IMG-LOGO

හෙරොයින් පැකට් 24 ක් සමඟ අයෙක් අත්අඩංගුවට


 
අනීෂා මානගේ    

                                       
අම්බලන්තොට ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිතර වූ ජාවාරම්කරුවෙක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් දෙදහස් හැත්තෑවක් අඩංගු පැකට් 24ක්  සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 


ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණියේ යැයි කියන තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පවසති.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් සහ හෙරොයින් මත්කුඩු මිලදී ගැනීමට පැමිණියේ යැයි කියන අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි තිස්දෙකක් සහ තිස්හය හැවිරිදි අයවලුන් වේ.


ජංගම දුරකථන දෙකක්, රිදී මාල දෙකක්, රත්තරන් කරාබු දෙකක්, රිදි හා රත්තරන් මුදු දෙකක්, ව්‍යාජ හැදුනුම්පතක් සහ සැකකරුගේ හැදුනුම්පත පොලිස් බාරයට ගෙන තිබේ. 



අදහස් (0)

හෙරොයින් පැකට් 24 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site