අනීෂා මානගේදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම විසින් විරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේ ඉදිකිරීම් නොසැළකිලිමත් අයුරින් සිදුකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (14) විරෝධතාවයක නිරත වුහ.
ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමේ රථවාහන දිනපතා බැදිගම සිට කසාගල දක්වා ඇති මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ ගමන්කළ නොහැකි තත්වයක් උදා වී ඇතැයි ගම්මු පවසති.
රාත්‍රී කාලයට පවා අධික ශබ්දයක් ඇතිවීම හේතුවෙන් නිවෙස්වල වාසය කිරීමට අපහසු තත්වයක් උදා වී ඔවුහු කියති.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ..වැඩ අවසන් වුනාට පසු .. මේ .. තද බදය අඩුවෙලා හෝ නැතිවෙලා යාවි නේද .. මොනවද මේ කඩාකප්පල් කාරී වැඩ .. පාරවල් හදන යාන..වාහන පාරවල්වල නොගිහින් , කොහෙන් යන්නද ..?
දකුණේ මිනිසුනේ පළාත සංවර්දනය වෙනකොට සතුටු වෙන්න