IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැස්ස නිසා මුලතිව් ගොවීන්ට ගැටලු රැසක්


                        
(රොමේෂ් මධුෂංඛ)

දැඩි පෑවිල්ල හමාර කරමින් මුලතිව් දිස්ත්‍රික්කයට පසුගිය දිනයන්හි ඇදහැලුණූ වර්ෂාව හේතුවෙන් මෙවර මහකන්නයේ වී අස්වැන්න නෙලීමට නොහැකි තත්වයකට බොහෝ ගොවීන් පිරිසක් මුහුණ පා ඇති බවට මුලතිව් ගොවීහු කියා සිටිති.

වර්ෂාව ඇදහැලීමත් සමඟ වී අස්වැන්න නෙලීමට ආසන්නව පැවති ගොයම්හි වී කරල්වල වී බිමට හැලී ඇති බවටත් එසේ හැලෙන වී නැවත පැලවීමේ අවධානමක්ද පවතින බවට මුලතිව් ගොවීහු කියා සිටියහ.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් අසීරුවෙන් හෝ වී නෙලා ගන්නා ගොවීන්ට වී ගබඩා කිරීමට පහසුකම් නොමැතිකම නිසාවෙන් වී විකිණිමට යාමේදී වී වල තෙතමනය තිබීම හේතුවෙන් මෝල් හිමියන් වී මිල අසාධාරණ අයුරින් අඩු කරන බවටත් ගොවීන්ට වී තොග නැවත රැගෙන ගොස් කල් තබා ගැනීමට නොහැකි නිසාවෙන් මෝල හිමියන් කියන මුදලකට වී අස්වැන්න විකිණීමට සිදුව ඇතැයි ද එම ගොවීයෝ පවසති.

මේ අතර වර්ෂාව හේතුවෙන් වී වල තෙතමනය වේලා ගැනීම සඳහා නිවාසවල හා ඉඩම්හි ඉඩකඩ නොතිබීම හේතුවෙන් මේදින වල මුලතිව් ප්‍රධාන මාර්ගයේ ගොවීහු රැසක් ඔවුන්ගේ වී අස්වැන්න වේලා ගැනීම සිදු කරන අතරම එහි මාර්ගයේ එක් මන්තීරුවක වී අසුරා තිබෙනු දැක ගත හැකිය.



අදහස් (0)

වැස්ස නිසා මුලතිව් ගොවීන්ට ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site