(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍ය සේවයේ නියැළී සිටින සියලු නිලධාරීන් අද(24) ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු අඩාලවී ඇතැයිද, මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇතැයිද රෝගීහු පවසති.
බාහිර රොගී අංශයේ ඖෂධ නිකුත් කිරීම, රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂාව, එක්ස් කිරණ පරීක්ෂාව ඇතුළු අතුරු වෛද්‍ය සේවාවට අයත් සියලු කාර්යන් නැවතී ඇතැයිද ඔවුහු කියති.
හම්බන්තොට නව මහ රෝහලේ අතුරු වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර තිබූ නේවාසිකාගාරය බලහත්කාරයෙන් හෙදහෙදියන් අයත්කරගැනීම සම්බන්ධයෙන්, පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළැයි විරෝධය පළකරමින් වැඩවර්ජනය සිදුකරන බව අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීහු පවසති.
හම්බන්තොට නව මහ රෝහල නිල වශයෙන් විවෘත කර මාස හතරක් පමණ ගත වුවත් හෙද හෙදියන්ගේ සහ අතුරු වෛද්‍ය සේවාවේ යෙදී සිටින නිලධාරීන්ගේ නේවාසික ගැටලු හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ගත නොහැකිවී ඇති අතර, වර්ජන හේතුවෙන් හම්බන්තොට පැරණි රෝහලට ද පැමිණෙන රෝගීන්ට සත්කාර නිසි ලෙස සිදු නොවන බවද ඔවුහු කියති.
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කියාසිටියේ අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන නිලධාරීන් හා රෝහලේ හෙද හෙදියන් අතර ඇතිව තිබෙන නේවාසික ප්‍රශ්නයට දෙපාර්ශවයේම නම්‍යශීලි භාවයක් නොමැති හෙයින් මෙම ප්‍රශ්නය විසඳීම අසිරු කරුණක් වී ඇති බවයි.
ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර තිබූ නේවාසිකාගාරයට හෙදහෙදියන් බලහත් කාරයෙන් ඇතුළු වී තවදුරටත් එහි සිටීම හා අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන අය සඳහා එම නේවාසිකාගාරය යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම කරුණු ඉදිරිපත් කළ බවද, ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින බවද වෛද්‍ය අධිකාරිවරයා කීය.
නව රෝහලේ වැඩ ආරම්භ කිරීමට වෛද්‍යවරුන් හා හෙදහෙදියන් කැමැත්ත පළ කර ඇති නමුත්, අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිස අකමැතිවීම ගැටලුවක් වී ඇති බව වෛද්‍ය අධිකාරීවරයා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට