(නවරත්න සමරතුංග)
ඉඟිනියාගල පිහිටි සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද(23) අඩි 98 ඉක්මවා තිබූ බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
මෙම ජලාශයේ පිටාර මට්ටම අඩි 110කි. අක්කර අඩි ප්‍රමාණය 770,000කි. ඒ අනුව මේ වනවිට එහි අක්කර අඩි 566,800 ක් ජලය පිරී පවතින බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ. ලියනගේ මහතා පැවසීය.
අම්පාර ප්‍රදේශයට කඩින් කඩ මහවැසි පවතින අතර අලුයම් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇදහැලෙමින් පවතී. අම්පාර ප්‍රදේශයේ අනෙකුත් ප්‍රධාන වැව් වලද ජල මට්ටම ඉහළ ගොස් ඇත.
පල්ලන්ඔය ජලාශය අඩි 55ක් සහ අක්කරයකට අඩි 65850ක්ද, නාමල්ඔය ජලාශය අඩි 38ක් සහ අක්කර අඩි 41000ක්ද, අම්බලන්ඔය ජලාශය අඩි 23 දශම 05ක් සහ අක්කර අඩි 32150ක්ද, එක්ගල්ඔය ජලාශය අඩි33ක් සහ අක්කර අඩි 24000ක්ද, පන්නල්ගම ජලාශය අඩි 40යි අක්කර අඩි 26835ක්ද වශයෙන් ජලය පිරී ඇත.
හිම්දුරාව, වලගම, මලයාඩිය, අලහේන, කොන්ඩවටුවාන, ඇතුළු අනෙකුත් පෝෂක වැව්වලද ජලමට්ටම ඉහළ යමින් බවතී. වර්ෂාව හේතුවෙන් එදිනෙදා කුලීවැඩවල නිරතවන ජනතාවට තම රැකියාවලට යාමට පවා නොහැකිව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd