ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම මතදී අද (31) අලුයම ලොරියක් අනතුරට පත්වීම නිසා දැඩි වාහන තදබදයක් ඇති විය.
හලාවත දෙස සිට පුත්තලම දෙසට අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරිය ලුණුඔය පාලමේ බැම්මේ ගැටී පසුව කැරකී ගොස් පාලමේ ආරක්ෂක වැට තුළ රැදී ඇත. ලොරියේ මුහුණත කොටස මාර්ගය දෙසට ද පිටුපස කොටස ඔය තුළද දක්නට ලැබුණි.
පාලමේ ආරක්ෂිත වැටේ රැදී තිබූ ලොරිය පිටතට ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදු විය.
මේ නිසා හලාවත - පුත්තලම මාර්ගයේ පැයකට වැඩි කාලයක් විටින් විට දැඩි වාහන තදබදයක් ඇති විය.
ලොරියේ රියදුරුට අනතුරින් සුළු තුවාල සිදුවී ඇති බවත් ලොරියට සහ පාලමේ ආරක්ෂිත වැටට දැඩි හානි සිදුවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd