IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘විශ්වාසභංගයේදී එජාපෙ බලය අපි පෙන්නුවා‘ - දිලිප් වෙදආරච්චි

(අනීෂා මානගේ)

‘විශ්වාසභංගයකට අපේ පක්ෂයේ නායකතුමා මුහුණ දුන්නා. විශාල ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්නුවා. අපේ පක්ෂයේ ගෞරවය අභිමානය රැකගත්තා. පොහොට්ටුවෙත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හොරුත් සමග හෙළුවෙන් හිටගත්ත කට්ටියගේ හැටි අපි දැනගත්තා. පක්ෂයක් නැති පක්ෂයකට නායකත්වය ලබා දීපු පොහොට්ටුව අසරණ තත්වයට පත්වෙන මොහොතක් උදා වෙලා.‘ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙආරච්චි මහතා පවසයි.

අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසූයේ අද  (06) තංගල්ල නගරසභාවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

‘යම් ඇමතිවරයෙක් ප්‍රකාශ  කරලා තියෙනවා  නගරසභාවේ බලය අපි රිමෝට් එකක් අනුව වැඩකටයුතු කරනවා කියලා. නගරසභාවේ වැඩකටයුතු කරද්දී දණගස්වනවා කියලා. ඒ ඇමතිවරයාට මේ නගරසභාවේ බලය නෙවී මේ මැතිවරණයේ එක කොට්ඨාසයක්වත් ජයග්‍රහණය කරන්න බැරි වුණා.

එතුමා උපන් ගම එතුමා ජීවත්වෙන ගම අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව එතුමාගේ කොට්ඨාශයවත් ජයග්‍රහණය කරන්න බැරි වුණා. මම එතුමට කියනවා මේ තංගල්ල නගරයේ අභිමානය අයිති අපිට. පක්ෂයේ අභිමානය රැකගන්න තංගල්ලේ ඔසවපු කොඩිය මුළු දිස්ත්‍රීක්කයේම ඔසවනවා කියන එක කියන්න ඕන. ඒ අයගේ නිරුවත පාර්ලිමේන්තුවේදී අපි ඊයේ හෙළි කළා. 



අදහස් (2)

‘විශ්වාසභංගයේදී එජාපෙ බලය අපි පෙන්නුවා‘ - දිලිප් වෙදආරච්චි

Bamunuarachchi Saturday, 07 April 2018 09:08 AM

මොන විකාරයක්ද ඔය කතා කොරන්නේ. බලය පෙන්න්නුවේ දෙමල පක්ෂයි මුස්ලිම් පක්ෂයි. ඒ ගොල්ලෝ පෙන්නුවා ඔවුනට ආණ්ඩු තියා ගන්නත් පුළුවන් ආණ්ඩු පෙරලන්නත් පුළුවන් කියලා ඒ එක්කම ඉල්ලීම් 10 කුත් දුන්න නේද ඇයි ඒ ගැන නෝ කතා. දෙමල පක්ෂයි මුස්ලිම් පක්ෂයි විශ්වාසභංගයේදී පක්ෂව දුන්නානම් අද කොහෙද ඔයාලා.

:       0       0

රාජුන්Monday, 09 April 2018 05:36 AM

හරියට හරි. අනිත් කරුණ තමයි තමන්ගේ බලය ගැන කයිවාරුගස ගසා, අටුවා ටීකා හොය හොයා, විරුදධ කාරයින්ට ගෙම්බර් දම දමා ඉන්නෙ නැතිව මහජනතාවට අවංකව සේවයක් කරන්න හිතා ගත්තොත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site