(කේ. බුද්ධික කුමාරසිරි)
මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයකු විසින් පාදුක්ක මිල්ලෑව දම්මානන්ද පෙදසෙහි සුපිරි නිවසක් තුළ පවත්වාගෙන ගිය කූට ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න, විවාහ, මරණ සහතිකපත් තොගයක් සමඟ සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුරේ ස්ථානාධිපතිට ලැබුණු බුද්ධි තොරතුරක් මත විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.
එම නිවසෙහි තිබී සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න සහතික 25 ක්, ව්‍යාජ විවාහ සහතික 35 ක්, ව්‍යාජ මරණ සහතික 1 ක්, එම ව්‍යාජ සහතික සකස් කිරීමට අවශ්‍ය නිල මුද්‍රා 10 ක්, රජයේ ලියාපදිංචි කිරීමේ ආයතයකින් කිසියම් ආකාරයකින් ලබාගත් උප්පැන්න විවාහ මරණ ලියාපදිංචි කිරීමේ පිටපත් 39 ක් ද සොයා ගත් බවද එම නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද පෙදෙස පදිංචිව සිටි මුදල් කාර්යාල කාර්ය සහයකයකු වන 40 හැවිරිදි දෙදරු පියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ව්‍යාජ සහතික පත් නිල මුද්‍රා ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගහහේන පොලිසියට බාරදීමට කටයුතු කළ බවද එම කඳවුර පවසයි.
සැකකරු හෙට (4) හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට