ප්‍රින්ස් රත්නායක
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ මතුගම, කන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිටි බී.රූපිකා චාන්දනී නැමැති අය සම්බන්ධයෙනි.
රූපිකා චාන්දනී මෙනෙවිය 2013 වසරේ ජනවාරි මස 16 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැත.
මෙම කාන්තාව පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
තොරතුරු අවශ්‍ය කාන්තාවගේ ඡායාරූපය පහතින්.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වසර 5කට පෙර අරාබියට ගිය කාන්තාව ගැන තොරතුරක් නැතිලු