( ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදු වෙරළෙහි තිබි ජීව අත් බෝම්බයක් අද ( 21 දා ) උදෑසන හමුවු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මුහුදු වෙරළට පැමිණි අයෙකු අද ( 21 ) උදේ වෙරලේ ඇවිදින අවස්ථාවේදී පොලීතින් උරයක් දැක සැක සිතී ඒ බව හලාවත පොලිසියට දන්වා තිබේ.
එය පරික්ෂා කළ අවස්ථාවේ දි එම උරය තුළ තිබි ජීව අත් බෝම්බයක් සොයා ගත් බව කියයි.
මෙම ජීව අත් බෝම්බය තිබි ඇති ස්ථානයට නුදුරින් නාවික හමුදා අනුඛණ්ඩයක් ද ස්ථාන ගත කර ඇත.කිසියම් අපරාධයකට භාවිත කිරිම පිණිස ගෙන යමින් සිටිය දි බිය වූ අයෙකු මෙම අත් බෝම්බය සහිත උරය වෙරළෙහි දමා යන්නට ඇති බවට ද සැකයක් පවති.
මෙම බෝම්බය පුත්තලම පොලිස් විශේෂ කාර්යංශ කදවුරේ බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරින් ගෙන්වා නිශ්ක්‍රිය කිරිමට පියවර ගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි