(රවීන්‍ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වාරියපොල බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක් අද (20) හෙරොයින් මිලිග්‍රෑම් 4520ක් ළඟ තබාගෙන වැසිකිලියක රැඳීසිටි රැඳවියෙකු අල්ලාගත් බව වාරියපොල පොලිසිය කියයි.
මෙසේ හෙරොයින් ළඟ තබාගෙන සිටියේ ලිංගික අතවරයකට තැත්කිරීමක් හේතුවෙන් චෝදනා ලබා රිමාන්ඞ් බාරයේ සිටින අයෙකි. මෙම පුද්ගලයා හෙරොයින් පාවිච්චි කිරීම සඳහා වැසිකිලියට යන්නට ඇතැයි නිලධාරීහු සැකකරති.
වාරියපොල පොලිසිය අදාල පුද්ගලයා බන්ධනාගාර බාරයේ සිටියදීම නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මෙම පුද්ගලයා හෙට (21) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd