(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරයේ ශ්‍රී කාශ්‍යප දළදා පූජෝපහාර මහා පෙරහරෙහි මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීම හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ සුරතින් සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකුගේද සහභාගිත්වයෙන් ඊයේ (27) රාත්‍රියේ යෙදී තිබූ නැකතින් සිදුකරන ලදී.
අනතුරුව පෙරහැර බෙන්තොට රජ මාවත ඔස්සේ වීථි සංචාරය කළ අතර අද (28) අලුයම 5ට පමණ නැවත විහාර මළුව වෙත ගමන් කිරීමෙන් පෙරහැර අවසන් විය.
ගලපාත රජමහා විහාරයේ ඉපැරණි දාගැබෙහි තැන්පත් කර තිබෙන ශ්‍රී අනුබුදු කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර පිණිස කාශ්‍යප දළදා පූජෝපහාර සමිතිය වාර්ෂිකව මෙම පෙරහැර මහත් හරසරින් සංවිධානය කරයි. අලි ඇතුන් මෙන්ම උඩරට, පහත රට, සබරගමු නර්තන ඇතුළු ජාතික සංස්කෘතිකාංග රැසකින් සමන්විත මෙම පෙරහැර දැකබලා ගැනීමට විදෙස් සංචාරකයින් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී කාශ්‍යප දළදා පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමට ඩිල්ෂාන්
Dilscoop Saturday, 28 December 2019 10:21 AM
සාදූ සාදූ! පාර්ලිමේන්තු යන්න ලෑස්තියි වගේ. සුදුසුකම් තියෙනවා ඔක්කොම.