(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව සෝමාවතිය පුදබිමේ අසල තිබී අද (03) මිනිස් හිස් කබලක් සහිත පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් හමුවූ බව පුලස්තිපුර පොලිසිය කියයි.
එම අස්ථි කොටස් හමුවූ ස්ථානයට නුදුරුව තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇති ජාතික හැඳුනුම්පතක තොරතුරු වලට අනුව එය වැලිකන්ද නෙළුම්වැව, අලුත්වැව, අංක 173 ලිපිනය පදිංචි 53 හැවිරිදි කච්චි ආරච්චිගේ සුනිල් දයාරත්න යන අය බවට හඳුනාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd