
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද ආරම්භ වීමට සූදානම් වූ අවස්ථාවේ මීවිටිය ප්‍රදේශයේ පිරිසක් සභා ගර්භයට පැමිණ මාර්ගයක ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම හේතුවෙන් සභාව කල්තබා එම ගැටලුව විසඳීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ( පොදුජන පෙරමුණ ) පියවර ගත්තේය.
රැස්වීම ආරම්භයට මොහොතකට පෙර කාන්තාවන් ඇතුලු පිරිසක් සභා ගර්භයට පැමිණ මීවිටිය ප්‍රදේශයේ මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමෙන් පසුව මාර්ගය අතර කොටසක අනවසර නිවසක් සෑඳීමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සභාව දැනුවත් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මිනින්දෝරුවන් ලවා අදාළ බිම් කොටස් මැන ගැනීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා ඔවුනට දැනුම් දුන්නත් එම පිරිස සභා භූමියට වි ඔවුන් ගේ විරෝධය පළ කරන්ට වූහ.
ඔවුන් ප්‍රකාශ කළේ මෙම නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් සභාව නිසි පියවර ගෙන නැති බවය. මේ අතර සභාවේ කටයුතු ආරම්භ කෙරුණ ද ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රී කුමාර ගජනායක මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සභාව විනාඩි දහයකට කල් දමා ජනතා ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙසය.
අනතුරුව සභාපතිවරයා සභාව කල්තබා පිටත රැඳී සිටි ජනතාව හමුවීමට ගිය අතර සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ද ඒ අවස්ථාවට එක් වූහ.
සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සභාව අදාළ මාර්ගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව ලිපි ගොනු ඉදිරිපත් කරමින් ජනතාවට කරුණු දැක්වුහ. අදාළ මාර්ගයේ අයිතිය සම්බන්ධයෙන් මිනුම් කටයුතු කරන තුරු පියවර ගැනීමට හැකියාවක් නැති බව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ජනතාවට පැහැදිලි කර දීමෙන් පසුව මිනුම් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට තවත් ලිපියක් යැවීමට පියවර ගැනීමෙන් පසු ජනතා විරෝධය අවසන් විය.අනතුරුව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හදිසියේ ආ පිරිසක් නිසා මීරිගම ප්‍රා.සභාව කල් තියයි