(නිමල් ජයරත්න)
ඒකාබද්ධ ගොවි ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(21) දහවල් වැලිකන්ද නගර මධ්‍යයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ ගොවි නියෝජිතයෝ සහ ගොවීහු 200කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
වී ව්‍යාපාරිකයන්ට ගොවීන් සූරා කෑමට ඉඩ නොතැබීම, වී කිලෝවක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරීම, එමසහතික මිල පෞද්ගලික අංශයට බලපාන අයුරින් නීතිගත කිරීමට පියවර ගැනීම සහ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉක්මන් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙය පැවැත්විණි.
පැය 3ක කාලයක් දක්වා පැවති මෙම උද්ඝෝෂණයට වැලිකන්ද පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd