IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හලාවත මැරවල කළපුවේ මසුන් මිය යෑමේ අවදානමක්


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)                                                         
හලාවත මැරවල කලපුවෙහි ජීවත් වන ජලජ ජීවීන් විශල වශයෙන් මිය යන්නට පටන් ගෙන ඇති අතර   මේ වන විට කලපුවෙහි කොටු තුළ  ඇති කරනු ලබන මොදා මත්ස්‍යයන් ද සමිර්ණයෙන්ම මිය යාමෙන් තමන්ට රුපියල් කෝටි එකහමාරකට  ආසන්න පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව එම මත්ස්‍යය වගාකරුවෝ පවසති.

 වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ දිරි ගැන්වීම අනුව තමන් මෙම මත්ස්‍ය වගාව ආරම්භ කළ බවත් හලාවත මැරවල ගමිමානයේ පවුල් විස්සක් පමණ මේ  වන විට කලපුව තුළ කොටු සවි කර ඒ තූල මොදා මත්ස්‍යයන් වගා කර ඇති අතර ඊයේ ( 21 ) පස්වරුවෙහි සිට කලපුවෙහි මසුන් මිය ගොස් පාවෙමන් සිටින බව දැක තම කොටුවල සිටින මොදා මත්ස්‍යයන් පිළිබඳව පරීක්ෂා කර බැලූ විට එම මත්ස්‍යයන් ද මිය  යමින් සිටින බව   දැක ගත හැකි වු බවත් එම වගාකරුවෝ පෙන්වා දෙති.

මේ වන විට කලපුව තුළ දමා ඇති කොටු තුළ මොදා පැටවුන් 400 ක් පමණ තැන්පත් කරණු ලබන බවත් තමන් පසුගිය වසරේ නොවැමිබර් මස මෙම පැටවුන් කොටු තූළ තැන්පත් කළ අතර එම අස්වැන්න මේ වසරේ නොවැම්බර් මස නෙලා ගත යුතුව තිබු බවත් ධීවරයෝ පෙන්වා දෙති. එක් වගාකරුවෙකු රුපියල් දස ලක්ෂයක් මෙම මොදා මත්ස්‍යයන් වගා කිරිම පිණිස වැය කර ඇති බවත් කියති.

තම කොටු තුළ ඇති කරණු ලබන මොදා මත්සයයන් හැරුණ විට කලපුවේ  ජීවත් වන සියළුම ජලජ  ජීවින් මේ වන විට මිය ගොස් පාවෙමින් සිටිනු දැක ගත හැකි බවත් කියති.


කලපුවෙහි ජලයට කිසියම් විෂ වර්ගයක් ඇතුළු වීම නිසා මෙම හානිය සිදුව ඇති බවත් විශේෂයෙන්ම කලපු නිමිනයන්හි පවත්වා ගෙන යන ඉස්සන් කොටුවලින් කලපුවට නිදැල්ලේ මුදා හැරෙන ජලයෙහි ඇති කිසියම් විෂක් මගින් මෙම විනාශය සිදුව ඇති බව තමන්   විශ්වාස කරනු  ලබන බව  මොදා මත්ස්‍යයන් ඇති කරන ධීවරයින් පෙන්වා දෙති .


කිසියම් විෂ වීමක් නිසා කලපු ජලයට මඩ තත්ත්වයක් ඇතිවි ඇති අතර මිය ගොස් පාවෙමින් සිටින මත්ස්‍යයන්ගේ කරමලෙහි විශාල වශයෙන් මඩ තැන්පත් විම නිසා  ඒ මගින් සිදුවි ඇති ආසාධනයක් මගින් මසුන් මිය යන බව තමන් සැකකරන ලබන බවත් කියති .


කලපුවෙහි පාවෙමින් ඇති මිය ගිය මසුන් ආහාරයට ගැනීමට කොකුන් විශාල වශයෙන් රැස්ව සිටින බවත් දැක ගත හැකිවි ඇත.


 



අදහස් (0)

හලාවත මැරවල කළපුවේ මසුන් මිය යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 564 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site