(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී පාද මලුවේ සිට නල්ලතන්නිය දක්වා දින දෙකක් තුළ කළ ශ‍්‍රමදානයකදී නොදිරන කසළ පොලිසැක් මලු 110කට අධික ප‍්‍රමාණයක් එකතු කිරිමට හැකිවී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
එහිදි හිස් වතුර බෝතල් හා බීම බෝතල් 500 කට අධික ප‍්‍රමාණයක් එකතු කළ බවත් ඉන් පැහැදිලි වන්නේ තවදුරටත් වන්දනාකරුවන් ප්ලාස්ටික් පොලිතින් රැගෙන සිරිපාදය කරුණා කිරිම සිදුකරන බවත් යැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එකතු කරන ලද කසළ දළ වශයෙන් වෙන් කර ගත් විට සියයට 40 ක පමණ ප‍්‍රමාණයක් ටොෆි කොළ අන්තර්ගතව තිබූ බවත් ඊට අමතරව බිස්කට් හා ක්ෂණික ආහාර අසුරණ ඉතා විශාල ප‍්‍රමාණයක් මෙම කසළ තුළ තිබු බවත් පරිසර අධිකාරිය ස ඳහන් කරයි.
එමෙන්ම ශ‍්‍රී පාද ගමන්මග දෙපස පිහිටි බොහෝ වෙළඳසැල්වල පොලිතීන් හා ප්ලාස්ටික් ආවරණ සහිත පාරිභෝගික භාණ්ඩ අලෙවිය සඳහා තිබූ බව පැවසූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා මේ සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල් හිමියන් සමඟ සාකච්ජා කිරිමේ දී අනාවරණය වුයේ, ප්ලාස්ටික් පොලිතීන් භාවිතය හා ඒ ආශ‍්‍රිත නීතී පිළිබඳව ඔවුන් දැනුවත් නොවීම බව ද කියා සිටියේය.
එමෙන්ම ඒ වෙනුවට ස්වභාවික හෝ දිරාපත් වන ආදේශකයන් සඳහා ඔවුන්ගේ කැමැත්තක් ඇති බව ද කරුණු පැහැදිලි කර දීමේ දි අනාවරණය වූ බව පරිසර අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
798
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරිපා අඩවියෙන් නොදිරන කසළ පොලිසැක් මලු 110ක්