(නාඋල - ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයේ රක්ෂිත ප්‍රදේශයක් වු ඇලගමුව ප්‍රදේශයේ දී කුඩා ළිඳකට වැටී සිටි මාස 5ක පමණ වන අලි පැටවෙකු ඊයේ (06) සවස් කාලයේ දී මුදාගත් බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.
දින තුනක් පමණ ළිදේ වැටි සිටි කුඩා අලිපැටවා ඉන් මුදවා ගැනීමට කෙනර උත්සාහ දරා ඇති බවත්, ප්‍රදේශයේ ගමන් ගත් ගැමීයෙකු විසින් වනජීවියට කල දැනුම්දීමකට අනුව අලි පැටවා මුදවා ගත්බව ඇලහැර වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා කියා සිටියේය.
ජලය පිරි ළිඳ පිහිටි අලගමුව ප්‍රදේශයේ ජීවත් වූ පිරිස් භාවිතයට ගත් එකක් බවත් මොරගහකන්ද ජලාශය හේතුවෙන් අවතැන් වූ ඇලගමුව ප්‍රදේශයෙන් පිරිස් වෙනත් ප්‍රදේශවල පදිංචියට යාමත් සමග ඇලගමුව ප්‍රදේශයේ වන අලි නිතර ගැවසෙන බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.
වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර අඩවි ආරක්ෂක කලාපයේ නිලධාරින් පස්දෙනෙක් මෙහෙයුම සඳහා සහභාගී වූ බවත්, අලි පැටවා ගොඩ ගැනීමෙන් අනතුරුව කෙනෙර විසින් කිරි ලබාදී පැටවා වනයට රැගෙන ගියබවත් රංජිත් කේ. විජිත මහතා කියාසිටියේය.


2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ළිඳට වැටුණු අලිපැටවා මුදාගනියි