IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


වැව් වාන් දමා මදුරන්කුලියේ පාසලක් වසා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

මදුරන්කුලිය නගරයේ පිහිටි වැව් දෙකක් වාන් දැමීමත් සමඟ එයින් ගලා ආ ජලය හේතුවෙන් පාසලක් වසා දමා ඇති බවත් අනෙක් පාසලේ කටයුතු දැඩි අසීරුතාවයන් මැද පවත්වාගෙන යන බවත් විදුහල්පතිවරු පවසති.

මෙසේ වසා දමා ඇත්තේ මදුරන්කුලිය ශ්‍රීමා පුර අල් අෂ්රප් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය වන අතර අනෙක් පාසල වන මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලය ද සම්පුර්ණයෙන් ජලයෙන් යටවී තිබුණ ද දැනට පාසලේ රැදී සිටින සිසුන්ට බාධක මැද අධ්‍යාපන කටයුතු සිදුකරන බව විදුහල්පති සෙනරත් විරසිංහ මහතා පැවසීය.

මදුරන්කුලිය නගරය ආසන්නයේ පිහිටි ගැමුණු වැව  හා හම්බුවැව යන  වැව් 15 දින පැවති අධික වර්ෂාවත් සමඟ වාන් දැමීම සිදුව තිබිණි.

මෙම වැව් වලින් ගලා එන පිටර ජලය ගම්මාන කීපයක් පීඩා පත් කරමින් මෙම පාසල් වලටද ජලය ගලා එම නිසා පාසල්වල අධ්‍යාපන කටයුතු අඩාවී තිබෙන බව මව්පියන් පවසයි.

වැව් වලින් ගලා ආ පිටාර ජලය නිසා ශ්‍රී මාපුර ප්‍රාථමික විද්‍යාලය පවත්වාගෙන යා නොහැකි මට්ටමක පැවති අතර එම පාසලට 16 දින දරුවන් කිසිවකු පැමිණ නොසිටි බවද කියයි.

කෙසේ නමුත් මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයට සිසුන් පැමිණ තිබුණ ද පාසලේ කටයුතු පවත්වාගෙන යාමේ ගැටලු මතුව තිබෙනු දැකගත හැකි විය.

එසේම එම පාසලට පැමිණි දරුවන් විශාල පිරිසක් ආපසු නිවෙස් වෙත යාම ද දැක්නට ලැබිණි.

 



අදහස් (0)

වැව් වාන් දමා මදුරන්කුලියේ පාසලක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site