(සමන් විජය බංඩාර)
වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් හෙම්මාතගම ගම්පොල මාර්ගයේ මාර්ගය දෙපස පස් කඳු කඩා වැටීමේ අවධානමකට ලක්ව තිබේ.
මීට සතියකට පමණ පෙර මෙම මාර්ගයේ තුනේ කණුව ප‍්‍රදේශයේ පස් කන්දක් වැටිමෙන් මාර්ගයේ රථ වාහාන ගමනාගමනය පැය 3 ක පමණ කාලයක් අවහිර වු අතර දින තුනක් පුරා එක දිගටම පවතින වැස්ස හේතුවෙන් දැනට සංවර්ධනය කටයුතු සිදු කරන හෙම්මාතගම ගම්පොල කඳුකර මාර්ගයේ පස් කදු කිහිපයක් මෙන්ම ගස් කොළන් කිහිපයක් මාර්ගයට කඩා වැටි තිබේ.
මාර්ගයේ ගමන් ගන්නන්ට අවධානයෙන් සිටින්නැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd