඒ.සුරිය බංඩාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
34 වැනි රණවිරු සැමරුම් උත්සවය අම්පාරේදී