IMG-LOGO

සමෘද්ධි සහනාධාරය ඉල්ලා මහඔය ගම්මු විදී බසිති

වසන්ත චන්ද්‍රපාල

සමෘද්ධි සහනාධාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා මහඔය ප්‍රදේශයේ  ජනතාව මහඔය නගරයේදි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

මහඔය ප්‍රාදේශීය සභාවට එක්වූ මෙම පිරිස මහඔය ප්‍රාදේශීය සභාවේ සිට මහඔය නගරය දක්වා පෙළපාළියකින් ගමන් කළහ.

පසුව මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් එහිදී විරෝධතාවයක් පැවැත්විණි. පසුව විරෝධතාකරුවෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයාට පෙත්සමක් බාරදුන්හ.

සමෘද්ධි නිලධාරීන්ගෙන් ගත් තොරතුරු පදනම් කරගෙන මෙම නාම ලේඛනය සකස් කළ අතර එය අනුමත කිරිමට යැවිමෙන් පසුව අනුමත වී පැමිණි නම් සඳහා සමෘද්ධිය ලබාදීමට කටයුතු කළ බව කීය.

මෙම නාම ලේඛණයේ ලකුණු 90 ක් ගත් පුද්ගලයාට සමෘද්ධිය නොලැබී ඇති අතර ලකුණු 50 ක් ගත් පුද්ගලයාට සමෘද්ධිය ලැබී ඇති බව මෙහිදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එය වැරැද්දක් බව පිළිගත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන ගුණසේන මහතා එය තමන් විසින් සිදු නොකළ අතර අනුමත කිරීමට යැවිමෙන් පසුව ලැබුණු නාම ලේඛනවලට සමෘද්ධිය ලබාදුන් බව සදහන් කළේය.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ, මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ගුණවර්ධන ඇතුළු පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

සමෘද්ධි සහනාධාරය ඉල්ලා මහඔය ගම්මු විදී බසිති

shan Wednesday, 12 June 2019 10:27 AM

ඔබතුමාලට පේනවා නේද ? කිසිම අබාදිත තත්වයක් නැති හොදට අත්පය ඇති මේ පුද්ගලයන් රජයෙන් පිනට කන්න පොර බදන හැටි ලෝකයේ රටේ ජනතාවට කිසිම හේතුවක් නොමැතිව ලෝක ණය ලබා ගනිමින් පිනට කන්න දෙන කාලකන්නිම රට ලෙස ලෝක ඉතිහාසයට එක වී හමාරය ඉතා කෙටි කාලයකින් අපේ රට සෝමලියාවක් වනු නියතය දරුවන් මෙලොව එලිය ලබන්නේද පිනට කන්න ලෙස සේම ඔවුන් මියැදෙන්නේද මතු පරපුර උපදිනේද මේ මානසිකත්වයෙනි ඉතින් අනාගතේ අන්‍යාගමික රටක් වනු නොහැකිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site