IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

(චන්ද්‍රසේන ගමගේ)
 
හම්බන්තොට වෙහෙරගල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු 2ක් අද (29) සවස විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.ඒ.ඒ. ශිරන්ත මහතා පැවසීය.
 
ජලාශයේ වාන් දොරටු 2 ක් අඟල් 6 බැගින් විවෘත කරන බවත් ඒ මගින් තත්පරයට ජලය ඝණ මීටර් 1000 ක් පමණ මුදා හැරෙන් බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
 
ජලය මුදා හැරීමත් සමඟ මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් කතරගම හා සෙල්ල කතරගම ප්‍රදේශවල ජනයා විමසිල්ලෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
 
මේ වන විට ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 52000 ක් පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.



අදහස් (0)

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site